
අයදීවි
ඉල්ලාවි හඬා වැටේවි...
අහරක් ලැබුනු විගස
කිසිත් අමතක වේවි...
ගිල දමාවි
සැනසේවි...
නැවතත් හිනැහේවි
සතුටු වේවි
යලි කුසගින්න දැනුනු විගස
අහරක් නොලැබෙන බව දැනුනු විගස
නැවතත් හඬාවි
පසුපසම වැටේවි
අයැදීවි...
මියෙන තුරාවටම
ඔබ පසුපසින් අයැදීවි
ඔබ...
ගෙනගොස් පෝෂණය කරාවි..
නැතහොත්
වෙන මඟක ගමන් කරාවි
ඔබ එනතුරු බලා හිඳීවි
සදාකල්ම
අහරක් නොලැබුනු දිනෙක
මලවුන් අතර තනි වේවි...
ඔබට පව් නැත..
එක් දිනක් අහරක් දුන්නත්
ජීවිතයම පෝෂණය කරන්නට..
ඔබ බැඳී නැති බව දනිමි..........
හ්ම් ලස්සනයි තාරා...
ReplyDeleteOh, think twice, it's just another day for you and me in paradise
ReplyDelete- Phil Collins
ලස්සනයි.....
ReplyDeleteඔහොම කෑම ඉල්ලලා හිගමන් යදින කීදෙනෙක් ඉන්නවද අද ලංකාවේ.
තාරටත් මාරම දේවල් නේ හිතෙන්නේ !!!! :D
@ ප්රසන්න: ස්තුතියි මාළුවා...
ReplyDelete@හිශාන්: thanx...
@ මධුරංග: ඒ වගේම අපි කොච්චර කෑම කුණු බාල්දියට හලනවද?????
ඒ වගේම ජීවිතේදි කෑම වලට අමතරව අපි කොච්චර දේවල් හිඟනවද........
අපූරුයි
ReplyDeleteඅපූරු අදහසක්.
ReplyDelete