
Thursday, July 28, 2011
Wednesday, July 27, 2011
Tuesday, July 26, 2011
විශ්ව විද්‍යාල තුල අපි නොදකින බුද්ධි මංකොල්ලයක් තිබේද???

මෑතකදී කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය වරයෙන් වන (නම සඳහන් නොකරමි) නීතීඥ මහතෙකු විසින් අප වෙනුවෙන් පවත්වන ලද බුද්ධිමය දේපල පිළිබඳ දේශනයකදී දැනගත් කරුණු මත පදනම්ව මෙම ලිපිය ලියමි.. යම්කිසි වරදක් ඇතොත් කරුණාකර කොමෙන්ටු තීරුවේදී මා නිවැරදි කරන මෙන් ඉල්ලමි...
ප්‍රශ්නය නම්: විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකු විසින් කරන ලද පර්යේෂණ මගින් සොයාගන්නා නිෂ්පාදන වල පේටන්ට් අයිතිය කා සතුද?????
මහාචාර්ය වරයා කියන විදිහට නම් ඒවා අයිති වෙන්නෙ විශ්ව විද්‍යාලයට...
මේකෙන් වාසි අරගෙන පේටන්ට් අයිතිය ලබාගන්නෙ බොහෝවිට ආචාර්ය මණ්ඩලයයි...... මම පෞද්ගලිකව දන්න එහෙම සිද්දි කිහිපයක්ම වෙලා තියෙනවා. මෙතනදි කියන්න ඕනෙ, විශ්ව විද්‍යාල අවසන් වසර පර්යේශණය කියන්නෙ ශිෂ්‍යයෙක්ගෙ මුලු ජීවිතයටම බලපාන දෙයක්. බොහොම කැප කිරීම් කරලා ලබාගන්න දේ වටිනා කම භුක්ති විඳින්නෙ වෙන කෙනෙක් නම් එතන කිසිම සාධාරණයක් තියෙනවද?
මේ නීතියෙදි තියෙන තර්කය තමයි ළමයා පර්යේෂණය කරන්නේ විශ්ව විද්‍යාලයේ විද්‍යාගාර පහසුකම් සහ ඉන් ලබාගත් දැනුම යටතේ නිරීක්ෂකයන්ගේ නිරීක්ෂණය යටතේ නිසා කියන එකයි...
විශ්ව විද්‍යාලයෙන් ලබාගත් දැනුම කියන එකට මමත් සම්පූර්ණයෙන්ම එකඟයි. නමුත් ඉතුරු කොටස් දෙක විවාදකාරියි.. උදාහරණයක් විදිහට විද්‍යාගාර පහසුකම් සැලකුවොත්, පරිඝනක විද්‍යාව කරන ළමයෙක් පරිඝනක විද්‍යාගාරය භාවිතා කරලා පර්යේශණය කරන්නෙ බොහොම අඩුවෙන්.. පෞද්ගලික පරිඝනකය භාවිතයෙන්. ඒකට බොහෝ දුරට හේතු වෙන්නෙ විද්‍යාගාර වල සම්පත් අඩුකම. ඊලඟ කාරණය නිරීක්ෂක වරුන්.. සමහර නිරීක්ෂක වරුන් ඉන්නවා ඇත්තටම ළමයින්ට සෑහෙන උදවු කරනවා... ඒත් එහෙම නොකරන කෙනෙක් උනොත්...???
මේ මොන හේතු නිසා මේක සිද්ද උනත් අන්තිමේ මේකෙන් ලැබෙන ප්‍රතිඵලය අවාසි සහගත වෙන්නෙත් රටටමයි.. මොකද මේ හේතුව නිසා ළමයි පෙළඹෙන්නෙ නෑ විශ්ව විද්‍යාල අවසන් වසර පර්යේෂණයට නව නිපැයුමක් කරන්න.. මොකද ඉන් ලැබෙන ඵලය තමාට නොවන නිසා... මගේ කල්පනාව අනුව නම් ලංකාවේ නව නිපැයුම් (innovations) සිදුවන ප්‍රතිශතය අඩු වෙන්නටත් හේතුව මේක වෙන්න ඇති...
ප.ලි. මේ පිළිබඳව දැනුමැති අයගේ අදහස් මා බලාපොරොත්තු වෙමි...
Friday, July 22, 2011
මා ලොව හිරු සඳු...

යන එන මඟ දිගට තොරතුරු විමසන්නේ
මැණිකක් වගේ මා රක්ෂා කරමින්නේ
ඔබ ලබනා සතුට මා හොඳ හැටි දන්නේ
බත් පත අතට ගෙන මාගේ ගැන සොයන
කෑවේ මොනවාද රසගුණ දැයි අසන
කටහඬ වෙනසකින් අසනීපය හැඳින
ඉටු දෙවි රුවින් මා ආරක්ෂා කරන
හිරු සඳු එක නුබෙක පෑයූ ලෙසින්නේ
මාපිය ඔබ මගේ ලොව එලි කරන්නේ
ලඟ නැතියෙන් තනිය පාළුව දැනෙන්නේ
දෙනුවන් පියාගෙන ඔබෙ රුව දකින්නේ
Tuesday, July 12, 2011
ලංකාවේදිම "රාමේන්" කමුද????

"රාමේන්" කියන්නේ ජපන්කැමක්...කොරියාවෙත් කනවා... නූඩ්ල්ස් වලට කියන තවත් නමක් වගේ තමයි...
දන්නවනෙ ඉහ්ටින් පහුගිය දවස් වල අපේ බෝඩිමට korean පිස්සුවක් හැදිලා තිබුනා කියලා.. මේ රාමේන් හදන්න ඉගෙන ගත්තෙත් "prosecutor princess" කතාව බලලා තමයි... එහෙ තියෙන නූඩ්ල්ස් වෙනුවට මෙහෙ කොත්තු මී ගැලපෙනවා...
මේ කියන්නෙ එක්කෙනෙකුට ඇතිවෙන්න වට්ටෝරුව
අවශ්‍ය ද්‍රව්‍ය:
කොත්තු මී නූඩ්ල්ස් - පැකට් 1 (hot and spicy)
වතුර - අඬු කෝප්ප 2
ලීක්ස් - ඇදේට කපපු කඳ කොටස් කීපයක්
බී ළුනු - රවුමට කපපු කොටස් කීපයක්
බිත්තරයක්
ලුනු ස්වල්පයක්

සාදන ක්‍රමය:
ඉස්සෙල්ලාම වතුර භාජනයකට දාලා ලිපෙන් තියලා ඒක නටනකොට කොත්තු මී එකේ තියෙන කුඩු පැකට් එක කඩලා දාන්න. ඊට පස්සෙ නූඩ්ල්ස් ටික දාන්න. නූඩ්ල්ස් බාගෙට තැම්බීගෙන එනකොට ලීක්ස් සහ ළුනු දාලා භාජනය පියනකින් වහලා තියන්න. විනාඩියක් විතර යනකොට භාජනය ඇරලා බලන්න. නූඩ්ල්ස් සහ ලීක්ස් දෙකම් තැම්බිලා නම් කොත්තු මී එකේ තෙල් පැකට් එක දාන්න. ඊට පස්සෙ බිත්තරෙත් කඩලා ඊට උඩින් දාලා බිත්තරේට ලුනු ටිකක් දාන්න.
දැන් වතුර ගතිය හිඳිලා ගියාට පස්සෙ ලිපෙන් බාගන්න.....
ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.................
සැ.යු. වතුර වැඩි කරගන්න එපා... හිඳෙනකන් බාන්නත් එපා...(රාමේන් කන්නෙ වතුර ගතිය තියෙන්න උනාට කොත්තුමී එහෙම හැදුවාම දිය රහයි).. බිත්තරේ දැම්මට පස්සෙ හැඳිගාන්නත් එපා....
හදලා බලලා රහ කියන්නකෝ.....
Saturday, July 9, 2011
තාරා (the ගෙඹි මරුවා...)

ඊඊඊඊයා.......................... මුලින්ම ඊයා කිව්වාම ආයෙ කියන්න ඕනෙ නෑනෙ...
ඔන්න කලින්ම කිව්වා... කෑම කන ගමන් එහෙම මේක කියවන්න එපා... හීරිකිත වැඩි වෙලා වමනෙ යනවා වගේ නම් මේක කියවන්න එපා...
මතක් වෙනකොටත් මට නිකන් වමනෙට එනව වගේ...
මේක ඇවිල්ලා සිය අතින්ම මඩ නාගන්නවා වගේ වැඩක්.. ඒ නිසා මේක මගේ වචන වලින් නැතුව අපි චතුවගෙ වචන වලින් අහමු.
"
ඔන්න එක දවසක් සෝමක්කගෙ කැම් එකෙන් කට්ටිය පොටෝ ගහන්න ගත්තා. ටුක්කා තමයි කැමරාමන් (වැරදුනා වුමන්) (ටුක්කා මූනෙ මොකක්ද රෑට ගාන තෙලක් ගාල හිටපු නිසා ඌ පොටෝ වල නෑ. ඒ නිසා නිතරඟයෙන් කැමරාවුමන් උනා).
ඉතින් ඔන්න පොටෝ අරන් ඉවර වෙලා සෝමක්කා ලැප් එක එහෙම ඔන් කරලා තියෙද්දි පොටෝ ටික බලන්න කට්ටිය සෙට් උනා. කට්ටියම මෙලෝ සිහියක් නැතුව කිචි බිචි ගගා පොටෝ ටික බැලුවා. ඔන්න ඔහොම බල බල ඉන්නකොට බට්ටිගෙ ටිකිරි මොලේට අදහසක් ආව ඔය ටික දාලා වීඩියෝ එකක් හදමූ කියලා. ඔන්න එතකොට තමයි තාරා කතාවට එන්ටර් වෙන්නෙ.
තාරා ඉඳගෙන හිටපු පුටුවෙන් නැගිටලා වැඩකරු වගේ ගියා එයාගෙ ලැප් එක ගේන්න. ඔන්න ඉතින් තාරා ලැප් එක අරන් ඇවිත් මේසෙ උඩින් තියලා මෙන්න මෙහෙම කියනවා... "බලන්න කවුද මන්දා බූරුවෙක් මන් හිටපු පුටුවෙ * දාලනෙ, මගෙ ඇඳුමෙත් එක්ක!!!!!!!!" ඔන්න දැන් කට්ටියම එකපාරටම පුටුව දිහා බැලුවා.....
මල කෙලියයි.......................................
තඩි ගෙම්බෙක්... දෙවියනේ අර බට්ටිගෙ ගෙඹි පරපුරෙන් පැවතගෙන එන මහ දඩාර ගෙඹි රාජයෙක්... තාරගෙ සද්දන්ත පස්සට යටවෙලා අවසන් ගමන් ගිහින්... එදා තමයි අපි දැක්කේ ඇත්තටම කොහොමද ගෙම්බෙක් ස්ටිකර් වෙන්නෙ කියලා..

ඒක නෙමෙයි හොඳම වැඩේ, ටුක්කා ඇඳ උඩට වෙලා හිනාවෙනවා.... සෝමක්කයි පේමක්කයි පේමක්කගෙ ඇඳ උඩ. උන් දෙන්නා අත් දෙක අල්ලනවා, අතාරිනවා, හිනාවෙනවා(හරියට පිස්සු තදවෙච්චි පිස්සො දෙන්නෙක් වගේ).. මම හිටපු පුටුව උඩම නැගලා බඩ අල්ලගෙන හිනාවෙනවා.. බට්ටියා වෙච්ච දේ හිතාගන්න බැරුව ඔලුවට අත් දෙක ගහගෙන බලාගත්තු අතේ බලාගෙන ඉන්නවා... මොකද ඌ නෙ ගෙඹි පරපුරේ හිමිකාරයා.
අනේ අසරණ තාරා ඌට කිසිම හව් හරණක් නෑ.. තනියම අඬනවා... විනාඩි 10 ක් විතර ගියාට පස්සෙ තමයි කට්ටියට තාරව මතක් උනේ. ඔන්න ඉතින් එතකොට කට්ටියම ඇවිත් තාරව වට කරගත්තා.. බට්ටියා ගෙම්බගෙ මෘත ශරීරය එක්ක පුටුවත් එලියට විසිකලා. තාරා දුවලා ගියා ආපහු දෙවනි පාරටත් නාගන්න... ඔන්න ඔහොමයි අපේ තාරා ගෙඹි මරුවෙක් බවට පත් උනේ..........
අනේ පව්......(ගෙම්බද???? ගෙඹි මරුවද???? ඔයාලම හිතාගන්න...)"
Thursday, July 7, 2011
ඉරිසියාව.....................

උඹ...........
උඹ මට වඩා ගොඩක් ලස්සන උනු නිසා වත්...
මට වඩා උඹ හොඳට පාඩම් කරපු නිසා වත්...
මට වඩා උඹේ අකුරු ලස්සන නිසා වත්...
මට වඩා උඹ පිලිවෙලට වැඩ කරපු නිසා වත්...
මම...............
උඹ ගෙදර ඉද්දි මම කැම්පස් ගිය නිසා වත්...
උඹට වඩා හොඳින් මම පාස් උන නිසා වත්...
උඹට කලින් මම ආදරේ කරපු නිසා වත්...
මම කොළඹ වෙලා උඹ නුවර-එළියෙ උනු නිසා වත්...
අපි................
මාරු කරගෙන ගනන් හදාගෙන පන්ති ගිය අපි...
ජෑම් ගාපු බනිස් එකහමාර බෙදාගෙන කාපු අපි...
කාබන් කොල තියල නෝට් ලියපු අපි...
සෙරෙප්පු කැඩෙනකම් ෂොපින් ගිය අපි...
උඹ මට වත්............... මම උඹට වත්......................
කවදාවත් ඉරිසියා කරේ නෑ..............
අද....................................................................
උඹ නැති පාළුව මට ගොඩක් දැනෙනවා...
Subscribe to:
Posts (Atom)