
උඹ...........
උඹ මට වඩා ගොඩක් ලස්සන උනු නිසා වත්...
මට වඩා උඹ හොඳට පාඩම් කරපු නිසා වත්...
මට වඩා උඹේ අකුරු ලස්සන නිසා වත්...
මට වඩා උඹ පිලිවෙලට වැඩ කරපු නිසා වත්...
මම...............
උඹ ගෙදර ඉද්දි මම කැම්පස් ගිය නිසා වත්...
උඹට වඩා හොඳින් මම පාස් උන නිසා වත්...
උඹට කලින් මම ආදරේ කරපු නිසා වත්...
මම කොළඹ වෙලා උඹ නුවර-එළියෙ උනු නිසා වත්...
අපි................
මාරු කරගෙන ගනන් හදාගෙන පන්ති ගිය අපි...
ජෑම් ගාපු බනිස් එකහමාර බෙදාගෙන කාපු අපි...
කාබන් කොල තියල නෝට් ලියපු අපි...
සෙරෙප්පු කැඩෙනකම් ෂොපින් ගිය අපි...
උඹ මට වත්............... මම උඹට වත්......................
කවදාවත් ඉරිසියා කරේ නෑ..............
අද....................................................................
උඹ නැති පාළුව මට ගොඩක් දැනෙනවා...
හොඳ යාලුවො දුකේදි ළඟින් ඉන්න යාලුවො හොයන්න අමාරුයි.
ReplyDeleteස්කෝලේ කාලේ යාළුවෝ ගැන නම් මතක් වෙද්දීත් දුකයි අප්පා....
ReplyDelete@පිණිබිඳු: සහතික ඇත්ත...
ReplyDelete@මාළුවා: ඒ කාලෙ අගයක් නැති උනාට අද තමයි ඒ වගේ උන්ගේ අගේ තේරෙන්නේ...
නුවර එලියේ කවුද මචෝ ? අනික වැදගත්ම සීන් එක "උඹ මට වඩා ගොඩක් ලස්සන උනු නිසා වත් " නිසා අපි දැනං ඉන්නම එපැයි..
ReplyDeleteමංගලය වෙන්නත් බැ,මොකද ඌ නුවර එලියේ වුනාට ඔය ඉතූරු ටික ඔය එක්ක කලා නම් අස්ථි දෙන්නගෙම දත් කඩල නෙ..
කොහොම වුනත් ඔයිට වඩා හාත් පසින් අපේ කොල්ලන්ගෙ කවියෙ පද වෙනස් වුනාට ඒ කාලෙ උන්නු යලුවො ගැන දැනෙන අඩුව හැගීම අදටත් අපි දෙගෙල්ලන්ටම එකම සමානයි..
අපූරු පද පෙළ..කම්මැලි කම අත ඇරල ලිපි ටිකක් ලියමුකො රෙපී
@ පැන්ඩා: අපෝ නෑ... මංගල්ලෙ නෙමෙයි..
ReplyDeleteඉස්කෝලෙ මගේ යාළුවා...
මොනා කරන්නද අප්පා... කම්මැලිකම ඔක්කොටම වඩා උඩින්නේ...:|
හොඳ යාළුවෝ ලඟ නැති උනාම දුක තමයි තාරාවෝ !!!! මොනා කරන්නද බුදු බනෙත් තියෙනවනේ පියයෙහි විප්පයෝගෝ දුක්ඛෝ කියලා.
ReplyDeleteමොකෝ එකපාරටම මෙහෙම දෙයක් මතක් උනේ ?
හොද යාළුවෝ ලග නැති උනාම හිතට දැනෙන වේදනාව කොහොමද කියලා කියන්න බෑ...
ReplyDeleteඋඹ නැති පාළුව මට ගොඩක් දැනෙනවා...
ReplyDeleteහ්ම්....මේ දවස්වල මටත් ඒ එපාකරපු පාළුව දැනෙනවා....ඒත් ආයෙමත් අතීතයට යන්න බැනේ
The accent is little bit familiar. It's like Mithyadrushtikaya. Its nice...
ReplyDelete@මධුරංග: අද ඉන්න සමහරක් යාළුවො කරන කියන දේවල් නිසා ඒ කාලේ හිටපු ඇත්තම යාළුවන්ව ගොඩක් මතක් වෙනවා...
ReplyDelete@දිනේෂ්: ඒක මට දැන් හොඳටම දැනෙනවා...
ReplyDelete@අකීකරු හිත: අතීතයට යන්න පුළුවන් නම් අපේ ජීවිත කොච්චර නම් අපි වෙනස් කරගනීද...
ReplyDelete@හිශාන්: දැන් මිත්යාදෘෂ්ටිකයා මට intellectual property rights යටතේ නඩුවක් දායිද දන්නෑ... :))
ReplyDeleteයාළුවෙක් නැතිවෙන්න ඕනේ අගේ දැනෙන්න.....ලස්සනට ලියලා තියෙනවා අක්කේ......
ReplyDeleteහෙහෙහෙහෙ. අපේ තාරා බැච් එකේ රෙපීද !!!!1 නියමයි නේ
ReplyDelete@මකුළුවා: තෑන්කූ...:D
ReplyDelete@මධුරංග: හිටපු රෙපී. ඒත් කාඩ් එකක් නැති නිසා කට්ටිය තාම කතා කරන්නෙ රෙපී කියලා...
ReplyDeleteහිටපු රෙපී කියලා කියන්නේ කොයි අවුරුද්දෙද ? තාරාත් පැන්ඩලාගේ කැම්පස් එකේද ?
ReplyDeleteඔහොම යාලුවො හොයාගන්න අමාරුයි දැන් කාලේ.ඉන්නව ඒත් ගොඩක් අඩුයි.ගොඩක් අය තමන්ගේ වාසියට විතරයි.
ReplyDeleteකවදාවත් අමතක කරන්න බෑ...........
ReplyDelete@මධුරංග...හ්ම් හ්ම් අපේ කැම්පස් එකෙ තමා මෙයත්..දොඩම් ගෙඩි දෙකකටත් චුට්ටක් අඩුවෙන් උස පුන්චි ඒත් දක්ෂ ලමයෙක්..ඒ නිසා අපේ මුල්ම රෙපී වුනා
ReplyDelete@මධුරංග: 1st year එකේ තමයි රෙපී වෙලා හිටියේ...
ReplyDelete@ඔව් අක්කෙ, ඒ වගේ අත්දැකීම් නම් සෑහෙන තියෙනවා... දැන් ඉතින් අපිත් අවුට් වෙන කාලෙ කිට්ටු වෙනවනෙ.. එතකොට තත්වය එන්න එන්න උත්සන්න වෙනවා.
ReplyDelete@ඔජායේ: මේ පැත්තට සාදරයෙන් පිලිගන්නවා...
ReplyDeleteඇත්ත.. ඒ යාළුවා නම් කවදාවත් අමතක වෙන්නෙ නෑ...
@පැන්ඩා:මම අපහාස නඩුවක් දානවා...:)) @මධුරංග:: ඔය පැන්ඩා කියන තරම් මම කොට නෑ හරිද...
ReplyDeleteබනිස් එකහමාරේ කතාව මොකක්ද?
ReplyDelete@all in one: ඔයාවත් සාදරයෙන් පිලිගන්නවා...
ReplyDeleteඒක එයා හවස class තියෙන දවසට දවල්ට කන්න ගේන එක. අපි දෙන්නම එකතු වෙලා තමයි ඒකට වැඩේ දෙන්නෙ...
@තාරා :
ReplyDeleteහරි හරි අපහාස නඩු දාන්න ඕනැන්නේ නෑ. උදාහරනෙට දොඩම් ගත්තට නේ ඔය කෑගහන්නේ. හරි අපි මෙහෙම කියමු
"ඇබුල් නාරං ගෙඩි දෙකකටත් චුට්ටක් අඩුවෙන් උස පුන්චි ඒත් දක්ෂ ලමයෙක්..."
ඇබුල් නාරං කියලා කියන්නේ දේශිය පලතුරක් නේ.සියරට දේ සිරිසැපදේ.