
"රාමේන්" කියන්නේ ජපන්කැමක්...කොරියාවෙත් කනවා... නූඩ්ල්ස් වලට කියන තවත් නමක් වගේ තමයි...
දන්නවනෙ ඉහ්ටින් පහුගිය දවස් වල අපේ බෝඩිමට korean පිස්සුවක් හැදිලා තිබුනා කියලා.. මේ රාමේන් හදන්න ඉගෙන ගත්තෙත් "prosecutor princess" කතාව බලලා තමයි... එහෙ තියෙන නූඩ්ල්ස් වෙනුවට මෙහෙ කොත්තු මී ගැලපෙනවා...
මේ කියන්නෙ එක්කෙනෙකුට ඇතිවෙන්න වට්ටෝරුව
අවශ්‍ය ද්‍රව්‍ය:
කොත්තු මී නූඩ්ල්ස් - පැකට් 1 (hot and spicy)
වතුර - අඬු කෝප්ප 2
ලීක්ස් - ඇදේට කපපු කඳ කොටස් කීපයක්
බී ළුනු - රවුමට කපපු කොටස් කීපයක්
බිත්තරයක්
ලුනු ස්වල්පයක්

සාදන ක්‍රමය:
ඉස්සෙල්ලාම වතුර භාජනයකට දාලා ලිපෙන් තියලා ඒක නටනකොට කොත්තු මී එකේ තියෙන කුඩු පැකට් එක කඩලා දාන්න. ඊට පස්සෙ නූඩ්ල්ස් ටික දාන්න. නූඩ්ල්ස් බාගෙට තැම්බීගෙන එනකොට ලීක්ස් සහ ළුනු දාලා භාජනය පියනකින් වහලා තියන්න. විනාඩියක් විතර යනකොට භාජනය ඇරලා බලන්න. නූඩ්ල්ස් සහ ලීක්ස් දෙකම් තැම්බිලා නම් කොත්තු මී එකේ තෙල් පැකට් එක දාන්න. ඊට පස්සෙ බිත්තරෙත් කඩලා ඊට උඩින් දාලා බිත්තරේට ලුනු ටිකක් දාන්න.
දැන් වතුර ගතිය හිඳිලා ගියාට පස්සෙ ලිපෙන් බාගන්න.....
ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.................
සැ.යු. වතුර වැඩි කරගන්න එපා... හිඳෙනකන් බාන්නත් එපා...(රාමේන් කන්නෙ වතුර ගතිය තියෙන්න උනාට කොත්තුමී එහෙම හැදුවාම දිය රහයි).. බිත්තරේ දැම්මට පස්සෙ හැඳිගාන්නත් එපා....
හදලා බලලා රහ කියන්නකෝ.....
දැන් ඕක කන්න කෝටු දෙකක් තියෙන්නත් ඕනෙද?
ReplyDeleteරහ ඇති මමත් කොත්තුමි නම් කාල තියනව ඇති වෙනකම්.ඔය ක්‍රමේට බබාට හදල දෙනව අපි.එයත් ආසයි එහෙම කන්න.
ReplyDelete@පිනිබිඳු: ආ... ඔව් ඔව්...
ReplyDelete@නදී: ;)
මමත් අපේ අම්මට කියලා හදෝගෙන කන්නම්. මෙයත් දැන් පිණිබිඳුවා වගේ කෑම හදන්න පුරුදු වෙලා එහෙනම්. හොඳ හොඳා. අනාගතයට ලොකු ආයෝජනයක් නේ උයන්න ඉගෙනගන්න එක. :)
ReplyDeleteදවසක් කොත්තු මී වලින් සුපි නූඩ්ලස් හදන්න ගිහින් පදම වැරදිලා හය හත් පාරක් ටොයිලැට් ගියා. අම්මෝ බඩ නරක් උනා.!!!
අත්හදා බැලීම් අනතුරු දායකයි.
@පිණිබිඳු... :
ReplyDeleteඔය කොටු වලට කියන්නේ චොප්ස්ටිකස් කියලා නෙහ් ?
ජපන් කෑමවලට තමා මේ කෝටු කෑලි ඕනැන්නේ. මේක කොරියන් කෑමක් නෙ. ඒ නිසා ඒවා එපා.ඕනෙම නම් කෝපි කෝටු දෙකක් කපාගෙන කන්න පුලුවන් නේ. :))
@මධුරංග : ජපානෙ විතරක් නෙමෙයි කොරියාවෙත් කෝටු දෙකෙන් කනවා...
ReplyDeleteමචන් රාමෙන් කොරියන් කෑමක් නෙමේ ජපන් කෑමක්.
ReplyDeleteහීටරෙන් වතුර රත් කරලා ඕක හදන්න පුලුවන්දෝ....
ReplyDeleteමොකද අපිට ලිපක් නැති හින්දා හීටරෙන් තමයි නූඩ්ලස් හදන්නෙ බිත්තර තම්බන්නෙ... හොදි උයන්නෙ....
@රාවන් : බොහොම ස්තුතියි දැනුවත් කලාට... මම පෝස්ට් එක එඩිට් කරන්නම්...
ReplyDelete@හරී: මම නම් හීටරෙන් ට්‍රයි කලේ නෑ.. බිත්තරෙයි ලීක්ස් ටිකයි තැම්බෙන්න රස්නෙ ඇති නම් අව්ලක් වෙන එකක් නෑ...
@තාරා :එලවලු කොහොම වෙයිද දන්නේ නෑ ...ඒත් අපි බිත්තර නම් හීටරෙන් තම්බනවා....නියමෙට තැම්බෙනවා ලිපේ තිබ්බා වගේම.......
ReplyDeleteබිත්තර තැම්බෙනව කියන්නෙ ලීක්ස් නිකං හොදි වෙන්නම තැම්බෙයි...
ReplyDeleteහීටරෙන් ඔය ටික කරල අයර්න් එකෙන් රොටි පුච්චන් කන කැම්පස් කොල්ලො ඕනි තරං ඉන්න රටක් මේක
මට නං තේරෙන්නෙ නැහැ. ඔයා ඕක හදන විදය වීඩියෝ කරල youtube එකට දෑව නම් මීට වඩා ප්‍රයෝජනවත් වෙන්න තිබ්බ.
ReplyDeleteලංකාවේ කෑම තරම් වෙන මොනවා වත් මට නම් අල්ලන්නේ නැහැ. විශේෂයෙන්ම බත් ඇරෙන්න අනිත් ජාති කෑවට බඩ පිරෙන්නෙත් නැහැ
ReplyDelete