අද නම් කියන්න යන කතාව බෝඩිම ගැන නෙමෙයි. මේක අර ගැරඬියා ආපු ඔෆිස් එකේ ඉන්න කාලෙ වෙච්චි එකක්. ඒ ලෙවල් පලවෙනි පාර කරලා, මැරුනත් ආයෙ නම් කරන්නෙ නැ කියලා ගෙදර හිටපු කාලෙ. ඒ කියන්නෙ මටම වෙච්චි දෙයක්. මම ෂර්ලොක් හෝම්ස් ගේ ක්‍රියා පටිපාටිය අනුගමනය කරල කරපු වීර ක්‍රියාවක් ගැන. ඔය බස් වල යන ගමන් කෙල්ලන්ට කොකම් පපා යන කට්ටිය හොඳට අහගන්න...
ප්‍රධාන බස් පාරෙ ඉඳන් අපේ ගෙදරට එන්න පැය කාලක් විතර පයින් යන්න ඕනෙ. ඕක තමයි ඉතින් තියෙන අමාරුම වැඩේ. ඉස්කෝලෙ යන කාලෙ නම් කට්ටිය එක්ක කෑ ගගහ පාර දෙවනත් කරගෙන එනකොට ඔය දුර දැනෙන්නෙ නෑ. ඒත් මේ ජොබ් එකට යන කාලෙ පයින් යනව එනව කියන්නෙ මරනව වගේ. ලංගමෙන් ඒ වෙනකොට අපේ පාරට එක බස් එකක් දාලා තිබුනා. ඒක පැයකට සැරයක් එහාට මෙහාට යනවා. ඉතින් එතකොට නම් හොඳයි. ඒ බස් එක නම් අපේ ගේ ගාවින් ම යනවා. මම වැඩ කරපු තැන තිබුනෙ මහ දුරක නෙමේ. අර ප්‍රධාන බස් පාරට හැරෙන හංදියෙ.උදේ 8.20 ට යන බස් එකේ සෙනඟ කට කපල හිටියත් මමත් ඉතින් කොහොම හරි නැඟල යනවා. පයින් යන්න කම්මැලි කමටම.
මේ කියන කාලෙ වෙනකොට මම මාස 2ක් විතර එතන වැඩ කරලා පඩියක් එහෙම අරන්, ඒකෙන් චූටි ෆෝන් එකකුත් අරන් හිටියෙ. Nokia 1200 එකක්. ඒත් මමම හම්බ කරලා ගත්තු එක නිසා පුදුම ආදරෙයි. ඒකට ක්‍රිස්ටල් කවරයක් දාලා, පටියක් දාලා (ඒ නම් මගෙ අතින් හැම වෙලේම වැටෙන නිසා...), කෝල් එකක් එනකොට ලයිට් පත්තු වෙන ස්ටිකර් එකකුත් පිටිපස්සෙ අලවලා තිබුනෙ.
දවසක් මම ෆෝන් එකත් කලිසමේ සාක්කුවෙ දාගෙන උදේ බස් එකේ ගිහින් හංදියෙන් බැස්සා. මම චූටි දුරකින් බහින නිසා දොරෙන් බහිනවට වඩා ජනේලෙකින් පනින එක හොඳයි කියල හිතෙන්නෙ ඔය වෙලාවට තමා. කොහොම කොහොම හරි තෙරපිලා තෙරපිලා බස් එකෙන් බැහැලා ටික දුරක් ගිහින් ෆෝන් එක ගන්න බැලුවා. දෙයියනේ...... ෆෝන් එක නෑ.
බස් එක ලඟ ඉඳන් ඒ වෙනකොට අඩි දහයක් විතර ඇවිත් තිබුන නිසා ඒ හරියෙ බිම බැලුවා. තිබුනෙ නෑ. බස් එකට නඟිනකොට තිබුනනෙ, ඉතින් ස්ථානෝචිත මොකද්ද එක පාවිච්චි කරලා මම ආපහු නැග්ගා බස් එකට. ඒ වෙනකොට බහින කට්ටිය සේරම බැහැලා, නඟින කට්ටිය සේරම නැඟලා බස් එක යන්න අද්දනවා.
හැමදාම අපේ පාරෙන් යන බස් එක නිසා ඒකේ ඩ්‍රයිවර් මහත්තයව, කොන්දොස්තර මහත්තයව අඳුනනවා. මම නැඟලා කොන්දොස්තර අංකල් ට කිව්වා. අනේ මගේ ෆෝන් එක බස් එක ඇතුලෙ වැටිලද කොහෙද... පොඩ්ඩක් බලනවද.. කියලා. ඉතින්, කොන්දොස්තර මහත්තයා හැමෝටම කිව්වා..... අපේ ගෙවල් පැත්තෙ අය නිසා බස් එකේ හිටපු ගොඩ දෙනෙක් මමත් අඳුනනවා.
ෆෝන් එක රින්ග් කරලත් බැලුවා. ඒත් ඒක සයිලන්ට් දාලා තිබුනු නිසා වැඩක් උනේ නෑ. කොල් කරන්න ට්‍රයි කරපු කට්ටිය කිව්වා ෆෝන් එක ඕෆ් කරල කියලා. බස් එකේ හිටපු එක මනුස්සයෙක් කිව්වා මම බැහැපු තැනදි ෆුට් බෝඩ් එකට මොනාහරි වැටෙනවා ඇහුනා. මට පිටිපස්සෙන් බැහැපු වයසක මනුස්සයෙක් ඒක ඇහිඳගත්තා දැක්ක කියල.
මේ වෙනකොට බස් එක සෑහෙන දුරක් ඇවිල්ලා. මම ඊලඟ හෝල්ට් එකෙන් බහැලා අනික් පැත්තට එන බස් එකක ආවා. කෙලින්ම ආවෙ මගෙ ඔෆිස් එකට. එනකොට බොසා හිටියා (අර ගැරඬියා එලවපු එක්කෙනා නෙමෙයි, එයාගෙ අයියා...) මම බොස්ට සිද්ද වෙච්චි දේ කිව්වා. මට ඒ වෙලාවෙ නම් ඇඬෙන්න වගේ... බොස් මට කලබල වෙන්න එපා කියලා, අපේ මැනේජර් වගේ හිටපු වසන්ත අයියා (අයියා කිව්වට අංකල් :) ව මගෙත් එක්ක එව්වා.. ගිහින් බලන්න කියලා.
අපි දෙන්නා ආයෙමත් හංදියට ගිහින් බස් හෝල්ට් එකේ බැලුවා. ලඟ පොඩි කඩේකින් ඇහුවා, "දැං වයසක් මනුස්සයෙක් බස් එකෙන් බැහැලා මෙතනින් ගියා දැක්කද" කියලා. "එතන එහාපැත්තෙ සයිට් එකක් තියෙනවා. එතනට ගිය බාස් කෙනෙක් ද දන්නෙ නෑ බලන්න" කියලා මුදලාලි කිව්වා. ඉතින් අපි එතනටත් ගිහින් බැලුවා. එතන මුරකාරයා කිව්වා 8 න් පස්සෙ කවුරුත් ඇතුලට ආවෙ නෑ කියලා. ඉතින් අපි ඒ අවට ටිකක් බලලා ආපහු ඔෆිස් එකට ආවා... එදා දවස ඉතින් හරිම දුකෙන් ඔෆිස් එකේ ගත කරලා මම හවස ගෙදර ගියා. හවසට යන්නෙත් ඒ බස් එකේම තමයි. ඒත් එදා මල්ලිට එන්න කියලා බයික් එකෙන් ගෙදර ගියා.
හවස ගෙදර ඉන්නකොට අපේ නෑදෑ අයිය කෙනෙක් ඇවිත් කිව්වා අර වයසක මනුස්සයා කවුද කියල හොයාගත්තා කියලා. මට සතුට ඉහිලුම් නැති උනා. එවෙලෙම තාත්තවත් එක්කගෙන අර අයිය එක්ක මම ඒ වයසක මනුස්සයා හොයන්න ගෙදරට ගියා. අපේ ගෙවල් වලින් ටිකක් එහා ඉන්න වයසක මනුස්සයෙක්. ගිහින් ඒ මනුස්සයත් එක්ක කතා කලා.
අපේ තාත්තා: මාමෙ, මාමා අද උදේ බස් එකේ හියා නේද?
වයසක මනුස්සයා : ඔව් ඔව්
අපේ තාත්තා: හංදියෙන් ද බැස්සෙ?
වයසක මනුස්සයා : ඔව්.. ආයුර්වේදෙට ගියානෙ
අපේ තාත්තා: බහිද්දි මොනා හරි වැටිලා තිබිලා ඇහින්දද?
වයසක මනුස්සයා : ආ... ඔව්, ටැලිපෝං එකක් හම්බුනා, එතකොට (මාව පෙන්නලා) මේ දරුව වගේ
දරුවෙක් ඇවිත් ඇහුවා... සීයා පෝං එකක් ඇහින්දා නේද.. ඒක මගේ. මට දෙනවද...
කියලා
අපේ තාත්තා: ඉතින් දුන්නද?
වයසක මනුස්සයා : නෑ. මම කිව්වා මට කීයක් හරි දුන්නොත් දෙනවා කියල. ඊටපස්සෙ මට රුපියල් විස්සක්
දුන්නා. මම ඉතින් දුන්නා.
අපේ තාත්තා: ඒ ළමයව අඳුනනවද?
වයසක මනුස්සයා : මේං මේ දරුව වගේ තමා.
මේ මනුස්සයගෙන් තවත් අහලා වැඩක් නෑ කියලා දනගෙන අපි එහෙන ආවා. ඊලඟ මෙහෙයුම තමයි අර කෙල්ලව හොයන එක.. අයියා කිව්වා... ආ ඔයාට පස්සෙ බැහැපු කෙල්ලව මම දන්නවා කියලා. (දැනගන්න එපැයි, එයාලගෙ වැඩේ ඉතින්බස් එකේ යන කෙල්ලොන්ගෙ රෙජිස්ටරේ මාක් කර්න එකනෙ හැමදාම... ඒක තම මම කිව්වෙ බස් එකේදි කොකම් පපා යන කට්ටිය හොඳට අහගන්න කියලා. ඔයාලටත් මෙහෙම කල්පනාවෙන් හිටියොත් ප්‍රයෝජනයක් වෙන්න පුලුවන්) ඒත් ඒ වෙලාවෙ රෑ වෙලා නිසා තාත්ත කිව්වා අද බෑ.. හෙට යමු කියලා.
ඔන්න ඊලඟ දවසට එලි උනා තාත්තයි, මමයි, අපේ මලයයි උදේ පාන්දරම කුකුලා අතේ අරගෙන අර කෙල්ලගෙ ගෙදර තියෙනව කියපු තැන හොයාගෙන ගියා. මඟක් දුර යනකොට මෙන්න කෙල්ලෙක් එනවා පනාව දාගෙන ඉස්සරහට. මගේ ලඟට ඇවිත් කිව්වා "අනේ නංගි ඔයා හම්බුනු එක හොඳයි.. මම මේ ඔයාව හොයාගෙන එන්න හිටියෙ, ඔයාගෙ ෆෝන් එක අපේ ගෙදර තියෙනව පටිටො, අම්ම ගෙදර ඇති ඉල්ලගන්න... මම වැඩට යන්න පරක්කු වෙනව.. මම යනව පැටියෝ........." කියලා බටර් තලියක් ගාල ගියා. මම බයේ හිටියෙ බදාගෙන ඉඹියි කියලා. හි හි...
ඉතින් මම හිතුවා හරි හොඳ අක්ක කෙනෙක් වෙන්න ඇති, මගෙන් ෆෝන් එක වැටෙනවා දැකලා ආපහු මට දෙන්න අරගන්න ඇති කියලා.
ඉතින් අපි ඒ කියපු ගෙදරට ගිහින් ෆෝන් එක ඉල්ලගත්තා. හැබැයි, ඒ වෙනකොට ෆෝන් එකේ සිම් එකවත්, කවරෙවත්, ස්ටිකරේවත් කිසිම දෙයක් නෑ. බැටරියයි ෆෝන් එකයි විතරයි. ඉතින් ඒක හරි හම්බුනානෙ කියල හිතලා සතුටු උනා.
ඊට පස්සෙ ඉතින් අයියල මට විහිලු කර කර හිටියා.. "මෙයාට තියෙන්නෙ රුපියල් විස්සෙ ෆෝන් එකක්" කියලා.
ඒත් ඊට පස්සෙ තමා අපි ඇත්ත කථාව දැන ගත්තෙ. ඒ කෙල්ල මට දෙන්න නෙමෙයි ෆෝන් එක අරන් තියෙන්නෙ. ඒකනෙ බැටරියයි ෆෝන් එකයි ඇර වෙන දෙයක් නොතිබුනේ... තාත්තා එදා රෑ යන්න බෑ කිව්වට අයියා රෑ වෙලා තව කොල්ලො සට් එකක් එක්ක ඒ කෙල්ලගෙ ගෙදරට ගිහින්. ගිහිල්ලා ඒ කෙල්ලව බය කරලා ඇවිල්ලා.
ඒ නිසා තමයි කෙල්ල පහුවදා උදේ බබා වගේ ඇවිත් මට බටර් පාර ගාලා හිමීට ෆෝන් එක ආපහු දුන්නේ... හි... හි...
ප.ලි. එදා ෆෝන් එක නැතිවෙලා දුකෙන් ඉන්නකොට අපේ බොසාට දුක හිතිලා, මැනේජර් ට කිව්වලු ෆෝන් එක හම්බුනේ නැත්නම් එකක් අරන් දෙන්න කියලා.... මට ඕක මැනේජර් කිව්වෙ පස්සෙ කාලෙක... හි හි... අපරාදෙ...
ප.ප.ලි: දැන් නම් IMEI අංකයක් කියලා එකක් තියෙනවලු නේද??? *#06# කියල ඕනෙම ෆෝන් එකක ගැහුවාම එනවලු. ෆෝන් එක නැති උනාම ඕක දැනගෙන හිටියොත් ප්‍රයෝජනවත් වෙනවලු... හරියටම දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න.
මගේ පළවෙනි ජොබ් එකෙන් මමත් ගත්ත ෆෝන් එකක්. 3110 c.. කිව්ව වගේම පුදුම ආදරයක් මම ඒ ෆෝන් එකට තිබ්බේ.. කොටින්ම ඒ ෆෝන් එක විකුනලා ආයෙත් ඒකම සල්ලි දීලා (වැඩියෙනුත් එක්ක) ගත්ත.. ඒත් කොහේද අපේ අක්කන්ඩි කොච්චියෙදී ෆෝන් එක නැතිකරගෙන.. මම ලගක හිටියනං අනිවා ගහනව.. ඒත් ෆෝන් එක නැතිවෙලාත් සති ගානකට පස්සේ තමයි මට විස්තරේ කිව්වේ..
ReplyDeleteඒ උනාට ඉතින් අක්කනේ... ෆෝන් එකට වඩා අක්කට ආදරේ වෙන්න එපැයි... හි හි..
Deleteමටත් දැනුනු දුක නම් ඒ වෙලාවෙ.... :(
හයියු... අර අක්කාගේ මොලේ කොහෙද දන්නේ නෑ තිබුනේ. ඕකත් උස්සන්න තරම් phone එකක් ය.
ReplyDeleteමේ සිද්ධිය උනේ දැනට අවුරුදු 5කට කලින්. ඒ කියන්නෙ 2007දි. ඒ කාලෙ ඉතින් හැමෝගෙම අතට ෆෝන් ආපු අලුත නෙ. එයාට වටින්නෙ නැති උනාට දෙයියනේ දාඩිය මහන්සියෙන් හම්බ කරල ගත්තු එක මට වටිනවනේ...
Deleteරුපියල් 20ක් දෙන්නම්...මට දෙන්නකෝ ඕක
ReplyDeleteඔහොම වික්‍රමාන්විත ක්‍රියාන්විතයකින් හොයාගත්තට පස්සෙ ඒක ආයෙ නැති උනා.. ඊට මාස තුනකට විතර පස්සෙ. අපේ ගෙදරම තිබිලා. එදා අපේ ගෙදර බණ ගෙයක් තිබුනා... :(
Deleteනැති වුනාම ආයේ ලැබනවා කියන එක නම් හීනයක්.මේක ලoකාව නේ..
ReplyDeleteඒකනෙ... ඔහොම මෙහෙයුමක් දියත් කලේ නැත්නම් ඕකත් හොයනවා බොරු.
DeleteCommented By හදවතින්ම ශ්‍රී ලාංකිකයි..ඔයාට 1200 එකක් තිබුනේ පලවෙනි එක. මම ගත්තේ 1100 එකක් ඒ මිට අවුරුදු 9 කට විතර ඉස්සෙලා...
ReplyDeleteමටත් ඉස්සෙල්ලම තාත්තා අරන් දීලා තිබුනෙ 1100 තමයි. මේ මම පඩියෙන් ගත්ත එක... :D
Deleteපුදුම මෙහෙයුමක්නේ....
ReplyDeleteමිෂන් 1200
Deleteඑහෙම නැත්නම්
මිෂන් twenty rupees
:D
හා.. හා..හා.. ඉතින්..? ඊට පස්සේ...?
ReplyDeleteඊට පස්සේ.... ඔච්චර අමාරුවෙන් හොයාගත්තු ෆෝන් එක ආයෙ මාස තුනකින්, ගෙදරදිම නැති උනා...
Deleteහප්පේ 1100 එක මම ආසම ෆොන් එකක් පොළොවේ ගැහුවත් වැඩ නේ
ReplyDeleteලස්සන සිද්දිය, 20ට ලාබය් හොඳේ :ඩ (මගේ පළමු කමෙන්ටුව වෙන්න ඕන ඔයාගේ බ්ලොග් එකේ )
ජය!!
ආ... මේ පැත්තට සාදරයෙන් පිළිගන්නවා...
Deleteතව මම මේ දවස්වල පාවිච්චි කරන SE w200i එකත් ඒ වගේ තමා.. හැමදාම වැටෙනවා.. ඒත් වැඩ.
මටත් බැරිද විස්සට ෆෝන් එකක් හොයලා දෙන්න?.අහුලපු එකක් වුනාට කමක් නැහැ :D
ReplyDeleteමම අර වයසක මනුස්සය හොයල ගිහින් කියන්නම්.. ආයෙ ඇහින්දොත් නිශාන් ට දෙන්න කියලා. :D
Deleteවීරයා වගේ අය්යෙක් හිටියේ නැත්නම් රැපියල් 20 ට 4n එක සින්න වෙනවා :D
ReplyDeleteහි හි... ඔව්. ඇත්තම වීරයා එයා තමා..
Deleteමටත් ඔය වගේ වැඩක් වුණා.. මගේ Sony Ericsson K800i එකත් ඔය විදිහට බස් එකකදි නැතිවුණා... ඔය වගේම මෙහෙයුමක් කරලත් හොයාගන්න බැරිවුණා.. පස්සේ ඔය IMEI No එක දීලා පොලිසීගානේ ගිහිල්ලත් වැඩක් වුණේ නැහැ...
ReplyDeleteඇත්ත.. තමන් දාඩිය මහන්සියෙන් හම්බකරගත් දෙයක් නැතිවෙනවා කියන එක අතක් පයක් නැතිවුණා වගේ තමා...
නගාගේ ෆෝන් එක ආයේ හම්බවෙච්ච එකම ලොකු දෙයක් නෙව...
ආහ්... කාලෙකින් මේ පැත්තෙ ඇවිත් ඉන්නෙ... අපිව අමතක වෙලාද හිටියෙ...
Deleteඔව් ආයෙ ෆෝන් එක හම්බුනු එකට නම් හරි සතුටු හිතුනා...
මමත් තවම පාවිච්චි කරන්නේ 1100 තමයි.
ReplyDeleteයකා වාගෙ වැඩ ....
ඔව්... ඒ ෆෝන් නම් හරියට වටිනවා...
Deleteමට හොඳ වෙන්නෙම නැති පෝන් පිස්සුවක් තිබුන..දැන් ඒක හොඳයි..මාරුකරපු පෝන් ගනන මතක නෑ..අයියෝ සල්ලි...දැන් නම් අවුරුද්දක ඉඳලම එකයි අතේ තියෙන්නෙ.....
ReplyDeleteහි හි.. ෂෝක් පිස්සුවක්නේ... මමත් හුඟ දෙනෙක් දැකල තියෙනවා ඔහොම පිස්සු තියෙන.
Deleteහෆ්ෆා මෙහෙමත් ෆෝන් හොරු.. ගත්ත එකාටමයි පාඩු.. :)
ReplyDeleteඔව්.. රුපියල් විස්සක් පාඩුයි... හි හි
Deleteමොනවා වුනත් පළමු වැටුපෙන් ගත්ත එක නිසා සුන්දර සිහිවටනයක්. ආයෙ ඒකෙ වටිනාකම කියලා නිම කරන්න බෑ. අපි කාටත් එහෙමයි.
ReplyDeleteහ්ම්.. පළමු වැටුපෙන් ගෙදර අයට තෑගි අරන් දුන්නා... දෙවන වැටුපෙන් තමා මේ...
Deleteඅර අක්කට 20ක් පාඩුයි!
ReplyDeleteඇයි එයාට ලස්සන ස්ටිකරේකුයි, පටියකුයි, කවරෙකුයි හම්බුනේ... සිම් එක නම් විසි කරන්න ඇති...
Deleteඅපරාදේ අර කෙල්ලව තව බය කරන්න තිබුනේ.කාගෙද කියලා දැන දැනත් එහෙම ලඟ තියා ගන්නෙ කොහොමද???
ReplyDeleteඑහම තමයි අයියල සද්දෙ දාල ඇවිත් තියෙන්නෙ. දුන්නෙ නැත්නම් ආයෙ මේ පාරෙන් යන්න දෙන්නෙ නෑ කිව්වලු හි හි
Deleteඔය IMEI අංකය තිබ්බට නම් ලංකාවෙදි නම් මෙලෝ වැඩක් නෑ. වැඩක් නැත්තෙමත් නෑ TRC එකේ අඳුරන කවුරුහරි ඉන්නවනම්! බස් වල යද්දි ගෑණු ළමයි දිහා බල බල යන එකේ වැරැද්දකුත් නැහැ වගේ බලාගෙන යද්දී!
ReplyDelete"බස් වල යද්දි ගෑණු ළමයි දිහා බල බල යන එකේ වැරැද්දකුත් නැහැ වගේ බලාගෙන යද්දී!"... හි හි... ඔව් ඔව්
Deleteකෝකටත් ලියලා තියාගන්න ඕනෙ...
අපේ ඔපීසියෙ එකෙක්ගෙ ෆෝන් එකක් නැති වෙලා ඌ දිවි නහගත්තෙ නැති ටික විතරයි. ඇයි ඉතිං පොර ඒක අරං තිබ්බෙ 72000 ක් විතර වියදං කරලනෙ.
ReplyDeleteඅම්මෝ... එච්චර වටින ෆෝන් එකක් නම් තියාගන්න මට නම් බෑ.. නැතිවීම කෙසේවෙතත් හැම වෙලේම මගෙ අතින් බිම වැටෙනවනෙ....
Deleteඅපොයි ඔය කාලෙ දැන් වගේ නෙවෙයි. ෆෝන් හරි වටිනව.
ReplyDeleteඔව්.. ඔය කාලෙ තමයි වැහි වහින්න පටන් ගත්තෙ.
Deleteහික්ස්ස්ස්ස්ස්ස්ස්... මරුනෙ... රු 20කට ෆෝන් එකක් :D
ReplyDeleteහි හි.. ඔයාටත් ඕනෙද හිතු..?
DeleteTRC can get back your mobile phone with the assistance of the police, if you make the complaint in the following method.
ReplyDeleteGet your Mobile Phone IMEI and phone number.
Go to the nearest police station and make a complaint and get a copy of it.
Then contact Sri Lanka (TRC) Telecommunication Regulatory Commission
No. 276,
Elvitigala Mawatha,
Colombo 08
http://www.trc.gov.lk
telephone numbers, 2662215/16/22, 4514067 or 5376159 and make your complaint with the following.
Mobile Phone IMEI
Mobile Phone model Details
Mobile Number.
Police Complaint Report
thank you very much for the information... :)
Deleteඅපරාදේ බොසා ගානේ අළුත් එකක් ගන්න තිබ්බා
ReplyDeleteඒකනෙ... මැනේජර් මට ඒක කිව්වෙ පහු වෙලානෙ.. :(
Deleteහම්මෝ දීපු ගේමක්... මම නම් වැඩේ අතෑරලා දානවා..... :D
ReplyDeleteඑහෙමත් පුළුවන්ද... හි හි
Deleteහයියෝ ඕක මොකක්ද මම මාස 5 ක පඩි එකතු කරලා ගත්තු මගේ අලි පැටිය මැරුණේ නැට්ට පිටින්ම :D
ReplyDeleteආහ්.. එච්චර එකතු කරා නම් ඉතින් අලි පැටියෙක් වෙන්න බෑ... හි හි
Deleteකෙල්ලෝ හරි හොරු නේ.
ReplyDeleteමගේ යාලුවෙක්ගෙ ඔරලසුවක් නැති වෙලා එක ගත්තෙත් ඔය විදියට එක එක්කෙනාට සල්ලි දීලා පස්සේ බලද්දී ඔරලෝසුවයි ගෙවපු ගානයි බලද්දී අලුතෙන් ඔරලෝසුවක් ගන්න පුළුවන් තරම් වියදම් කරලා.
මම නම් සල්ලි වියදම් කලේ නෑ... අර අක්කට තමා පාඩු.. :)
Deleteඅනේ ඇත්තට මෙහෙමත් කෙල්ලෝ...මම මේ කල්පනා කලේ කවදාහරි දවසක ඔය කෙල්ල එක්ක ඉන්න වෙන කොල්ලට මොනව වෙයිද කියලා....අදමයි මේ පැත්තේ ආවෙ.ලස්සන බොලොග් එකක්....
ReplyDeleteආ.. මේ පැත්තට සාදරයෙන් පිලිගන්නවා.... ඒ කොල්ලා ගැන නම් මටත් දුකයි තමා... හි හි
Deleteඑදා මේක කියෙව්වට අද තමා කමෙන්ට් කටන්ඩ උනේ. ඔයාට තියෙන්නේ රුපියක් විස්සක ෆෝන් එකක් නේ. තමන් උපයපු සල්ලි වලින් ගත්ත නිසා ඒක ඔයාට ගොඩක් වටින එකක් වෙන්ටෑ. :)
ReplyDeleteඒකනෙ... මට තමයි ඒකෙ ඇත්තම වටිනාකම දැනෙන්නෙ...
Deleteතාරට නම් ෆෝන් වලින් සෑහෙන්න අපලයි වගේ... මොනා වුනත් තැනට සුදුසු නුවන පාවිච්චි කරල තියනව
ReplyDeleteආ ඒක තමයි අර ස්ථානෝචිත මෙව්ව එක... හි හි.
Deleteමගේ ෆෝන් 2කක් නැති උනා අද වෙනකම් හම්බ උනේ නැහැ ඒඅතින් ඔයා හරි වාසනාවන්තයි ...
ReplyDeleteවාසනාවට වඩා මං හිතන්නෙ "නොපසුබට උත්සහය (අයියගෙ)" ;) හි හි...
Deleteමමත් මේ බලන්න ආවේ තාරාගේ රුපියල් විස්සේ ෆෝන් එක...ශෝයි ෆෝන් එක තාරා...(හේ..හේ..)
ReplyDeleteඉතින් බලාගත්තද... අර උඩින් තියෙන්නෙ ඒ ජාතියෙ එකක් තමා.. හි හි
Delete"IMEI අංකය" ගැන නම් කතා කරලා වැඩක් නැහැ.
ReplyDeleteමේක කිව්වේ අපේ එකෙක්. උගේ යාලුවෙක්ගේ ෆෝන් එකක් නැතිවෙලා විදුලි සංදේශන නියාමන කොමිසමට පැමිණිලි කරලා ඔය අංකත් හොයාගෙන වැඩේ කරන්න ගියාට වැඩක් වෙලා නැහැ.
ෆයිල් මිටි ගාණක් පෙන්නපු එතන ඉන්න එකෙක් කිව්වලු පේනවනේ තියෙන පැමිණිලි ගාණ අපි ඉතින් හොයලා බලන්නම් කියලා.
ලංකාවේ එහෙම එකක්වත් හරියට කෙරෙන්නේ නැහැ
රුපියල් පන්සීයක් විතර පෙන්නුව නම් වැඩේ කරගන්න පුළුවන් ඇති එහෙනම්..
Deleteආශ්චර්යය නේ...
හොඳ වෙලාවට රුපියල් විස්සේ ෆෝන් එකක් ගත්තේ!! වෙන එකක් වුනා නම් ඉතින් බඩු බනිස් තමා.. ඈ!!
ReplyDeleteඔය වැඩේ අපේ අය්යට එහෙම උනානම් පිස්සු හැදිලා තියෙයි..ෆෝන් එක පණට දෙවැනි නැහැ.... (අද තමයි මේ පැත්තේ ආවේ..දිගටම එනවා ඔන්න..)
ReplyDeleteඅපරාදේ නේද තාරා ෆෝන් එක හම්බවුනේ.අලුත් ෆෝන් එකක් හම්බවෙන්න තිබුන චෑන්ස් 1 නේ මිස් වුනේ..
ReplyDeleteහප්පෝ... සයිට් එක ඕපන් කරගන්න මාර දුකක් විඳින්න වුණානේ. හැබෑට ඇයි ඒ... මං ඒත් බැලුවේ හැකාපාරක්වත් දීලද කියලා... කොහොම වුණත් මරු වැඩේ ආ... අර කෙල්ලට ෆෝන් එකත් නෑ. රුපියල් විස්සත් නෑ....පව් අප්පා...
ReplyDelete