topbella

Friday, December 31, 2010

සුභ අලුත් අවුරුද්දක් වේවා...................



මේ අන්තර්ජාල අවකාශයේ..
බ්ලොග් ලියන
කියවන
හැමෝටමත්
ඔවුන්ගේ පවුල් වල හැමෝටමත්
ලබන්නා වූ 2011 වසර

සාමය සතුට පිරි
පැතුම් සියල්ල ඉටුවන
සුභම සුභ නව වසරක් වේවා...............




Thursday, December 30, 2010

කම්මැලිකම..............

එකම එක ක්ෂණයකින්
නොපෙනී යන බව දැන
දේදුන්නට ආදරේ කරපු
සමනළයෙකුට හිතුනද

දුර ඉඳන් පිපී හිනැහෙන
රොන් ගන්න බැරි උනත්
මල් සුවඳ විඳ සැනැහෙන
බඹරෙකුට හිතුනද

මහ පොලව උඩ ඉඳන්
හිරු කුමරුට ආදරේ කරන
සූරියකාන්න්ත මලකට හිතුනද
ආදරේ කම්මැලියි කියලා...........





Saturday, December 18, 2010

බ්ලොග් කරුවන්ගේ සුහද හමුවට සුභපැතුම්...



හෙට ඒ කියන්නෙ 2010.12.19 තියෙන sinhala bloggers union සුහද හමුවට මගේ උනුසුම් සුභපතුම්... මටයි කැළණිතිස්ස අයියටයි පැන්ඩටයි කේශාන්ටයි එන්න වෙන්නෙ නෑ. ගොඩාක් දුකින් උනත් කියන්න්න වෙනවා... lectures, assignments අස්සෙ අපි හිරවෙලා... ඊලඟ අවුරුද්දෙ වත් එන්න පුලුවන් තරම් උත්සාහ කරනවා... හොඳින් වැඩේ කරගෙන යන්න සුභ පතනවා. හැමෝටම බුදු සරණයි..

Friday, December 17, 2010

cryptography

whole world is encrypted
not ceaser, its cleopatra
Oh my darling cleo...
give me the key
u delivered the key
in the lecture

but...
Oh my God...
it is 'OBVIOUSLY'
key is encrypted...
only one week left
another year
will spend to find

yureka...

i found & decrypted
yes... got plain text
it is in the notice board
that is
"C"
the final 'SOMETHING' is
"Oh my GPA..."

(පස)මිතුරු


කතා කරතත් පණ අතට දී
දිය රෙද්දෙනුත් බෙලි කැපේ
අනුන් පහනින් එලි දකිද්දී
උඩඟු බව කොයි සැඟවුනේ

බදාගෙන සැම තමන් ලද දේ
අනුන් දේ දැක ලොබ බැඳේ
සැපක් වේ දුර වසනු තනිවම
නොලැබ මේ පස මිතුරනේ...

Sunday, December 12, 2010

කවිය ඔබ............




කවිය ඔබ මට
දිය පොදක් විය
සිතේ පුපුරන
දුක නිවන්නට

දෑස බොඳවන
රුහිරු කකියන
දුක වචන වී
එළි බසිද්දිත්

ඔබත් කලෙහිද
මා ද කල පව
මිය ඇදෙන්නට
තිඹිරි ගෙය තුල...
.................................................

Saturday, December 11, 2010

සරසවි ගිය දුවගෙන්

සරසවි ගිය දුවට

කැටේ අරන් පිකටින් නොයන් රට වටේ
වටේ යන විටදි බඹරුන්ට ඉව වැටේ
වැටේ එවිට මල් මකරන්ද බිඟු වටේ
වටේ නොගොස් දුවගෙන එන්න පැල් කොටේ

දහස් ගනන් දී බෝඩිම් වල ඉන්නේ
අහස් මාලිගා හිත තුල ඉදි වෙන්නේ
රහස් කතා 'නොකියා' තුල හිර වෙන්නේ
දවස් ගනන් පානුයි අල හොදි කන්නේ

ලෙච්චර වලට ගොස් එන විට කුස ගින්නේ
කොච්චර දුරද අපි දුව මොනවද කන්නේ
ගැත්තර කොලු ගැටව් නවකව වද දෙන්නේ
බිත්තර වුවත් තැම්බෙයි හද තුල ගින්නේ

ණය වීලයි නුඹව අපි සරසවි එව්වේ
පය ගෙවෙනවා බෝඩින් සොයමින් අව්වේ
බිය නොම වන්න පිරිසිඳු මව් කිරි බිව්වේ
කය මෙහෙ වුවත් හිත ඔබ ලඟටයි දිව්වේ

වැවේ රැව්ල රේසරයට නොකියාම
නිවේ කහට ජෝගුව මව අත තාම
දැවේ මතල් වී බෝඩින් වල කෑම
දුවේ මට දුකකි උ​​ඹ සරසවි යෑම

බෙන්තොට පී.ඩී. සිරිසෝම


මේ කවිය මම දැක්කෙ 2010 නොවැම්බර් 28 රිවිර පත්තරේ අරුණැල්ල කවි තීරුවෙන්...... කවිය කියවද්දි ඇහැට කඳුලක් ඉනුවෙ ඇත්තටම බෝඩිමේදි කන අල හොදි මතක් වෙලාද............ඒ කඳුලු වැටුනෙ ඇත්තටම දහසක් බලාපොරොත්තු කර උඩ තියාගෙන දරුවව කැම්පස් යවන තත්තලව මතක් වෙලාද......... මගේ තාත්තව මතක් වෙලාද...............

බලාගෙන ගියාම හැමෝගෙම ජීවිත වල වෙනසක් නෑ.



කුසේ කුසගින්න අමතක කරමින්නේ
ගතේ දැඩි වෙහෙස පසෙකට ලාමින්නේ
මා වෙනුවෙන් ඔබ දරනා දුක් ගින්නේ
අමතක කරන්නද කෙලෙසක දිවි නිම්නේ

මහමෙර උසට පුරවාගෙන ආසාව
දකිනා ලෙසට පඬි රුවනක ලෙස මාව
දන්නෙමි බව ඔබේ දිවියම මා ගාව
විශ්වාසය තබන් ඔබගේ ලොකු දූව

ඇස් තෙමෙනවා සිහි වන විට ඔබ නිතර
එන්නට හිතෙනවා ඉගිලී හෝ ගෙදර
ඔබෙ දිවි එලිය කරනට ලෙසකින් කවර
නෙත් දෙක මමයි ඔබගේ නැතිවුනු අදර

-තාරා

Tuesday, December 7, 2010

ඉටි පහනක්...



ඉටි පහනට ආදරය කරපු
පලඟැටියට වචන නැතිලු
ඉටි පහනට තෙරෙන විදිහට
ආදරේ කියල දෙන්න....

ගොලු හදවතකින්
තෙපලන ඇස් දෙකකින්
පලඟැටියා කියන්න හදන දේ
ඉටි පහනට නොතේරෙනකොට

ආදරේ නිසාම
ඒ පහන් දැල්ලටම
අහුවෙලා මියැදෙන
පලඟැටියා දකිනකොට
ඉටි පහන දැනගනීවි
ආදරේ කරපු තරම

කාලය නැවත ගන්න
බෑ කියලා දැනගත්තු
තමන් නැති ලෝකයක
ඉටිපහන හඬන වග
දැන දැනම පලඟැටියා
කොහොම නම් මියැදෙන්ද...

Sunday, December 5, 2010

දෙනෙත නැති සඳ අඳුරු ලෝකය



දිවි ශිකර හිම
හිනිපෙත්ත මත
අඳුරු වු සඳ
නිල් නුවන් යුග
ඇද වැටී යන
පාමුලම වෙත
තැලී පොඩිවෙන
සියොලඟම තුල
කුසගින්නකට
ඉඩක් කොතනද.....


තාරා ගේ වගතුග..

My photo
තරු ගොඩක් මැද දිදුලන්න වෙර දරන පුන්චි තාරකාවක්...