දැන් ඉතින් අළුත් ක්‍රමේට ෆොටෝ එකක් ෆේස්බුක් එකට අප්ලෝඩ් කරලා යාළුවො ටික ටැග් කරනවා මිසක් ඉතින් කවුද වෙසක් කාඩ් යවන්නේ... ඕවට මුද්දර ගහලා තැපැල් කන්තෝරුවක් හොයාගෙන ගිහිල්ලා ඕක තැපෑලෙන් යනකොට ඊලඟ අවුරුද්දෙ වෙසක් වලට තමයි ලබන්නාට ඕක කියවන්න වෙන්නෙ. මම පුංචි කාලෙ ලියපු ඔන්න ඔය වගේ වෙසක් කාඩ් තාම මා ගාව තියෙනවා. ඒවට මුද්දර එනකන් තාම බලන් ඉන්නවා. හි හි..
හැබැයි අතේ තැපැල් සේවය නම් හරිම විශ්වාසවන්තයි.ඇඩ්ඩ්‍රස් එක තමයි, බුලත් කෙල පාර, පඩික්කම. නැත්නම්, අතේ තැපල්, කටේ ඇපල් මුද්දරේට තියෙන චූටි කොටුවෙ මොකක් හරි බලියක් අඳින්න අමතක කරන්නෙත් නෑ.
මලයටයි මටයි ෆේස්බුක් තිබ්බට නංගි ඉතින් තාම පොඩි එකානෙ. ඉතින් අම්ම එයාට අද අර රුපියල් දෙකයි පනහේ වෙසක් කාඩ් ටිකක් ගෙනත් දීලා. ඒ කිව්වෙ අර පෝස්කාඩ් වගේ ඒවා. කවරයක් නෑ. ඉතින් අම්ම මට වෙසක් කාඩ් ගෙනාවෙ නෑ කියලා වලියක් දාන ගමන් ඔය ටික බල බල ඉන්නකොට මෙන්න බොලේ වැඩක්.වැස්සකටද කොහෙද දහම් පාසල් ගිහින් තිබුන නිසා වෙන්නැති මගේ ටිංකිරි මොලේට මතක් උනා "ඈ දෙයියනේ සුජාතාව කිරිපිඬු දන් දුන්නේ බුදුහාමුදුරුවන්ට නෙමෙයි සිදුහත් තාපස තුමාට නේද" කියලා.. ඒ කිව්වේ බුදු වෙන්න කලින් වළඳපු අවසන් ආහාරයනේ... මෙව්වා කොහොමද සත් සතියෙදි උනේ??? එතකොට මේ වෙසක් කාඩ් වල තියෙන්නෙ මොනාද? හොඳට ඇස් ඇරලා බලන්නකෝ...
මේ තියෙන්නෙ පලවෙනි කාඩ් එක
මේ දෙවෙනි එක
තව වැරැද්දක් තියෙනවා... බුදු රැස් මාලාවෙ තියෙන්න ඕනෙ බෞද්ධ කොඩියෙ තියෙන පාට ටිකනෙ,
ඒ කියන්නෙ නිල්, කහ, රතු, සදු, තැඹිලි, ශඩ් වර්ණ කියන පාටවල් නේ... එතකොට කොල පාට කොහෙන්ද ආවේ...
මෙතන තියෙන ප්රශ්නය මේකයි, පොඩි කාලෙ ඉඳන්ම මං වගේ මැට්ටොන්ට පාඩම් පොත් වලින් පාඩම් කරන දේවල් වලට වඩා අහන දකින දේවල් වලින් තමයි මතක හිටින්නේ. ඉතින් ඔය වෙසක් කාඩ් එක කවුරු හරි පොඩි එකෙක් බලලා මතක හිටලා ගිහින් විභාගෙට ලිව්වොත්,
සුජාතාව කිරිපිඬු දන් දුන්නේ සත්වන සතියේය.
බුදුරැස් මාලාවේ වර්ණ සුදු, රෝස, තැඹිලි, කහ, කොල ය.
කියලා... ඉතින් එතකොට පවුනේ අසරණ පොඩි එකා...
ප.ලි, ඔය කවි වලට හිස් තැනක් තියන්නෙ දාන්න වචනයක් හොයාගන්න බැරි උනාමද?

මට නම් ඔව්වා හරියට මතක නැ...ඒ වුනාට උඹ ඉතින් අපිත් එක්ක කැම්පස් ආවට අපිට දරුවෙක් වගේ වයසක නෙ ඉන්නෙ..ඊයෙ පෙරෙදා ඉස්කොලෙ නවත්තපු නිසා උඹට ඔව තාම මතක් වෙන්නෙ..
ReplyDeleteපාරිභොගික අධිකාරියට වත් කියමුද බන්,..කොච්චර වුනත් දහම විකෘති කරන එක හොඳ නැනෙ
"ඊයෙ පෙරෙදා ඉස්කොලෙ නවත්තපු නිසා" හෆොයි.... වහ කනවා මීට සැපයි.
Deleteපාරිභෝගික අධිකාරියට වගේම බෞද්ධ කටයුතු අමාත්‍යංශයට පුළුවං මං හිතන්නෙ මේවට පියවරක් ගන්න....
ඔන්න අඳුරන කෙනෙක් ඉන්නවනම් කියමුකො... අඩුගානෙ පොඩි එවුන්ගෙ බුද්ධාගම ලකුණු ටික වත් බේරගන්න පුළුවං වෙයි.
දැන් කාලේ මොනවද නොවිකිනෙන්නේ !! මිනිස්සුන්ට විකුණන්න පුලුවන් නම් දහම උනත් විකුණනවා.
ReplyDeleteඒක නෙමේ අර මරඟනන් හරි චූටියි නේ. චූටි ළමයි වගේ මරඟනන් !!!
ඉස්සර මම පොතක දැක්කා ඔය පාට වලට කියන නම් ටික.
නීල පීත ලෝහිත ධවල මාංජ්යස්ට අන්තිම එක මතක නෑ දෙයියනේ....
"ප්‍රභාෂ්වර" තමයි අන්තිම එක. ඒ කියන්නෙ ෂඩ් වර්ණ වලට කියන පාලි නම.
Deleteමම දැකලා තියෙනවා මේ චිත්‍ර ශිල්පියො ඔක්කොමලා හරි කැමතියි "මරඟනන් පැරදවීම" කාඩ් වලට අඳින්න. මොකෝ දන්නෑ.. හි හි
ඇත්ත තමයි. පුංචි ළමයි මේවා මතක තියාගත්තොත් ලොකු විනාසයක්!
ReplyDeleteහිස් තැන තියෙන්නෙ ඔය කාගෙ හරි නම ලියන්නනේ! ඔය කවියෙ නම් නම ලියන එක ගැලපෙන්නෙ නෑ තමයි!
මේ පැත්තට ආවට ගොඩක් ස්තුතියි...
Deleteමමත් පොඩි කාලෙ නම් කලේ ඔය හිස්තැනට නමක් ලියපු එක තමයි. ඒත් දැන් තේරෙනවා ඒක හරියන්නෙ නෑ කියලා..
හපොයි වෙසක් කාඩ් ගැන කතා කරල වැඩක් නෑ. සමහර කවිවල තියෙන්නෙ ආදරගීත වගේ ඒව.
ReplyDeleteඇයි වෙසක් කාඩුයි වැලන්ටයින් කාඩුයි වෙන් කරල අඳුනගන්න බැරි කාලෙකුත් තිබුනා... දැන් නම් ඒව ටිකක් අඩුයි...
Deleteතනිකරම නිර්මාණයක් විතරයි කියලා විසික් කරන්න තාරා. ඔව්වා හදන්න අපිට බෑ....
ReplyDeleteඔව්.. ඒක ඇත්ත.
Deleteසම්පූර්ණ වැරදි අදහසක්නේ දීලා තියෙන්නේ.. නොදන්න මිනිස්සුද මේවා නිර්මාණය කලේ??
ReplyDeleteනොදන්නා කමට වඩා නොසැලකිලිමත්කම මං හිතන්නෙ...
Deleteනියම බුදු දහම..මානේ මන්දා කාට කියන්නද කියලා මෙව්වා.
ReplyDeleteබලධාරියොන්ට පංගුව ලැබෙනකං මේවා මෙහෙමම තියෙයි.. අපි පුංචි වැඩියි මේවා වෙනස් කරන්න...
Deleteඔන්න තාරාගේ සිතුවිලි කියවන්න මමත් ආවා. ස්තූතියි " අස්වැන්නට" ඇවිත් ගියාට.
ReplyDeleteමේ වෙසක් කාලෙ කාඩ් නිර්මාණය කරන්නේ තෙමඟුල සමරන අදහසින් නෙවේ. මේ පිටුපස තියෙන්නේ ව්‍යාපාරික අරමුනු. මොකක් වෙනුවෙන්ද මේක කරන්නේ කියලා ඒ අය දන්නෙත් නෑ. අවසානාවට හිතෙන හිතෙන විදියට මේවට වර්ණ යෙදීම්, පින්තූර යෙදිම් කරනවා. ප්‍රමිතිය බින්දුවයි. මේවාට වග කිව යුත්තෝ කවුරුත් නෑ.
බොහෝම ස්තුතියි මේ පැත්තෙත් ආවට... සල්ලි දෙනව නම් ආත්ම ගරුත්වය කට්ටි කරලා විකුනණ මිනිස්සුන්ට ආගම කියන්නෙ සුළුම සුළු දෙයක්.
Deleteමමත් අද තමා මේ ඉසව්වටට හබල් ගෑවෙ.. ඕක තමා කියන්නේ අද බුද්ධාගමත් මාර්කටින් කරල කියල.. අද ළමයි ටියුශන් නිසා දහම්පාසල් යන්නෙත් නෑනෙ. එහෙව් එකේ ඔය වගේ වැරදි කරුණු නිසා බොරු ඉගෙනගෙන... අනේ මන්දා කොහෙන් කෙලවර වෙයිද කියල
ReplyDeleteමේ පැත්තට සාදරයෙන් පිළිගන්නවා...
Deleteමේව දැකලා, ලියලා පොඩි එවුන්ට තියෙන මොලෙත් මොට්ට වෙනවා...
කමෙන්ට් එක දැකලා ඔයාව හෙව්වේ.ලිපි කීපයක්ම කියෙව්වා.වැදගත් අදහස් ගොඩාක් කියවෙනවා ඔයාගෙන්.සාර්ථකයි..!ජය...!
ReplyDeleteබොහෝම ස්තුතියි.. ඒ වගේම මේ පැත්තට සාදරයෙම් පිලිගන්නවා...
Deleteමේ අවුරුද්දට එකම වෙසක් කාඩ් එකක්වත් දැක්කේ නෑ..
ReplyDeleteතාරා කියල තියෙන දේවල් සහතික ඇත්ත අමු අමුවේ බුද්ධ චරිතය විකෘති කරලා....
බුද්ධ සාසානය සුරකින්න වෙනම අමාත්‍යංශයකුත් තියන රටක මෙහෙම දේවල් වෙනකොට ??????
කාට කියන්නද...
Deleteමී ගොඩයාවත් මේ පැත්තට සාදරයෙන් පිළිගන්නවා...
මම නම් වෙසක් කාර්ඩ් එකක් මෙදා සැරේ ඇහැකට දැක්කේ නැ..මොනව වුනත් මේවා රජයට දැනුම් දීලා විසදුම් හොයන්න ඕන ප්‍රශ්න.වෙසක් කාර්ඩ් වලටත් ප්‍රමිතියක් දෙන්න කාලේ ඇවිත් .
ReplyDeleteඅපේ නඟා නැත්නම් මටත් මේ වෙසක් එකේ කාඩ් එකක් දකින්න නෑ තමයි...
Deleteමිනිස්සුන්ට නීතියක් තහංචියක් නොදමා කිසිම දෙයක් හිතලා හොඳින් කරන්න බැරි තරම් මොළ තමයි තියෙන්නේ..
පොඩි දවස් වල වෙසක් කාඩ් දැම්මට පස්සේ ආපහු තැපෑලේ කාඩ් යවපු කාලයක් මතක නෑ. ඒ දවස වල කවි වල නම් ඔහොම බොරු තිබුනේ නෑ මගේ හිතේ.
ReplyDeleteර්-මේල්, එෆ්.බී වගේද තැපෑලෙන් වෙසක් කාඩ් එකක් හම්බුනාම තියන ගතිය.
ඔව් තැපෑලෙන් එන වෙසක් කාඩ් එකක් හම්බෙනවා කියන්නෙ අම්ය්තුම සතුටක්. ලියුමක් උනත් එහෙමනෙ. ඒත් දැන් එෆ්,බී නිසා ඒ ඔක්කොම නෑ...
Deleteහ්ම්ම්ම්ම් ඒ කතාව ඇත්ත
ReplyDeleteහ්ම්ම්...
Deleteමුලින්ම සමාව මේ පැත්තෙ නාපු එකට..
ReplyDeleteසාරථකම ලිපියක්. මාත් දැකල තියෙනව බුදුරැස්මාලාවට කොල පාට දාන අයව. අනික නිල්.කහ.රතු.සුදු.තැබිලි. පාට පිලිවෙල නොදන්න අයත් ඉන්නව. බොහොමයක් කූඩු. බල්බ් වැල් වල එහෙම මම දැකල තියෙනවා අපිලිවෙලක්. අනේ මන්දා..
මේවට ක්‍රියාකරන්න අමාත්‍යාංශයක් නැද්ද?
ජය !
සෑම නම් වෙසක් කලාපෙ ඉවර කලාට මෙහෙට තාම වෙසක්..
Deleteබුද්ධ ශාසන අමාත්‍යංශය කියල එකක් එහෙම තියෙනව මම හිතන්නෙ.
ජයෙන් ජය!
නිසි ප්‍රමිතියක් නැති වීම තමයි මේ දේවල් වලට ප්‍රධාන ම හේතුව.
ReplyDeleteමේ පැත්තට ආවේ අද.. දිගට ම එන්න උත්සාහ කරනවා.. ජය!
බොහොම ස්තුතියි මේ පැත්තට ආවට... හැමදාමත් සාදරයෙන් පිලිගන්නවා...
Deleteවෙසක් කාඩ්කාරයා පටලවා ගත්තු බවක් තමා පේන්නේ සත්වෙනි සතිය සුජාතා කිරිපිඬු දානය කියලා තිබුණට ඒක සිදුවුනේ බුද්ධත්වයට පෙර. හරියටම කිව්වොත් වෙසක් පෝය දවසේ. බුද්ධත්වයෙන් සත්වෙනි සතියේ සිද්ධ වුනේ තපස්සු භල්ලුක් වෙළෙඳ දෙබෑයන් බුදුරජාණන් වහන්සේට විළඳ සහ මී පිඬු පිළිගැන්වීම. ඒක තමා බුදුන්ට පූජා කළ මුල්ම දානය වුනේ
ReplyDelete"....අනික් එක "මරඟනන් පැරදවීම" කලෙත් බුදු වෙන්න කලින් නේ..... "
මේක නම් වැරදියි බුදුරජාණන් වහන්සේ මාර දූවරු පරාජය කරන්නේ පස්වෙනි සතියේ අජපාල නුග රුක මුල වැඩ සිටියදී තමා.
බුද්ධත්වය කලින් බෝසතාණන් වහන්සේ සමඟ සටනට ආපු මාර දිව්‍ය පුත්‍රයා පැරදිලා පලා ගිහින් දඹදිව පාරකට වෙලා ශෝක කර කර ඉද්දී මාර දූවරු තාත්තගෙන් කරුණු දැනගෙන බුදුන්ව පරාජය කරමු කියලා එන්නේ පස්වෙනි සතියේදී තමා.
මේ කතාව හොඳට විස්තර කරලා තියෙනවා පූජාවලියේ 12 පරිච්ඡේදයේ සාධුනාද පූජා කතා කොටසේ
මාව නිවැරදි කලාට බොහොම ස්තුතියි... මම හිතුවෙ මරඟනන් පැරදවීම කලේ බුදුවෙන්න කලින් කියලා.
Deleteස්තුතියි මේ පැත්තෙ ආවට...
ඔන්න මම මගේ ලිපියෙ ඒ කොටස අයින් කරලා නිවැරදි කලා.
Deleteහොයන්ඩ බලන්ඩ එකෙක් නැ ගහනවා ව්කූනනවා
ReplyDelete