හුස්ම නොහෙලමි
පියා නොවිදමි
ඉටි පහන වට
නොම සරන්නෙමි
අඩක් පිච්චී
දැවී අළු වුනු
පියාපත් දෙස
බලා ඉන්නෙමි
දුර හිඳන් මම
පෙම් කරන්නෙමි
නුඹට නොපෙනී
නුඹට නොදැනී...
ප. ලි. : ඉටි පහනක් 1
හැම වෙලේම හිතට එන පිස්සු පිස්සු අදහස් හිතට එන විදිහට ලියල තියෙන තැන...... thaaraa.blogspot.com