
උත්තරයි ප්‍රශ්නයි ටික මට කට්ටිය කියපු විදිහට සිංහලෙන්ම ලියන්නම්...
01. කිඹුල් පාලනය (crocadile farming ) කිරීමට වාසි සහගත වන කරුණු ලියන්න.
-කිඹුලන්ට කිරි වලින් පෝෂණය වන අවධියක් (lactation period) නෑ. ඒ නිසා ඒ කාලය වෙනුවෙන් සේවකයො යොදවන්න ඕනෙ නෑ.
(මේ paper එක බලලා ඇවිත් එයාලගෙ සර් කිව්වලු " ඇයි කිඹුලන්ව ඉස්කෝලෙ යවන්න ඕනෙත් නෑනෙ. එතකොටත් ශ්‍රමය ඉතුරුයිනේ" කියලා )
02. integrated farming (හරිම සිංහල නම නම් දන්නෙ නෑ) කරනකොට, පොල් ත්‍රිකෝණයේ ගව පාලනය කිරිමේදී ඇතිවන ගැටළු ලියන්න.
-පොල් වතු වල අන්නාසි වගා කරනවා. අන්නාසි පඳුරු අස්සේ සර්පයෝ ඉන්නවා, එතකොට සර්පයෝ ගවයන්ට දෂ්ට කරලා ගවයෝ මැරෙන නිසා පොල් වතු වල ගව පාලනය කරන්න බෑ.
-පොල් වතු වල පොල් ගස් යටින් ගවයෝ යනකොට වේලිච්ච පොල් ගෙඩි ගවයන්ගේ පිට උඩට වැටිලා කොඳු කැඩෙනවා. එතකොට ගවයන්ට හානි වෙන නිසා පොල් වතු වල ගව පාලනය කරන්න බෑ.
(ප. ලි. මේ පෝස්ට් එක බැරිවෙලා හරි බෝඩිමේ කවුරු හරි දැක්කොත් බෝඩිමේ යුධ රහස් පිටතට දීමේ වරදට මාව බෝඩිමෙන් නෙරපනවා.. එහෙමයි කියලා මේවා නොකියා ඉන්නත් පුලුවන්ද... හි හි...")
තාමත් හිනා. මේ යාලුවාට මාරම නිර්මාණාත්මක අදහස් නේ තියෙන්නේ.
ReplyDeleteමේ කතාව කියෙව්වම මට අපේ යාලුවෙක් බහුවරණ පත්‍රයට උත්තර ලිව්ව විදිහ මතක් උනා.
එක ප්‍රශ්නයක උත්තර පහම පාට කරලා අන්තිමේ දී හරි උත්තරය වෙනම පැත්තක බෝලයක් අදලා ඒකේ මැද්දේ අදාල අංකය ලියලා. ඊට පස්සේ ඒ බෝලය ලගින් කරෙක්ට් ආන්සර් කියලා ලියලා. ඒ බෝලෙත් පාට කරලා මේ ලෝකේ දෙයක් පේන්නේ නෑ.
@ මධුරංග: =)) අපේ එකා වගේම වෙන්නැති
ReplyDeleteමාර ක්‍රියේටිව් ලු....අර මම ෆැශන් ඩිසයිනින්ග් වල නොපෙනෙනන් ඇදුම් ඇන්දා වගේ..හික්
ReplyDeleteආ... තාර නම් කියාවි. එතකොට ඔය දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ මොකක්ද?
ReplyDeleteමෙන්න මේකත් කියවලම බලන්නකෝ...
අයියෝ මෙහෙම වටිනා අදහස් තියෙන අය ඉන්න බව ලෝකෙට හෙලි කරාට ඔයාව බෝඩිමෙන් පන්නලා මදි.
ReplyDeleteමේ අයට කරලියට එන්න අත දෙන්න කෙනෙක් නැතුව වගේ ඉන්නේ... අවශ්‍ය වුනොත් කියන්න..
ReplyDeleteමේ ප්‍රෂ්නේ A/L paspaper එහෙක තියෙනවා.
ReplyDeleteSQප්රෂ්නය:- ඔබට චුම්බයයක් හා නූල් කැබැල්ලක් සපයා ඇත. එවා බාවිතා කර පෘතුවි උත්තරඩ්රැවය සොයා ගන්නා ආකාරය පැහැදිලි කරන්න.
පිලිතුර:- චුම්බයයක් හා නූල් කැබැල්ලක් සපයන තුරු බලා සිටියෙමි. එය නොලැබුනු බැවින් පිලිතුරු සැපයීමට නොහැකිය.
;)
ඇත්තනේ අප්පා... එපා වෙනවා...බි.පෙ.සි. !!!
Deleteබි.පෙ.සි කිව්වෙ?
Deleteබිම පෙරලී සිනාසෙමි !!!
Deleteආ... තැන්කූ.. තැන්කූ..
Deleteපාඩම් කරලා ගියේ නෑති උනාම තමා ඔවා ඔහොම වෙන්නේ.. දවසක් මගෙන් ගුරෙක් ඈහුවා වට් ඉස් අ Spontaneous process ටෙල් මී ද ඩෙෆිනිශන් කියලා... මම දන්න ස්පොන්ටෙනියසක් නෑ... පාඩම් කලේත් නෑ.. එකෙක් ගෙන් ඈහුවා මොකක් ද ස්පොන්ටනියස් කියන්නේ කියලා.. ස්වයන්සිද්දි කියලා.. මම ඉතින් උත්තර ලිවා.. a process happens by it self කියලා...ගුරා හිනාවෙලා.. මට 0.7 දුන්නා..
ReplyDelete@ රත්ගමයා: නොපෙනෙන ඇඳුම්???:-o
ReplyDelete@ හිශාන්: ආ.. ඒක කියෙව්ව. ඒකත් මරු සිස්සයෙක් තමයි නේද...=))
@ පිනිබිඳු: ඔව් බෝඩිමෙන් පන්නලා විතරක් ඉතුරු උනොත් හොඳයි... ඌරෙක් කපනවා වගේ කපන්නෙ නැතුව...b-(
@ සෝරෝ: මමකියන්නම් ඔයාලා එයාට අත දෙන්න කැමතියි කියලා...;)
@ සින්බාද්: මරු වැඩේ...=))
@ සරදියෙල්: මෙතන තියෙන ප්‍රශ්නෙ ඇවිල්ලා නෝට් එකේ නැති, හිතලා උත්තර ලියන්න තිබිච්ච ප්‍රශ්න තමයි මේවා....
ReplyDeleteඅද නම් තාරාව පන්නනවා සුවර්මයි....
ReplyDelete@ මාළුවා: ඔව්.මමත් බයෙන් ඉන්නෙ මුන් මේක කියවයිද කියලා. මං මූනු පොතට මේක දැම්මෙත් නෑ. බයටම...
ReplyDeleteඅර සතා නැතත් බෝඩිං අයිතිකාරි එලවනවා හෙට වෙනකොට.. මාස 2 ක ඇඩ්වාන්ස් + මාසෙක බෝඩිං ගාස්තු ගෙව්වෙ නැත්නම්...
නාය යන්න ඔන්න මෙන්න තියෙන තැනක ඉන්නත් සෑහෙන ගේමක් දෙන්න ඕනෙ..
:D :D :D
ReplyDeleteපට්ටයි
@ රොබින්: :D
ReplyDeleteඔයා මොනවද ඔය ප්‍රශ්නෙ ට ලිව්වේ...
ReplyDeleteප.ලී
ආ ගිය කට්ටිය... බෑලුවා නම් රට මොකක් ද කියලා තේරෙයි
@ සරදියෙල්: අපෝ මම ඔය සත්ව විජ්ජාව නෙමෙයිනෙ ඉගෙන ගන්නෙ :|
ReplyDeleteහිටපන් මම කියන්නම්..දෙන්නම් උඹට අපේ ඇරියසුත් එක්කම
ReplyDelete@පැන්ඩා: බුදු අම්මෝ.... b-(
ReplyDeleteයකාගේ ප්‍රශ්න ටිකක් නෙ ඔයාලගෙ සතාට තිබිල තියෙන්නේ....
ReplyDelete@නඳුන් උයන: ඔය සතාට ඔහොම ප්‍රශ්න තව සෑහෙන්න තිබුනා... ටික ටික කියන්නම්කෝ ඒවත්...
ReplyDeleteබුද්ධාගම ප්‍රශ්න පත්තරේ කොල්ලෙක් දීපු උත්තර වගේ. අහලා ඇතිනේ
ReplyDeleteසිදුහත් කුමාරයා ගිහි ගෙය හැර ගියේ ඇයි ? ගෙවල් කුලී ගෙවා ගැනීමට නොහැකි වූ නිසා
බුදුරදුන් කැලණියට වැඩම කලේ ඇයි ? නිල රථයට ටයර් දමා ගැනීමට
තව ඒවා තිබ්බා. දැන් නම් මතක නැහැ
හි හි... නියමයි
Delete//integrated farming// සමෝධානිත ගොවිකම
ReplyDeleteබලන් ගියාම පට්ට ක්‍රියේටිව් යාලුවෝ ටිකක් නේ තාරාට ඉන්නේ !!!
නැතුව නැතුව... මෙහෙම යාලුවො ලබන්න පිං කරන්න ඕනෙ... ලේ පිරිසිඳුයි මුං එක්ක ඉන්නකොට...
Deleteආ අර වචනෙ සිංහල තේරුම කියාදුන්නට ස්තුතියි..
Delete