ගියපාර පොස්ට් එකේ අපේ
මලයා ගැන කියපු ඒවට හොඳ ප්රතිචාර තිබුනු නිසා මම හිතුව මේ පාර අපේ නඟා ගැන ලියන්න කියලා.
අපි දෙන්නට සාපේක්ෂව නංගි ගොඩක් පොඩියි. මලයට වඩා අවුරුදු 7ක් ම බාලයි.ඒ වුනාට කට නම් අපි දෙන්නටම වඩා වැඩිමල්. ඒ නිසා මල්ලිගෙයි මගෙයි වැඩේම නංගිව බයිට් කරන එක තමයි.
මේකත් අපේ නඟා ඇතිවෙන්න බයිට් වුනු, ඒ වගේම යන යන තැන බයිට් වෙන කතාවක් තමයි.
අපිත් පුන්චි කාලෙදි අපෙ පන්තියක ටීචර් කෙනෙක් ඉතින් මොනව හරි දෙයක් කිවුවොත් ඒක හිස් මුදුනින් පිලි ගන්නවනේ.පිලි ගන්නව විතරක් නෙමෙයි. කවුරුත් ඉන් එහාට කියන දෙයක් විශ්වාස කරන්නෙත් නෑ. මේක වුනේ ගිය අවුරුද්දෙ. ඒ කියන්නෙ අපේ නඟා 6 වසරේ.
අර ITN එකේ යන අමන්දා නාට්ටියෙ ඉන්නෙ ජැකී කියලා හාදයෙක්.ඒ මනුස්සයා 2012 ලෝක විනාසෙ වෙනකන් බලාගෙන ඉන්න කෙනෙක් නේ. මේ නාට්ටිය අපෙ ගෙදර කට්ටිය බල බල ඉන්න ගමන් අපේ මලයා කිව්වලු මේක මොන මෝඩයෙක්ද, කොහෙද 2012 ලෝක විනාසයක් වෙන්නෙ කියලා.
අපේ නඟා ඒ ගමන පැනපු ගමන් කිව්වලු
"ආ ඔයා කොහොමද එහෙම කියන්නෙ!!! ලෝක විනාසෙ වෙනව තමයි... අපෙ ටීචර් කිව්වා දැනටමත් හිරු බුධව ගිලලා තියෙන්නෙ" කියලා.
ඉන් එහාට එතන වෙච්චි දේවල් ගැන කියලා වැඩක් නෑ. තත්තයි මලයයි මමයි නඟාව බයිට් කලාට අම්මා කවදාවත් එහෙම කියන්නෙ නෑ. ඒ වුනාට එදා අපේ අම්මාටත් හිනාව නවත්තගන්න බැරිවෙලා. අපරාදෙ එදා මම ගෙදර හිටියෙ නෑ.. හිටිය නම් එහෙම අපේ නඟාට යන එන මං නැති වෙනවා.
අදටත් අපේ නඟා දැක්කොත් අපේ නෑදෑයො වෙන අයියලා අක්කලා එයාගෙන් අහනවා " දැන් කොච්චරක් ගිලිලද තියෙන්නෙ? තව දවස් කීයද?" කියලා.....