topbella

Saturday, April 28, 2012

සොයුරිය ඔබට නිවන් සුව...


උඹත් මමත් මේ බදුල්ලට ආවෙ එකම හීනයක් හිතේ දරාගෙන
ඒත් අද උඹ ඒ හීනෙ අතෑරලා ගිහින්
මම කොහොමද දරාගන්නෙ
ආයෙ උඹව දකින්න වෙන්නෙ නැති වග
හෙට නැත්නම් අනිද්දා
ආයෙත් එකම එක වරක් දකීවි
ඒත් එදාට උඹ මනමාලියක් වෙලා
දෙවනි මනමාලියො නැති
මල් කුමාරියො නැති
උඹේම මගුල් ගෙදරක
ඒත් අපි ආවා බලන්න උඹ ඇස් අරින්නෙ නැති වේවි
හොස්ටල් එකේදි උඹ අපේ කාමරේ
අනිත්‍ය සාමාජිකයා වෙලා හිටපු කාලෙ
එක බත් පත කාලා එකට හිනාවෙලා එකට අඬලා
දෙවනත් වෙන්න සින්දු කියලා මැඩම්ලගෙන් බැනුම් අහලා
කොච්චර සුන්දර මතකයක්ද
ඒත් ඒ මතකයත් එක්ක හිටපු උඹ අද නෑ
glamouro එකේදි CST එකට ගෑනු ළමයින්ගෙ අඩුව පුරවන්න ආපු උඹ
අද දිව්‍යලෝකෙ අඩුවක් පුරවන්න ගිහින්....

උඹට නිවන් සුව ලැබේවා මගෙ කෙල්ලේ...

13 comments:

  1. අද උදෑසන තණමල්විල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් අප අතරින් වෙන් වූ, ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ වින්ද්‍යා ජයසූරිය (වින්ඩි) සොයුරියට නිවන් සුව ලැබේවා...

    ReplyDelete
  2. මගේ සාතිශය සංවේගය!!! ඇයට නිවන් සුව අත්වේවා.

    ReplyDelete
  3. ඇයට නිවන් සුව!යලිත් අපි අතරම ඉපදේවා

    ReplyDelete
  4. කණගාටුදායක ආරංචියක්.. ඇයට නිවන් සුව පතනවා..

    ReplyDelete
  5. "පියයෙහි විප්පයෝගෝ දුක්ඛෝ"

    වින්ද්‍යා නංගිට නිවන් සුව අත්වේවායි පතන්නෙමු.

    ReplyDelete
  6. යාළුවාට අමා මහ නිවන් සුව ලැබේවා!

    ReplyDelete
  7. වින්ද්‍යා අක්කාට නිවන්සුව ලැබේවා....!!

    ReplyDelete
  8. ඇයට නිවන් සුව ලැබේවා!

    ReplyDelete
  9. ඇයට නිවන් සුව ලැබේවා..!!!

    ReplyDelete
  10. කවදාවත් අහන්න ආස නැති.. ඒත් හැමදාමත් ඇහෙන වචන.. රිය අනතුරු.. මරණ.. :(

    ඔබේ මිතුරියට නිවන් සුව අත් වේවා!!!!

    ReplyDelete
  11. ඇයට නිවන් සුව ලැබේවා.දුක්ඛදායක මරණයක් වගේ...:(((

    ReplyDelete
  12. මේ පැත්තට මුලින්ම ආව දවසේ දැක්කේ බොහොම කනගාටුදායක සිද්දියක් ගැන. ඔබේ මිතුරියට සසර වසන තුරු මෙවන් විපත් සිදු නොවී කෙලවර අමා මහා නිවන් සුවයම ලැබේවා !!!!!!!

    ReplyDelete
  13. මීළඟ භවයේදී අකල් මරණයක් අත් නොවේවායි පතමු

    ReplyDelete

තාරා ගේ වගතුග..

My photo
තරු ගොඩක් මැද දිදුලන්න වෙර දරන පුන්චි තාරකාවක්...