පදික මාරු සංඥා වල රතු එලිය වැටිලා තියෙනකොට මොකද කරන්නේ?????
පනිනවද, නැද්ද,පනිනවද, නැද්ද,පනිනවද, නැද්ද කියල හිත හිත ඉන්නවා...
ඒක තමයි මට නම් දෙන්න තියෙන උත්තරේ... :-(
අද තාරා තනියම කොළඹ ඇස් වාට්ටුවට ගියා... හපෝයි... දැන් වාහනයක් පැදගෙන යනවට වඩා මාර්ග නීති අනුගමනය කරන්න තියෙනව පදිකයන්ට... එපා වෙන්නෙම පාර මාරු වෙන තැන් වල තියෙන කලර් ලයිට්. ඉස්කෝලෙ යන කාලෙ දැකපු ඇක්සිඩන්ට් එකක් නිසා තාරා අදත් පාර පනිනකොට ටිකක් බයයි. කරුමෙට හරි පාර පනින තැනට ආවම රතු ලයිට් එක නම් තියෙන්නෙ, අනාථයි. පාරෙ යන එන වාහනත් අඩු නම් ඊටත් වඩා අනාථයි. ගොඩක් වාහන යනව නම් එච්චර අව්ලක් නෑ. කොල පාට වැටෙනකන් බලාගෙන ඉන්නවා. ඒත් වාහන අඩුයි නම් අනික් මිනිස්සු පනිනවනෙ. එතකොට මම පනිනවද, නැද්ද,පනිනවද, නැද්ද,පනිනවද, නැද්ද කිය කිය කල්පනා කර කර ඉන්නව. එතකොට නිකම්ම කොල පාට වැටෙනවා. ඒ වෙනකන් අනික් මිනිස්සු පනිනවා. මං බලාගෙන ඉද්දි ආච්චිලත් පනිනවා. දුකේ බෑ.
ඔයාලත් දැක්කොත් කහ ඉරක් ගාව ගැහි ගැහි ඉන්න බයගුල්ලෙක්, එ සමහර විට මම වෙන්නැති...
අද නම් මහ ජරාම දවසක්. වෙච්චි ඊලඟ චාටර් වැඩේ උනෙත් මාර්ග නීති පිලිපදින්න ගිහින් තමයි. හොස්පිට්ල් එකේ ඉඳන් ආපහු එද්දි 138 බස් එකට නගින්න united motors එක ගාව තියෙන ලොකු ගහ යටට ගියා. අනේ එතන බස් නවත්තන්නෙ ට්‍රැෆික් එකේ. ඒකත් අයිනෙ මන්තීරුවෙ නෙමෙයි, මැද. ඉතින් තාරා කොහොමද බස් එකට නගින්නෙ??? මට මතක් උනා ඊට කලින් තාත්තත් එක්ක ආපු දවසක දැක්කා එතන නිල බස් හෝල්ට් එක තියෙන්නෙ තව මීටර් 50ක් විතර ඈතින් කියලා.. ඉතින් ඇවිද්ද පය දහස් වටී කියලා එතනට ඇවිදගෙන ගියා...
එතනට ගියාම මට අඬන්න හිතුනා.
"මෙම ස්ථානයේ තිබූ බස් නැවතුම්පොල ඉවත් කරන ලදි" මට පුදුම කරුණාවක් දැනුනා...
ආපහු පස්සට යන්නත් දැන් නිකන් ලැජ්ජයි වගේ.. චාටර් කෝටියයි..... ආයෙමත් ඇවිද්ද පය දහස් වටී කියලා, හිතට ධෛර්යය අරන් කීයට හරි බස් හෝල්ට් එකක් හම්බෙනකන් ඉස්සරහට ගියා.
යනවා යනවා ඉවරයක් නෑ. අන්තිමට වොක්ෂෝල් වීදියත් පහු කරලා පිලිප් ගුණවර්ධන ග්‍රවුන්ඩ් එක ලඟ බස් හෝල්ට් එකක් වගේ එකක් තිබුනා. එතනත් කලර් ලයිට් වලම නවත්තලා තිබුනු බස් එකකට ඕන දෙයක් වෙච්චාවෙ කියලා ගිහින් නැග්ගා. සීට් එකක වාඩි උනාම කකුල් 2ට නිවන් ගියා වගේ. ඒ බස් එකත් ආපහු මන් අර කලින් හිටපු කලර් ලයිට් ගාවම ඇවිත් නැවැත්තුවා. මැද් මන්තීරුවෙ. මිනිස්සු රොත්තක් ගානක්වත් නැතුව දුවලා ඇවිත් නැග්ගා. අනේ මම විතරයි මෝඩයා...
සික් විතරක්............. ~x(
ReplyDeleteතව පොඩ්ඩක ඇවිදන් ගියා නම් කොටුවටම එන්න තිබුනා... =))
හික්ස්.. මට අපේ ලොකුඅම්මව මතක් වුනා.. ඔහොම්ම තමා එයත්.. පාර පනින්නේ නෑ.. දෙපැත්ත බල බලා ඉන්නවා.. ඇදගෙන යන්න ඕනේ.. :))
ReplyDelete@සෝරෝ: අනේ ඔව්... :((
ReplyDelete@ චතුවා: මම බය නෑ.කව්ද කිව්වෙ...b-( ඒ උනාට පොඩ්ඩක් වෙව්ලනවා වගේ පාර පනිද්දි...
ReplyDeleteඅනේ ඉතින් ඔහොම බය වෙලා පුලුවනැයි?
ReplyDeleteපොඩ්ඩක් විතර වටපිට බලලා වාහන අඩු නම් මංතීරුවෙන් මංතීරුවට පාර මාරු වෙන්න...නැත්නම් උමංමාර්ගයක් හරි ගුවන්පාලමක් හරි තියෙන තැනකින් ම පාර මාරු වෙන්න වේවි..
හික්ස්....තව ඩින්ගෙන් පී පී ගගා තමා ඉන්නේ වෙන්නේ තාරාට...මම නම් දැන් ඩින්ගක් මාර්ග නීති දන්නවා ඕන්...ලයිසන් එක ගන්න නේ හදන්නේ...
ReplyDeleteමට මටක් උනා ඔය කොල ලයිට් වැටුනා කිව්ව එකෙන් කතාවක්...
ඔන්න ටෙස්ට් එකක් තිබ්බලු..ඇහුවලු මෙහෙම ප්‍රශ්නයක්...ඔයා වාහනේ යනවා...ඔන්න එක පාරටම කොල ලයිට් එක වැටෙනවා..දැන් ඔයා මොක්ද කරන්නේ....ඉතින් උත්තර දෙන එකා කිව්වලු.. කොල පාට ලයිට් එක වැටුන නම් මාර්ග නීති දන්න පුද්ගලයෙක් විදිහට කොල ලයිට් එක ඇහිද ගෙන ලග ඉන්න රාලහාමි කෙනෙක්ට දීලා යනවා කියලා.. :)) (හිනා යන්නෙ නෑ නේ..ඉකෙයියා..)
ඔය ගොල්ලො වගේ අය තමා මාර්ග නීතී පිලිපැදලා, අපේ අදරණීය මාතෘභූමිය ලෝකය ඉදිරියේ අපකීර්තියට පත් කොරන්නේ
ReplyDelete:)) :)) :)) :)) :)) :)) :))
ReplyDeleteai Townhall aken nagga naththe ?
@roshan: නෝමල් කහ ඉරක් නම් එච්චර අව්ලක් නෑ. රතු ලයිට් තියෙද්දි තමයි අව්ල :D
ReplyDelete@රත්ගමයා: :)) අනෙ නෑ. හිනා යනවා.
ReplyDelete@charitha: ඒක තමයි... ;)
ReplyDelete@sihinadanawwa: townhall එකෙන් නගින්න ගියා නම් තව පාරවල් 2ක් පනින්න වෙනවනෙ..:(
ReplyDeleteඅර ආශ්චර්ය උනාට පස්සෙ ඔයා අද පැනපු විදියට පාර පැන්නට කමක් නෑ.එතකන් ඉතිං කලර් ලයිට් ගාව ලත වෙන්න ඕනෙ නෑ.ආයෙ බස් එකකට නඟින්නත් පාර මැද්දටම උනත් ගියාට කවුරුවත් මොනාවත් හිතන්නෙත් නෑ.
ReplyDeleteඅසනීපෙන් ඉන්න අන්කල් ට ඉක්මන් සුවයත් ඒ ගමන් බිමන් වැඩ කරගන්න බලන්න යන එන ඔයාට මඟ තොට ආරක්ශාවත් ලැබිල තෙරුවන් සරණින් හැමදේම හොදින් කර ගන්න ලැබෙයි..
ReplyDelete@dinesh : ;;)
ReplyDelete@ පැන්ඩා: පින්! :)
ReplyDeleteසංසාරේ!
ReplyDeleteහෙමීට පාර පනින්න එපා ...
ReplyDeleteදකින බලා වම බලන්න
නැවතත් දකුනම බලන්න .... මතකයි නේ ?
@අනුරාධ: සංසාරේ අපි...
ReplyDelete@හිස් අහස: දැන් තියෙන්නෙ ගොඩක් වන් වේ නෙ... දකුණ බැලුවාම ඇති.. :))
ReplyDeleteමොනව වුනත් කරල තියෙන්නේ අගේ තියෙන වැඩක් ..මෙන්න ඒකට ප්‍රණාමය ඉස්සෙල්ලම... අපේ රට හදන්න ප්‍රධානම බාධාවක් වෙලා තියෙන්නෙත් අපේ මිනිස්සුන්ගේ විනය නැතිකම ... අවුරුදු කීපයක් ඇමරිකාවේ ඉන්න නිසා ඔය කියන නීති අකුරටම පිළිපදින්න ඉබේම පුරුදු උනා... මරුම වැඩේ උනේ ගිය අවුරුද්දේ මගේ වෙන්න නෝනා මහත්තයා එක්ක නුවර රවුම් ගහද්දි කොල්ල මෙහේ පුරුද්දට කහ ඉර ගාව වාහන නවත්තනකන් බලන් ඉන්නවා.. නෝන බැරිම තැන මෙන්න මෙහේ යන් කියල ඇදගෙන යනකන් ... බස් එකට නඟින එකත් එහෙමම තමයි..මෙහේ අපරාදේ කියන්න බැහැ බස් හෝල්ට් එකෙත් කට්ටිය පෝලිමට හෙමින් බස් එකට නඟින්නේ..ලංකාවේ එහෙම හිටියොත් සොරිනෙ කියල මතක් වෙලා ටක් ගාල නැඟල දෙන්නට සීට් අල්ල ගත්තේ...
ReplyDeleteසාධු සාධු සාධු.. ඕකට කියන්නේ කලර් ලයිට් ෆෝබියා කියලා
ReplyDeleteඔයා කරන්නෙ හරි දේ නම් අනිත් අය කියන කතා අහන්න ඕනේ නෑ...
ReplyDeleteඇත්තටම වැරදි දේවල් වලට වැඩිය හරි දේවල් කරන්න අමාරුයි...
ඔයා මොකක් හරි වෙනස් දෙයක්(නිවැරදි දෙයක්)කරනකොට සමාජය නිකන් උපහාසෙන් හිනාවෙලා ඒක නවත්තන්න හදයි....
- එහෙම බැරිනම් අපහාස කරලා මඩ ගහලා නවත්තන්න හදයි...
- එහෙමත් බැරිවුනොත් ගහල බැනලා තර්ජනය කරලා නවත්තන්න හදයි..
- එහෙමත් බැරිනම් ඕනදෙයක් කරගනින් කියලා නිකන් ඉඳියි...
- ටික කාලෙකින් ඒක හරි කියලා තේරුනාම ඔයාව අනුගමනය කරයි...
ඒක හින්දා හරි දේ කරන්න පැකිලෙන්න ඕනෙ නෑ..
(මම ඉතින් පණ්ඩිතයා වගේ කිව්වට මහත්මා ගාන්ධි ඕක කියලා තියෙන්නේ. )
පනින්න පෙර සිතා බලනු කියල තියනවනෙ....
ReplyDelete- අපි පාර පනින්න Light මාරුවෙනකන් බලන් හිටියොත් හිනා වෙන්න අය ඔන තරම් ඉන්නව.
- රතුලයිට් එක වැටිල තියනකොට පාර පනින්න ගිහින් වාහනේක හැපුනොත් දුක් වෙන්න ඉන්නෙ කී දෙනාද...
ඒක නිසා කරපු දේට මම 100%ක් එකගයි. මෙන්න ආචාරය...
අම්මේ ඇති යන්තම් මඩ ගැහිල්ල නවත්තල.. මන් හිතන්නේ හැමදාම ඔයා කරන්නේ ඔය වගේ වැඩ තමා.. හික්ස් :)) .. නරකද අර ඔයාගේ බෝඩිමේ _ _ වැඩ පොත ගැනත් ලිව්වොත්.. හිහ් හිහ්.... =)) =))
ReplyDelete@ ඉෂාර: හරිනේ.. මේ ලංකාවනේ... "දේසේ හැටියට වාසේ..."
ReplyDelete@prasanna86k : ඔහ්... අනේ මට එහෙම psychological disorder එකක් ඇති කියලා මන් හිතන්නෙ නෑ...:((
ReplyDelete@හරී: දන්න දෙයක් අනික් අයට කියලා දෙනවට ගොඩක් පින්... :)
ReplyDelete@ කේශාන් : ආචාරයට ප්‍රති ආචාරය...;;)
ReplyDelete@ කැළණිතිස්ස: ඒක තමයි... ලියන්නම් ලියන්නම්... ඔයා මට අළුත් බෝඩිමක් හොයනවනේ... :))
ReplyDeleteඅයියෝ ඔයාටත් වෙන දේවල් නේද?
ReplyDelete@ ayesha :ඔව් අනේ බලන්නකො...:(
ReplyDeleteතාආආආආආරාආආආආආ අක්කේ.....බොලොග් එක බැලූව.එළ ඔහොම දිගටම ලියන්න...
ReplyDeleteමගේ බ්ලොග් එකත් ඔයාගේ කැමතිම බොලොග් එකක් කරගත්තට ස්තුතියි...
මම.....
එකස් පරස්
@ xපරස්: :D
ReplyDeleteඔය බය තියාගන්න !! මගේ යාලුවෙක් පාර මාරුවෙන්න ගිහිල්ලා මැරුනා!! හන්ඩ්ස්ෆ්‍රී ගහගෙන :|
ReplyDeleteඅක්කේ මම නම් හිතනවිඳියට සාමාන්‍ය කියන එක බිහිවෙන්නෙ බහුතර ආකල්පය මිසක් නිරවද්‍යතාවය මත නෙවේ.ඒක නිසා අක්කා හදවතට එකගව වැඩකරපු එක ගැන මම අක්කට තෑන්ක් කරනවා. මොකද මිනිස්සු ගොඩකට ඒක අමතක වෙලා....
ReplyDeleteඅක්කට ජය
@සරදියෙල්: එකපාර මැරෙනව නම් කමක් නෑ. අත පය කැඩිලා ගෙදරට වද දෙන්න ඉන්නෙ නැතුව. අවවාදයට ස්තුතියි සහෝදරයා...
ReplyDelete@ බණ්ඩා: ඔබටත් ජය :)
ReplyDeleteබොලන් මටත් ඔහොම සීන් වෙනවා නොවැ... නීතියට පාර පනින්න ගිහින්... දකුණයි වමයි බලලා උඩ බිමත් බලලා පාර පනිනකොට ඉතින් අනිවා 3වීල් එකකින් මට කරුණාව පාගෙන යනවා. ඇයි හත් දෙයියනේ ඒවා පුදුම වේගෙකින් නේ යන්නෙ
ReplyDeleteඅම්මේ... චූටි ටීච‍්ර ගෙ කමෙන්ට් එක නැතුව මම පාලුවන් හිටියෙ. ඔය ඇවිල්ල තියෙන්නෙ...
ReplyDeleteහෙනම කාලෙකට පස්සෙ මේක කියවන්න හම්බුනේ. ඔය අත්දැකීමට ඔය තැනදිම මමත් මුහුණ දීල තියෙනව. (ප්‍රතිපත්තියක් හැටියට මම පාර පනිද්දිත් කලර් ලයිට් සහ කහ ඉරි අනුගමනය කරනව. මොකද ඔය සිස්ටම්ස් අපිම ඩිසයින් කරල තියෙන නිසා ඒකෙ අමාරුව දන්නව.)
ReplyDelete@පොලා: හි හි... මට නම් එපා උනා... ~x(
ReplyDeleteඅනතුරක් වෙන්න කලින් ඒක වලක්වා ගන්න එක හොදයි නේ. පොඩ්ඩක් ඇවිද්දට මොකෑ වෙන්නේ.
ReplyDeleteමෙහෙම හරි එක එක්කෙනා මාර්ග නීතිවලට ගරු කරන්න හිතනවා නම් ඉස්සරහ ගැන බයවෙන්න දෙයක් නැහැ
ReplyDelete