
ඊට පස්සෙ ගිහින් පන්තියට දාපු වෙලේ ඉඳන්, ටීචර් උගන්නන්නේ නැති හැම වෙලාවෙම තාත්ත ඉන්න කාමරේට දුවනවා.. පැන්සලේ තුඩ කැඩුනාමත් තාත්තා හොයාගෙන යනවා... ඒ යන හැම වෙලාවකම රුපියලක් මාටියා ගහගෙන එන්න අමතක කරන්නෙත් නෑ... (ඔන්න ඔහොම තමයි කෙල්ල මාටියා ගහන්න පටන් ගත්තෙ. දැනට සාර්ථක විදිහට කැළණිතිස්ස අයියගෙ පර්ස් එකට වැඩේ දෙනවා.. :D).
ඒ පුන්චි කෙල්ලට අපි තාරා කියලා නම තියමු...
ඔන්න එක දවසක් තාත්තා තාරා වයි මල්ලිවයි ලං කරගෙන සිංහබාහු කතාව කියලා දෙනවා.. ඒ දවස් වල සිංහල අච්චු පොතක ඒ කතාව සේරම කවි ටිකත් එක්ක තිබුනා... තාත්තා ලස්සනට කවි ටිකත් කියලා රඟපාලා වගේ කතාව කියනවා... කතාවෙ අන්තිම හරියෙදි සිංහබාහු සිංහයව මරනවනෙ... ඔන්න ඕක කිව්ව විතරයි තාරයි මල්ලි දෙන්නම තාත්තව බදාගෙන අඬනව... ඇයි කියල ඇහුවම "ඒකෙ පුතා තාත්තව මරනවනේ..." කියලා තවත් හයියෙන් අඬනවලු...
අදටත් තාරාට හිතෙනවා ඒ කතාවෙ අවසානය වෙනස් උනා නම් හොඳයි කියලා....

ඒ වගේම තාරාගෙ තාත්තගෙ කතාවත් දැන් තියෙන එකට වඩා හොඳ උනා නම්... ඉස්සර වගේම තාත්තගෙ ඇස් දෙක හොඳින් පෙනුන නම්... ඉස්සර වගේ, ලස්සන චිත්‍ර අඳින්න( ඔය පිටිපස්සෙන් තියෙන මියුරල් එක වගේ ), කැටයම් කපන්න, පොත් කියවන්න.... කොච්චරක් නම් දෙවල්ද... තාත්තගෙ ගෝල බාලයා වෙලා තාරා නොකරපු දෙයක් නෑ... කැරකෙන වෙසක් කූඩු හැදුවා, තොරන් වලට චිත්‍ර ඇන්දා, ලී වැඩ කලා, කැටයම් කැපුවා, මේසන් වැඩ කලා, ඉලෙක්ට්‍රික් වැඩ කලා...
අද තාරා තාත්තට ඇහෙන්න පත්තරේ කියවනකොට, අතින් අල්ලගෙන්න පාරෙ එක්කගෙන යනකොට, තාත්තා ඇඳපු චිත්‍ර දකිනකොට, තාත්තා ආයෙ කවදාවත් ඉස්කෝලෙ යන්න්නෙ නෑ කියලා මතක් වෙනකොට, දෙවියො ඇයි මේ තරම් නපුරු උනේ කියලා තාරට හිතිච්චි වාර නම් කොච්චරක්ද...
අද තාරගෙ තාත්තගෙ උපන්දිනේ... තාත්තට අදට වයස 47යි. "මගේ තාත්තට සුභ උපන් දිනයක් වේවා!! ඒ වගේම ඉක්මනට සනීප වෙන්නත් ඕනෙ..."
ප. ලි. :මේ පෝස්ට් එක ලියන්න නම් පටන් ගත්තේ තාත්තා ගැන ගොඩක් දේවල් කියන්න හිතාගෙන... ඒත් එක පිට එක සිතිවිලි රෑන් පිටින් හිතට කඩාවදිනවා... වචන වලින් විස්තර කරන්න බැරි ගොඩාක් දෙවල්... සමහර විට ඡේදයෙන් ඡේදය සම්බන්දයක් නෑ වගේ පේනවා ඇති... සංවිධානය කරලා ගලපලා ලියපු පෝස්ට් එකක් නෙමෙයි.... කවියක් ලියනවා කියලා මුලින් හිතුවට පද 4ක් ගලපගන්නත් ගොඩක් අමාරුයි... ඒ හින්දා රචනාවක්ම ලිව්වා...
තාරා මුලින්ම ඔයාගේ රත්තරන් තාත්තට සුබ උපන්දිනයක් කියනවා වගේම..ඉක්මනට හොද වෙන්න පතනවා..ඒ විතරක් නෙමේ මගේ තාත්තා වෙනුවෙන්..ලියපු කවිය ඔයාගේ තාත්තට තෑගි කරනවා..මේ අසනිට දෙන්න පුලුවන් එච්චරයි..යාලු..
ReplyDeleteඔයා කිව්වා හරි මන් මගේ තාත්තා ගැන ලිපියක් ලියන්නේ සතියක් ඉදන්..ඒත් මට ඒක ලියලා ඉවර කරන්න බෑ..මොකද මට ටිකක් ලියද්දි ඇඩෙනවා..මොකද මගේ තාත්තා ඉන්නේ මගෙන් ඈත..මගේ ජීවිතේ එයා..ඒ නිසාමයි අමාරුවෙන් ගලපලා අද කවිය ලිව්වේ.. ඔයාගේ තාත්තට දෙන්න මගේ කවිය..ලස්සන නැති වුනත් ආදරේ ඒකේ තියේවි..
දුවෙක්ට තාත්තෙක්ගේ ආදරේ කොච්චර ඕනද කියලා දුවෙක්ට ඇරුනාම වෙන කාටවත් තේරෙන් නෑ තාරා..මන් ඔයාගේ තාත්තා වෙනුවෙන් ප්‍රාර්තනා කරන්නම් මගේ යාලූ..
මුලින්ම තාරගේ අප්පච්චිට සුබ උපන්දිනයක් වේවා කියලත් අප්පච්චිට ඉක්මනටම සුව වෙන්න කියලත් පතන්නම්. දුවෙක් වැඩියෙන්ම කිට්ටු අප්පච්චිට කියලා කියනවනේ. ඒ නිසාම වෙන්න ඇති තාරත් තමන්ගේ අප්පච්ච්ට මෙච්චරම කිට්ටු.
ReplyDeleteඔයාට කවියක් ගලපගන්න සිතුවිලි ටික ගලපගන්න බැරි වෙන්නේ අප්පච්චිගේ ආදරේ ඒ සිතුවිලි වලට ගේන්න බැරි නිසා. තවත් සරලව කියනවානම් අප්පච්චිගේ ආදරේ ඊටත් වඩා වැඩි හන්දා.
නැවත වතාවක් අප්පච්චිට ඉක්මන් සුව පතන්නම් !!!! ඔයාලෑ අප්පච්චිට දලදා සමිඳු සරණයි !!!
ඔයාගේ තාත්තට ඉක්මනින් සනීප වෙයි තාරා. එයාට සුභ උපන් දිනයක් කියලත් ප්‍රාර්ථනා කරනවා.
ReplyDeleteඅක්කගේ තාත්තට ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා....
ReplyDeleteඒ වගේම අක්කගේ තාත්තට සුභම සුභ උපන්දිනයක් වේවා!
සුබ උපන්දිනයක් වේවා ඔයාගෙ තාත්තට.ඉක්මනින් සුව වෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා.
ReplyDeleteලිපිය කියවද්දී ඇත්තටම ඇස් වලට කඳුලු ආවා..
ReplyDeleteඒකට හේතුව තාරාගෙ තාත්ත අසනීප වෙලා කියල ලියල තියන හන්ද්ද, නැත්නම් තාත්තගේ ආදරේ ගැන ලස්සනට ලියල තියන හන්දද, නැත්නම් මමත් ඔය වගේම තාත්ත එක්ක ඉස්කොලේ ගිය හැටි මතක් වෙච්ච හන්ද්ද කියන්න මට තෙරෙන්නේ නැ...
නමුත් ඔය හේතු තුනම හන්ද වෙන්නත් පුලුවන්...
ගුරු - පියානන්ට ඉක්මන් සුවය පතනවා.....
සුබ උපන්දියනයක්ක් වේවා!!1
ReplyDeleteතාත්තාට ඉක්මන් සුවය ලැබේවා...
ReplyDeleteකෙල්ලො මෙතරම් තාත්තාට ආදරේ ඇයි දන්නේ නැහැ නේද අක්කේ..මටත් මගේ ජිවිතේ කියන්නේ තාත්තා..ඉතින් අක්කා කියන දේ මට තෙරෙනවා..
ReplyDeleteඅක්කාගේ රත්තරන් තාත්තාට ඉක්මනට සනිප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..එ වගේම සුබම සුබ උපන්දිනයක් කියලා පතනවා..
තාරාගේ තාත්තට සුභම සුභ උපන්දිනයක් වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා..ඉක්මනටම ලෙඩ දුක් නැතිවෙලා නිරෝගී වෙන්න කියලත් හදවතින්ම ප්‍රර්ථනා කරනවා :)
ReplyDeleteහැමෝටම ගොඩාක් ස්තුතියි...
ReplyDeleteඔයාගේ තාත්තට ඉක්මනට සනීප වේවා! කියලයි සුභ උපන්දිනයක් වේවා! යි පතනවා.
ReplyDeleteඅක්කගේ තාත්තාට සුභම සුභ උපන් දිනයක් වේවා..!! ඒ වගේම ඉක්මනින් සුව ලැබෙන්න කියලත් පතනවා......
ReplyDeleteකොමෙන්ට් දැම්මේ නැති වුනත් මමත් අක්කගෙ බ්ලොග් එක හැමදාම කියවනවා...:)