අපේ බෝඩිමේ ඉන්නවනේ සත්තු 4 දෙනෙක්. ඒ කිව්වේ සත්ව විද්‍යාව කරන 4 දෙනෙක්. ඒ එක්කෙනෙකුගේ නිර්මාණාත්මක අදහස් තමයි මේවා(නම හෙලි කිරීම මට මාරාන්තික වෙන්න පුලුවන් ) . ප්‍රශ්නෙට තියෙන්නෙ මෙයාට මෙච්චර නිර්මණාත්මක කුසලතා තියෙන්නෙ උත්තර ලියනකොට විතරක් වීමයි..
උත්තරයි ප්‍රශ්නයි ටික මට කට්ටිය කියපු විදිහට සිංහලෙන්ම ලියන්නම්...
01. කිඹුල් පාලනය (crocadile farming ) කිරීමට වාසි සහගත වන කරුණු ලියන්න.
-කිඹුලන්ට කිරි වලින් පෝෂණය වන අවධියක් (lactation period) නෑ. ඒ නිසා ඒ කාලය වෙනුවෙන් සේවකයො යොදවන්න ඕනෙ නෑ.(මේ paper එක බලලා ඇවිත් එයාලගෙ සර් කිව්වලු " ඇයි කිඹුලන්ව ඉස්කෝලෙ යවන්න ඕනෙත් නෑනෙ. එතකොටත් ශ්‍රමය ඉතුරුයිනේ" කියලා )
02. integrated farming (හරිම සිංහල නම නම් දන්නෙ නෑ) කරනකොට, පොල් ත්‍රිකෝණයේ ගව පාලනය කිරිමේදී ඇතිවන ගැටළු ලියන්න.
-පොල් වතු වල අන්නාසි වගා කරනවා. අන්නාසි පඳුරු අස්සේ සර්පයෝ ඉන්නවා, එතකොට සර්පයෝ ගවයන්ට දෂ්ට කරලා ගවයෝ මැරෙන නිසා පොල් වතු වල ගව පාලනය කරන්න බෑ.-පොල් වතු වල පොල් ගස් යටින් ගවයෝ යනකොට වේලිච්ච පොල් ගෙඩි ගවයන්ගේ පිට උඩට වැටිලා කොඳු කැඩෙනවා. එතකොට ගවයන්ට හානි වෙන නිසා පොල් වතු වල ගව පාලනය කරන්න බෑ.
(ප. ලි. මේ පෝස්ට් එක බැරිවෙලා හරි බෝඩිමේ කවුරු හරි දැක්කොත් බෝඩිමේ යුධ රහස් පිටතට දීමේ වරදට මාව බෝඩිමෙන් නෙරපනවා.. එහෙමයි කියලා මේවා නොකියා ඉන්නත් පුලුවන්ද... හි හි...")