තාරා අධිශ්ඨානයක් කර ගත්තා.. බ්ලොග් එක පාලු වෙන්න දෙන්නෙ නෑ කියලා. සතියකට එකක් වත් අඩු ගානේ පෝස්ට් දානවා... එහෙමයි කියලා සතාටම මඩ ගගහ ඉන්න පුලුවන් යෑ.... ඉහින් මම අතීතාවර්ජනයක් කරන්න පටන් ගත්තා... ඒ කිව්වේ අර "දුමී බබා කාලේ" වගේ "තාරා බබී කාලේ" එහෙම නෙමෙයි.. ඊට වඩා ටිකක් ලොකු කාලේ...
අපි අව්වේ ගමනක් යන්න කොච්චර අකමැතිද.. විශේෂයෙන්ම කොළඹ. දූවිලි, දුම් කාගෙන, දාඩිය නාගෙන.... ශා.... දැනෙන සනීපෙ. ඒත් කොච්චර අකමැති උනත් රාජකාරිය නිසා එහෙම පාරක් මැදට වෙලා ඉන්න කී දෙනෙක් ඉන්නවද... මේ කියන්නෙත් එහෙම කෙනෙක් ගැන.
තාරා 6 වසර වෙනකන් තාත්ත් එක්ක මොටර් සයිකලේ ඉස්කෝලෙ ගියාට මල්ලි 3 වසරෙන් පස්සෙ තාත්තගෙ ඉස්කෝලෙට යන්න පටන් ගත්තට පස්සෙ තාරට බයික් එකේ ලැගේජ් එකේ එල්ලිලා තමයි යන්න උනේ. ඉතින් ඕක කරන්න බැරි නිසා තාත්තා තාරට සීසන් එකක් අරන් දීලා බස් එකේ යන්න පුරුදු කලා. ඊට පස්සෙ තාරා 7 වසරෙ මැද ඉඳන් බස් එකේ තමයි ගමන බිමන... උදේට පාරෙ බස්. හවසට ස්කූල් බස්.
උදේට පාරෙ බස් එකේ ගිහින් පුංචි බොරැල්ලෙන් බැහැලා ඉතුරු ටික කකුල් දෙකට වැඳ වැඳ දුවනවා. හැමදාම පරක්කුනේ. ඔතන හංදියෙදි මහ තඩි පාරක් තියෙනවනෙ පනින්න. තාරගෙ පාර පැනිලි ගැන ඉතින් දන්නවනේ... දන්නැත්නම් මෙතනින් ගිහින් බලන්න. ඉතින් මෙතන ඉස්කෝලෙ ලමයින්ට පාර පනින්න වාහන නවත්තලා දෙන්න පොලිස් අංකල් කෙනෙක් හිටියා... තාරට නම් ඉතින් දෙයියෙක් වගේ. එතකොට පනිනවද නැද්ද පනිනවද නැද්ද කියලා හිත හිත ඉන්න ඕනෙ නෑනෙ.
එයා තමයි අද කතාවෙ කතා නායකයා.. (පූර්විකාව දිග වැඩිද මන්දා). ඉතින් ඔය අංකල් අවුරුදු ගානක්ම ඔතන හිටියා. හැමදාම හිනාවෙලා "ගුඩ් මෝනිංග් දුව.." කියනවා.. මමත් "ගුඩ් මෝනිංග් අංකල්" කියලා පාර පැනලා යනවා... දවසට හොඳ පටන්ගැන්මක්... ඉඳලා හිටලා දවසක අංකල් හිටියෙ නැත්නම් හරි දුකයි.. ගුඩ් මෝනිංග් කියන්න කෙනෙකුත් නෑ. පාර පන්නන්න කෙනෙකුත් නෑ. මොකද අනික් දවසට වැඩි වයසක් නැති රාලහාමිලා අපිව පාර පන්නන්නෙ නෑ. එයාලට වාහන වල රෝද ගනිනවා වගේ වැදගත් රාජකාරි තියෙනවනෙ.... ඔන්න ඔහොම කාලය ගෙවිල ගියා.
එක පාරක් සති 2ක් විතර අංකල් පුංචිබොරැල්ලෙ නැතුව හිටියා... ඒ කාලෙ නාරාහේන්පිට බෝම්බයක් පිපිරුවා. අපේ ඉස්කෝලෙ ළමයෙක්ගෙ තාත්ත කෙනෙකුත් ඒකට අහු උනා.. ආරංචිය ආවෙ එයත් පොලිසියෙ වැඩ කලේ කියලා. පුංචිබොරැල්ලෙ ඩියුටි කලාලු. මේක ඇහුවාම මට පුදුම විදිහට බය හිතුනා.. අපි මල ගෙදරත් ගියා.. බෝම්බයක් නිසාද කොහෙද මිනිය ටිකක් කලු වෙලා. මූන ඇරෙන්න මුළු ඔලුවම බැන්ඩේජ් කරලා තිබුනෙ. මට පෙනුනෙ එයා අර අංකල් වගේමයි.. මට ඉහිලුම් නැතුව ගිහින් මිනිය ලඟදි හයියෙන් කෑ ගහලා ඇඬුනා... ළමයි හැමෝම ඇහුවා ඇයි මම අඬන්නෙ කියලා... පස්සෙ කට්ටියටම කිව්වා... මම හරි දුකෙන් ඒ දවස් ටිකේ හිටියෙ.
ඒත් එක දවසක් උදේ මම අංකල් ආයෙත් පුංචිබොරැල්ලෙ ඩියුටි ඇවිත් හිටියා... මට පුදුමම සතුටක්... මිනිය දැක්කම මම රැවටිලා.. යාළුවො සේරම මට හිනා උනා හොඳට ඉන්න මනුස්සයෙක් මැරිලා කියලා ඇඬුවා කියලා. ඒත් මමනෙ දන්නෙ....
ඔන්න ඔහොම තවත් අවුරුදු ගානක් ගෙවිලා ගිහින් මම 12 වසරෙදි අංකල් එක දවසක් මම පාර පනිද්දි කිව්වා "පුතේ මම ලබන සතියෙ පෙන්ශන් යනවා" කියලා... ඉතින් අපි උදේට එතනින් එන යාලුවො ටික සෙට් වෙලා අංකල් ට තෑග්ගකුයි කාඩ් එකකුයි දුන්නා.. ලී වලින් හදපි පුංචි නැවක් තමයි දුන්නෙ... මොකද....
අංකල් මහ ලොකු නැවක් වගේ අපිව හැමදාම වාහන සාගරෙන් එතෙර කරපු නිසා...
නමක් ගමක් දන්නෙ නැති උනත් අදටත් මට අංකල් ව ගොඩක් මතක් වෙනවා... පස්සෙ කාලෙක මගෙ යාලුවට අංකල් ව බස් එකකදි හම්බෙලා කතා කරලා තිබුනා.. දැන් සෙකියුරිටි ෆර්ම් එකක වැඩ කරනවලු. එච්චරයි දන්නෙ.. ඊට පස්සෙ කිසිම ආරංචියක් නෑ.
මේක කියවන කවුරු හරි ඒ අංකල් ව දන්නව නම් කියන්න... අපිට එයාව ගොඩක් මතක් වෙනව කියලා.. එයා පරෙස්සමින් පාර පන්නපු ළමයි අද හොඳට ඉගෙනෙගෙන හොඳ තැන් වල ඉන්නවා කියලා අහන්න එයා හරි සතුටු වේයි.... ඒ පිනම ඇති.... නිරෝගීව අංකල්ට දීර්ඝායුෂ ලබන්න...
ප.ලි. මේක මගේ දිගම පෝස්ට් එක ද කොහෙද... ජයවේවා...

නොම්බරේවත් මතක නැද්ද...කොහේ කියලා හොයන්නද දැං...
ReplyDelete@නොදුටු ලොවක්: මේක කියවන ක්ව්න්ව්ක් මාර්හයෙන් මිසක් වෙන දැනගන්න විදිහක් නෑනෙ...
Deleteදුක හිතුණා....
ReplyDelete@තරු අරුන්දතී: මල ගෙදරදි ඇඬුවා කියපු නිසාද?
Deleteයාංතං ආයෙත් පණ ගහලා ඇවිත් තියෙන්නෙ..හොඳයි හොඳයි..ආයෙ වැටෙන්න දෙන්න එපා..
ReplyDeleteඔය වගේ පුද්ගලයො නම් ගොඩක් හම්බෙනවා ජීවිතේදි නමක් ගමක් නොදැන වුනත් අපිට හිතවත්කම් පාන..සමහරු නම් ගම් දන්න නිතර දෙවේලෙ දකින අයට වඩා හොඳයි...
අපේ කැම්පස් එකෙත් හිටියා ඔය වගේ අංකල් කෙනෙක්..එයාට මුලින් මුලින් හිනාව දැම්මෙ..අයිඩී එක නොපෙන්වා යන්න ඕනෙ නිසා..පස්සෙ ටිකක් හිතවත් උනා..ඒත් එක දවසක් අංකල් වෙනුවට කැම්පස් එක හිටියෙ අංකල්ගෙ මූණ තිබ්බ පෝස්ටරයක්..
ඔව්... ආයෙ වැටෙන්න දෙන්නෙ නැතුව තියාගන්න මම උත්සාහ කරනවා...
Deleteටිකක් විතර දුක හිතෙන කතාවක්. අපේ ජීවිත වලටත් ඔය වගේ වැදගත් වුන චරිත කොච්චරනම් ඉන්නවාද. මතක වෙද්දී දුකයි :(
ReplyDeleteඒ අය ආයෙ හමු නොවෙන එක ගැන නම් දුකයි තමයි...
Deleteකොහෙන් හොයන්නද ඉතින්.... ෆොටෝ එකක්වත් අරන් තියාගන්නෙපැයි! ඔය වගේ හොඳ මිනිස්සු දැන් හරි අඩුයි!
ReplyDeleteපොටෝ ගන්න ඒ කාල ෆෝන් එකක් වත් තිබුනෙ නෑනෙ...
Deleteවෙනද දාන කමෙන්ට් දාන්න හිතෙන්නෙ නැ..සෙන්ස්ටිව් ස්ටොරි
ReplyDeleteඅපරාදෙ...
Deleteහරි සෝක කතාවකි
ReplyDeleteඉතින් අඬල ඉවරද..
Deleteපුදුම ළමයිනෙ... ඇයි යකෝ ඔච්චර ෆිට් වෙලත් නමක් ගමක් දන්නෙ නැත්තෙ...
ReplyDeleteමම මේ කල්පනා කරන්නෙ පුංචි බොරැල්ලෙ තිබුන ඉස්කෝලෙ මොකක්ද කියල...
පුංචිබොරැල්ල පැත්තෙන් යන්නෙ අපේ ඉස්කෝලෙ පිටිපස්සෙ ගේට්ටුවෙන්...
Deleteමාත් මේ පැත්තට ආවේ පුංචි බොරැල්ලේ නම තිබ්බ හින්දයි.මොකක්ද මේ පුන්චි බොරැල්ලේ ඉස්කොලේ.අපිත් අවුරුදු 13ක් ආවගිය තැනනේ... මොනා උනත් මිනිස්සු හිතවත් උනාම අපිට ඇතිකරන හැගීම නම් පුදුමාකාරයි ! !
ReplyDeleteපුංචිබොරැල්ලෙන් අවුරුදු 13ක් ආවා ගීයා නම් ඊතින් මේ අංකල් ව අනිවාර්යයෙන් දැකලා ඇතිනේ... හා... හා... ළමයි දැන් මහන්සි ගන්න එපා මගේ ඉස්කෝලෙ හොයන්න... :D
Deleteබ්ලොගේ පාලුවට අරින්නෙ නැති එකනම් හොදයි...
ReplyDeleteඒ අන්කලුත් හොදයි.ඔයාලත් හොදයි.දැන් නම් ඔහොම අය හොයා ගන්න අමාරුයිනේ.
ඔව්.. දැන් ගොඩක් ඉන්නෙ වාහන වල රෝද ගනින කට්ටියනේ... ඒත් ගිය සතියෙ orion city එක ඉස්සරහ හිටපු රාලහාමි කෙනෙකුත් colour light කොල පාටට තියෙද්දිත් මට පනින්න වාහන නතර කරලා දුන්නා... මම ගැහි ගැහි ඉන්නවා දැකලද කොහෙද...
Deleteඅනිවාර්යෙන්ම එය ගේ කවුරු හරි මේක දකිනවාමයි.....
ReplyDeleteඔව් මමත් එහෙම බලාපොරොත්තු වෙලා තමයි මේක ලිව්වෙ...
Deleteපොලීසිවලත් හොඳ අය ඉන්නවා
ReplyDeleteහැමෝම එකම කණ්ණාඩියෙන් බලන්න හොඳ නෑ...
Deleteඔයාලත් හරි කට්ටිය තමයි.. අවුරුදු ගානක් උදේට මුණ ගැහුන කෙනාගේ විස්තර ඇහුවේ නැද්ද? අඩු තරමේ අර විශ්රාම යද්දි තෑගි දුන්න දවසෙදිවත්..
ReplyDeleteනෑනෙ... තෑග්ග දුන්නෙත් පාර පනින ගමන්මයි... විස්තර අහන්න වෙලාවක් නෑනෙ හැමදාම පරක්කු වෙලා දුවනකොට...
Deleteනියමයි තාරා... මාර ගති කතාවක්. අපිව පාර පැන්නුවේ අපේම එව්න්නේ... ඒක නිසා උංව මතක් වෙන්නේ උංගේ දෙමවුපියොත් එක්ක... ඒ වුනාට ඒ වැඩෙත් ෆන්...
ReplyDeleteඅර රිය නියාමක කියන කට්ටියද.? පාරට වෙලා school van වල යන කෙල්ලන්ට කොකම් පපා ඉන්නෙ...
Deleteලස්සන කතාවක් !
ReplyDeleteඒ පොලිස් මහත්තයාව දකින්න ආස හිටුනා !
අර කිව්වත් වගේ මේක දිගම පෝස්ට් එක නේ. අම්මෝ !!!
එයාව දකින්න මමත් ආසයි... ඒත් දැන් කොහෙ ඉන්නවද දන්නෙ නෑනෙ... අපි හොඳ කල්පනාවෙන් බැලුවොත් එහෙම හොඳ මිනිස්සු අපි අතරෙ ඕනෑ තරම ඉන්නව ඇති.. ඒත් අපිට මතක හිටින්නෙ වැඩිපුරම නරක මිනිස්සුනෙ..
Deleteපොලිසිවලත් ඉතින් ඉන්නවා හොද මිනිස්සු..( ඒ වගේම තමයි ඉතින් නරක අයත් )
ReplyDeleteහ්ම්.... ඔව්. නරක අයගෙ වැඩ නිසා හොඳ මිනිස්සු දිහාත් බලන්නෙ ඒ ඇහින්මයිනෙ...
Deleteමාත් ආසයි ගිනි අවුවේ පාරේ ඇවිදින්න.. :D
ReplyDeleteඑහෙනම් ඔයත් සමාජයට සේවයක් කරන්න... ;)
Deleteපාරේ ඇවිදිමින් ද...... :D
Deleteනෑ... පාර පනින්න උදවු කරමින්... :D
Deleteගෑල්ලමයින්ගේ ඉස්කෝලයක් තියෙනව නම් උදව් නොකර බැහැ නේ... :D
Deleteකාකි නිල ඇඳුම දාගෙන ඉන්න අමනුස්සයෝ අතරේ හිටිය මනුස්සයෙක්.........
ReplyDeleteපොලිසියේ අය ගොඩක් ලොකු කැපවීමක් කරනවා... ඔය වගේ හිත හොද අයත් ඉන්නවා...
ReplyDeleteඅපිට ජීවිතේදි හමුවෙන සමහරක් අය නොදැනුවත්වම වැදගත් චරිත වෙනවා...නේද?
ReplyDeleteපරන පොස්ට් එකක් අහම්බෙන් කියවුනේ.... මනුස්සකම කියන්නේ මේක වෙන්න ඇති...
ReplyDelete