skip to main |
skip to sidebar
දෙලොවක් අතර
ඔබ අතරමං කල සිත
වල්මත්ව සැරිසරයි
නැවතුම්පොලක් නොමැත...
පිරී මසවුළු
නොයෙක් පැහැ සළු
මිරිඟු දහසක්
අත වනයි මට
සොරා ගන්නට
මහා වස්තුව...
උන් දනී නම්
දමා ආ වග
සියල්ලම මම
ඔබේ පාමුල...
මොර ගසා විළි බරින්
දෙදරවා ලෝ යදම්
ඇට මස් නහර උණුකර
සියතින් බොටුව සිරකර
කැවුත්ත උලා දියකර
ඇස්ගෙඩි කඳුලින් දියකර
බිහි කලෙමි තවත්
පුස් කළලයක්...