
මේ තමයි අද හවස අපේ බෝඩිමට ආව අමුත්තා. අපේ කාමරේ ජනේලෙන් තමයි ඇවිත් තියෙන්නෙ. මෙයා එනකොට නම් මම කාමරේ හිටියෙ නෑ. රූමා කෑ ගහන සද්දෙ ඇහිලා ගිහින් බලනකොට තමයි මෙයාව දැක්කෙ. මෙයා ඉගිලෙනකොට හිතෙන්නෙ වවුල් පැටියෙක් කියලා. ඒ තරමට ලොකුයි. බිත්තියක වැහුවාමයි සලබයෙක් කියලා අඳුරගත්තෙ.
මෙයාගෙ තියෙන විශේෂත්වය තමයි මෙයා ඉන්න පරිසරයට උපරිම විදිහට අනුවර්තනය වෙලා ඉන්නෙ. පේනවා ඇතිනේ මෙයාගෙ පිහාටු වල උඩ කොටස වේලුනු කොල 2ක් වගේ. යට කොටස මල් පෙති දෙකක් වගේ. මම නම් මෙහෙම එකෙක් මේ දැක්කමයි.
මෙයාගෙ සයිස් එක හිතාගන්න පුලුවන් නේද? මේ මෙයා වහලා ඉන්නෙ මගේ ලැප් බෑග් එකේ. අනේ අම්මපා මූ ටත් වහන්න වෙන තැනක් තිබුනෙම නැති හැටි.
රූමා ඉස්සෙල්ලම කෑ ගැහුවෙ තඩි සමනලයෙක් ඇවිත් කියලා. වැහුවාම තමයි පෙනුනේ ඌ සලබයෙක් කියලා... හා දැන් කට්ටිය දන්නව නම් කියන්න බලන්න සමනලයයි සලබයයි වෙන් කරල අඳුන ගන්නෙ කොහොමද කියලා....????????
මේක නම් මරු....ඇත්තටම ලස්සනයි....සමනලයයි සලඹයයි වෙන් කරන්නේ කොහොමද කියල නම් දන්නේ නැ.මේ සලබයා නම් මාර ලස්සනයි.මං මුලින් හිතුවේ උණ හපුලුවෙක් වත්ද කියලා....
ReplyDeleteසලබ රජෙක්......... :D
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteහරිම ලස්සන සලඹයෙක්. සමනළයා වහන කොට පිහාටු තියෙන්නේ මෙහෙම පැතලි වෙලා නෙමෙයි. උඩ අතට. මම හිතන්නේ ඒකෙන් තමයි ගොඩක් වෙලාවට වෙනස හොයා ගන්නේ බාහිරින්... :)
ReplyDeleteButterflies, skippers and moths all belong in the insect order Lepidoptera. However, there are some overall rules that can be used to tell a moth from a butterfly or skipper.
ReplyDeleteඋපුටා ගත්තේ මෙතනින්.
ජංජාලෙ තියෙන නිසා ඕන ප්රස්නෙකට උත්තර සුටුස් ගාල සොයා ගත් හැකි.
අද මම ගෙදර ඇවිදන් එන කොට සමනලයෙකුගෙ කැඩිල විසිරිල තිබුනු තටු ටිකක් නම් දැක්ක. මොනව කරන්නද ලෝකෙට ආව වගේම යන්නත් ක්රමයක් තියෙන්න එපාය.
සමනලයා මල් රොන් බොන්නේ
ReplyDeleteසලඹයා . පලතුරු කන්නේ
යෝධ සලබයෙක් නේ. මම එකම එක පාරක් දැක්කා ඔහොම එකෙක්.
ReplyDeleteසමනලයයි සලබයයි වෙන් කර ගන්නේ, සමනලයට අකුරු පහයි. සලබයාට අකුරු හතරයි. ඒක තමා මූලිකම වෙනව. තව තව උච්ඡාරනයෙත් පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. :)
තාරක්කේ....සලබයා ඔයාගෙ ගිය ආත්මෙ පෙම්වතෙක් වෙන්න බැරිද????
ReplyDeleteඔයාව බලාගන්න පියාබගෙන ඇවිත්...
අහිංසකයා පව්...
හින්සා කරන්නෙපා...
ජය වේවා...
සලබයා ඉදිද්දී යසියා යනෝ....
ජය වේවා
රූමා ඉස්සෙල්ලම කෑ ගැහුවෙ!
ReplyDeleteරූමා රූමි වෙන්න ඕන නේද?
hari lassanayi e salabaya.
ReplyDeleteඅම්මෝ ඒකගෙ සයිස් එක. මම දැකල තිබුණෙ නෑ මේ වගේ සලඹයෙක්
ReplyDeleteඔය සලබයත් බ්ලොග් ලියන එකෙක් වෙන්ට බැරිද..ලැප්ටොප් බෑග් එක උඩම වහල ඉන්නෙ.... ;)
ReplyDeleteවෙනස තමයි සමනළයට ම යන්නකි තියනව සබලයට නෑ හි හි හි
ReplyDeleteසොරි වෙන්න ඕනෙ සලබය
ReplyDeleteඅදහස් දීපු හැමෝටම ස්තුතියි.... තාක්ෂණික අවුලක් නිසා පෝස්ට් එකට කමෙන්ට් රිප්ලයි කරන්න එන්න බැරිඋනා... ඒකට හැමෝගෙන්ම සමාව ඉල්ලනවා....
ReplyDeleteජයවේවා....!!
සමනලයා පියාඹන්නේ දවල්ට. සලබයා රෑට. ඒක තමා ඒ දෙන්නගේ ප්රධාන වෙනස.
ReplyDeleteසමනලයා වසා සිටින විට පියාපත් වසා සිටින පෘශ්ඨයට ලම්බකව තබාගන්නවා. සලබයා පියාපත් තබාගන්නෙ පෘශ්ඨයට සමාන්තරව.පින්තූරෙ ඉන්නෙ සලබයෙක්. බලන්න පියාපත් තියන් ඉන්නෙ පෘශ්ඨයට සමාන්තරව.සලබයින් බොහෝ විට නිශාචරයින්.ඒ වගෙම බොහෝ විට කලු හා අලු වගේ අදුරු පාටයි. සමනලයන් බොහොමයක් වර්නවත් පියාපත් සහිතයි.දිවාචරයි. තව ඔව්න්ගේ හිසේ තිබෙන සන්වේදක වල ලක්ශන අනුවත් සම්නලයෙක්ද සලබයෙක්ද කියල වෙන් කර ගන්න පුලුවන්.
ReplyDelete