
යන එන මඟ දිගට තොරතුරු විමසන්නේ
මැණිකක් වගේ මා රක්ෂා කරමින්නේ
ඔබ ලබනා සතුට මා හොඳ හැටි දන්නේ
බත් පත අතට ගෙන මාගේ ගැන සොයන
කෑවේ මොනවාද රසගුණ දැයි අසන
කටහඬ වෙනසකින් අසනීපය හැඳින
ඉටු දෙවි රුවින් මා ආරක්ෂා කරන
හිරු සඳු එක නුබෙක පෑයූ ලෙසින්නේ
මාපිය ඔබ මගේ ලොව එලි කරන්නේ
ලඟ නැතියෙන් තනිය පාළුව දැනෙන්නේ
දෙනුවන් පියාගෙන ඔබෙ රුව දකින්නේ
අම්මේ මම නුබට ආදරෙයි.....
ReplyDeleteජිවේ පොවන උල්පත ඔබයි....
මම නම් මව්පියන්ගේන් හොගක් ආදරේ අම්මාට ඉතින් මට මේ කව් පදවලින් නැවතත් මාගේ දෙමව්පියන්ව ඇත්තටම සිහි වෙනවා..
දරුවෙක්ට දෙමව්පියෝ තරම් මේ ලෝකේ ලබන්න පුලුවන් උතුම් සම්පතක් නෑ. ඒ තරමටම දෙමව්පියෝ උත්තරීතරයි. උතුම්.
ReplyDeleteතාරාගේ මේ කවි පද ටික දරුවන් වෙනුවන් අනන්තවත් දුක් විඳින ලෝවැසි සියලු අම්මාවරුන්ට උපහාරයක්ම වේවා.
ප.ලි. - කොහෙද හලෝ මෙච්චර කල් ගිහින් හිටියේ ? විභාගද?
@ වේලාව ලඟයි: බොහොම ස්තුතියි... මේ පැත්තට සාදරයෙන් පිලිගන්නවා...
ReplyDelete@මධුරංග: ඔයාටත් බොහොම ස්තුතියි... විභාග නම් නෑ... කම්මැලිකම වැඩියිනේ..
"කටහඬ වෙනසකින් අසනීපය හැඳින
ReplyDeleteඉටු දෙවි රුවින් මා ආරක්ෂා කරන"
මේ දෙපදයට වැඩිමනත් හිත ඇදුනා..
අපූරු පදපෙළක් සිස්..
දෙමාපිය සෙනෙහස ගැන ආයේ මොන තර්කද ?
@ සන්සරසිදු: :) ස්තුතියි...
ReplyDelete