topbella

Wednesday, October 17, 2012

සොඳුරිය මට නොකියාම ගියා....

අවුරුදු තුනකටත් වැඩි කාලයක් පාළු කම රජ කරපු අපේ ගෙදර අද උදේ ඉඳන්ම එකම ගාලගෝටියක්. ඒ හැම කෙනෙක් අතරම මම හොයන්න උත්සාහ ගත්තෙ ඔයාව. ඒ ඇයිද කියන්න දන්නෙ නෑ... අතරින් පතර පුංචි කසුකුසුවකුත් මට ඇහුනා. ඒ ඇහුනු දේවල් විස්වාස නොකර ඉන්න මම හිත හයිය කර ගන්න ඕනෙ.
අවසන් කටයුතු කරනවා කිව්වෙ අනිද්දනෙ. දවස් තුනක් තියෙනෙවා. ඔයාට වැඩ ඇති, එහෙම ලේසියෙන් වැඩ ටික අතරමඟ දාල එන්න පුළුවන්ද නේද...

හත්මුතු පරම්පරාව කියන්නෙ කවුද කියලා හරියටම අද නම් බලාගත්තා. අපේ මඟුල් ගෙදරට ආවා වගේ දහ ගුණයක් විතර නෑදෑයො අද ඇවිල්ලා... දකිනකොට නම් හරි සතුටුයි. ඒත් ඒ මූනවල් වල තියෙන දුක් පෙනුම දකිනකොට මම කොහොමද හිනාවෙලා ඉන්නෙ. ඔයා ඉක්මනට එන්නකො. මම ආයෙමත් අඳුන්නලා දෙන්නම් කට්ටියවම.

දෙවෙනි දවසත් උනා. සැරින් සැරේ වාහන වල සද්ද ඇහෙද්දි මම ගේට්ටුව ලඟට ගිහින් බැළුවෙ ඒ ඔයාගෙ කාර් එක වෙන්න ඇති කියලා.. අද නම් දුරම ඉන්න නෑදෑයොත් ආවා. අප්පච්චිගෙයි අම්මගෙයි හිත මිත්‍රයො... අනේ ඔයත් ඉක්මනට එනව නම්....

ම්ම්ම්ම් අද නම් අවසන් කටයුතු කරනවලු.. අම්මයි අප්පච්චියි ලඟින් මමත් වාඩි උනා හාමුදුරුවො පාංශකූලෙ දෙන්න වැඩියාම. අම්ම අඬන හැටි දැක්කාම මගේ ඇස් වලින් කඳුළු බේරෙන එක නතර කරන්නෙ කොහොමද... ඔයා ඇවිත් හිටිය නම්, ඔයාගෙ උරහිසට ඔළුව තියාගන්න තිබුනා. හිමීට අප්පච්චි ලඟට කිට්ටු වෙලා අප්පච්චිගෙ උරහිසට ඔලුව තියාගත්තා. පාංශකූලෙ ඉවර වෙලා කනත්තට යනකන්, අප්පච්චිගෙ පිටිපස්සෙන් කකුල් දෙක අද්ද අද්ද ගාට ගාට ගියාට, බෙල්ල කරකව කරකව පිටිපස්ස බැළුවෙ හති දමාගෙන දුවගෙන එන ඔයාව හරි ගෙනඟ මැද්දෙන් පීරගෙන එන ඔයාගෙ කාර් එක හරි දකිනකන්.

පෙට්ටිය වල උඩින් තියලත් අන්තිම පාරට කවුරු හරි බලන්න ඉන්නවනම් කියලා ඇරලා පෙන්නුවා... සෙනඟ පීරලා බැල්මක් දාලා බැලුවෙ දැන් වත් ඇවිල්ල ඇති කියලා හිතාගෙන... අනේ ඔයා දැක්ක නම්....

ලස්සනම ලස්සන සුදුපාට සාරියක් මට අන්දලා තිබුනා.. පුංචි පබලු වලින් වැඩ දාලා... මතකද මම තෝරගත්ත‍ මගෙ මඟුල් සාරියත් පුංචි පබළු වලින් වැඩ දාපු එකක්. ඒ වගේම ලස්සන මල්... මං ආස කලා වගේම අමු මල් වලින් අදත් සරසලා තිබුනා... ඒත් පුංචි අඩුවක්. ඔයා ආස කරපු ඒ පොකුටු කොන්ඩෙ නම් නෑ... අන්තිම පාරට ඔයා බලන්න ආපු දවසින් පස්සෙ මහරගමදි දීපු බෙහෙත් වලට අහුරු පිටින් ගැලවුන නිසා අන්තිමට පිහිටට හිටියෙ බොරු කොන්ඩයක් තමයි...

සේරම වැඩ ඉවර උනාට පස්සෙ එක්කෙනා දෙන්නා කනත්තෙන් එහාට ගියා... අම්මයි අප්පච්චියිත් ගියා... මාව එක්කන් යන්න අමතක කරලා ගියා. මට මතක් උනා ආයෙමත් අපේ මඟුල් ගෙදර. අම්මයි අප්පච්චියි එදත් මාව දාලා ඔය විදිහටම ගියා. එදා නම් ඔයා හිටියනෙ. යන සෙනඟ අතරේ ආයෙමත් ඇස් දිව්වා...
මට සින්දුවක් මතක් උනා.....
 
එදා මෙදා තුර කදුලට විවරවු
දෑස් පියන්පත් කවුළු වසා
ලයේ තලාගිය ‍ස්නේහයේ සුව
සිනා පිරුණු රත් දෙතොල් වසා...
මිලාන වී ගිය - රෝස කුසුම් පෙති
කම්මුල් සුදුමැලි පාට පොවා
දෑත ලයේ බැද අවසන් ගමනක
සොදුරිය මට‍ නොකියාම ගියා...

මගේ කතාවට සම්පූර්ණයෙන්ම ගැලපෙන්නෙ නැති උනත්, ඒ මතකයත් එක්ක ගඟක් වගේ ගලන්න ගත්ත කඳුළු මට නවත්තන්න බැරි උනා.

ඔයාගෙ දෙමව්පියො නෑදෑයො නැතත් ඔයා එයි කියලා මම විශ්වාස කලා. මාස දෙකකට උනත් ඔයා මට දුන්නු ආදරේ බොරුවක් ම නෙමෙයි කියල මම හිතුවා. මට සමාවෙන්න...... මම ඔයාගෙ වෙච්චි ඒ දවස වෙද්දි මෙහෙම දෙයක් දැනන් හිටිය නම්, කවදාවත් ඔයාව මෙහෙම අතරමං කරන්නෙ නෑ...... සත්තකින්ම ඒ වෙනකොට අපි කවුරුත් දැනගෙන හිටියෙ නෑ...........................


(සත්‍ය සිදුවීමකි...)

40 comments:

  1. Replies
    1. ඔව්... ඒත් ඒ ඇත්තක්

      Delete
  2. සංවේදී සටහනක්.. මේවගේ සිද්දි අහන්න දකින්නවත් වෙන්න එපා කාටවත්ම

    ReplyDelete
    Replies
    1. ඔව් කාටවත් ඒ ලෙඩේ නම් දෙන්න එපා... ඒ වගේම අවසන් ගමන මෙහෙම දුකින් යන්න වෙන්නත් එපා...

      Delete
  3. මෙහෙම එව්ව ලියන්න එපා අප්ප.. :-(

    මම මේ සින්දුව අහන්නෙවත් නෑ...

    ReplyDelete
    Replies
    1. සිංදුවෙ කියන කතාවට වඩා නම් මේ කතාව ටිකක් වෙනස්...

      Delete
  4. අර උබ එදා ගියා කිව්වෙ එහෙ ද ? ලෙඩක් දුකක් තමන්ට හැදුන දවසක ඒ මිනිස්සුන්ට තෙරෙයි අපි හැමොම ලෙඩ වෙන මැරෙන මිනිස්සු කියල..

    ReplyDelete
    Replies
    1. නෑ... ඒ නොමැරෙන මිනිස්සු...

      Delete
  5. සත්‍ය සිදුවීමක්??
    හපොයි මෙහෙම දේවල් නම් කාටවත් වෙන්න එපා.

    ReplyDelete
    Replies
    1. ඔව්... සත්‍ය කතාවක්

      Delete
  6. අපොයි. :( :( හරිම අවුල්. :(

    ReplyDelete
    Replies
    1. මොනව කරන්නද... ජීවිතේ හැටිනෙ...

      Delete
  7. ඇත්තක්?? දෙවියනේ..........

    ReplyDelete
    Replies
    1. ඔව්... මේක ඇත්තටම වෙච්චි දෙයක්.

      Delete
  8. මේ වගේ අසනීපයක් තියෙන කෙනෙක් ගැන පහුගිය දවස් වල අන්තර්ජාලේ දැක්කා. එයාගේත් හස්බන්ඩ් එයා ගැන සොයා බැලුවේ නැහැ කියලා තමයි මට දැනුනේ. මේ එයාවත්ද? :(

    ReplyDelete
    Replies
    1. ම්ම්ම් එයාද කියන්න හරියටම දන්නෙ නෑ. සොයා බැලුවෙ නෑ විතරක් නෙමේ දික්කසාදය ගන්න තරම් කාරුණික උනා ඒ මනුස්සයා.

      Delete
  9. අතීශය පෞද්ගලික හේතුවක් මත මොකුත් නොකියා හිඳිමි.

    ReplyDelete
  10. තාරා බොහෝ කාලෙකට පස්සේ ඇවිත් කනගාටුදායක පුවතක් සටහන් කරලා. ගීයේවගේම ඇත්ම ඇත්ත කතාවක්ද

    ReplyDelete
    Replies
    1. ඔව්. මම අහලා තියෙනවා මේ ගීයේ කියන්නෙත් ඇත්තම කතාවක් කියලා. මේකත් ඇත්තම කතාවක් තමයි.. ඒත් ගීයට වඩා නම් වෙනස් කියලා දැනෙනවා ඇතිනේ...

      Delete
  11. මම කැමති විදිහේ පෝස්ට් එකක්.ඒත් 'සත්‍ය කතාවක්' කියලා දැක්කහම ටිකක් රිදුණා වගේ...ජය!!!

    ReplyDelete
    Replies
    1. ඔව්, මේ කතාවත් ඔයාගෙ කවියත් එකම වගේ... වෙනස තියෙන්නෙ මේක ඇත්තටම සිද්ද වෙච්ච දෙයක් වීම. මේ පැත්තට සාදරයෙන් පිලිගන්නවා...

      Delete
  12. හුම්... මෙවගෙ දෙවල් වලට දැන් දුක හිතෙන්නෙ නෑ... විදුරුවක් බිදුනාම ආයෙ බිදෙන්න දෙයක් ඉතුරු වෙන්නෙ නෑනේ.. :)

    ReplyDelete
    Replies
    1. එහම දෙයක් නම්, කනගාටුයි මටත්....

      Delete
  13. මේ කතාව නම් හිත ඇතුලටම වැදුනා. කතාවේ අකුරුවලින් නොකියන ගොඩක් දේවල් පාඨකයාට හිතාගන්න ඉතුරු කරන එක ලියන කෙනාගේ දක්ෂකම.

    (මගේ බ්ලොග් එකේ දාපු කමෙන්ට් විසිහතර පස්සේ එලවාගෙන තමයි මේ පැත්තට පාර හොයන ආවේ.)

    බ්ලොොග් එකේ අනවශ්‍ය ගැජට් බැජට් ටික ගැලෙව්වා නම් කියවන්න එන අයට කරදරයක් නැතුවම කියවල කමෙන්ට් කරන්න තිබුනා.

    ReplyDelete
    Replies
    1. විසිහතරක් කියවලා නතර කලේ වැඩක් තිබුනු නිසා. ඉතුරු ටික ඉක්මනින්ම කියවනවා. හරි.. අනවශ්‍ය ඒවා අයින් කරන්න බලන්නම්කෝ.. අදහසට තැන්කූ ඈ...

      Delete
  14. Replies
    1. ජීවිතේ හැටි තමයි...

      Delete
  15. සැප දුකෙන් අවසන් වෙනවා...හමුවීම වෙන්වීමෙන් අවසන් වෙනවා..ජීවිතය මරණයෙන් අවසන් වෙනවා..මේ කාලය තුල සියල්ල වෙනස් වෙමින් පවතිනවා..

    ReplyDelete
    Replies
    1. ඔව්. ඒ යථාර්තය තේරුම් අරන් අපි ජීවත් වෙන්න ඕනෙ වෙනවා.

      Delete
  16. පෝස්ට් එක කියවනකොට නම් දුක හිතුණෝ... ඒත් හදිස්සියේ කියෙව්ව නිසා තේරුණේ ටිකයි වගේ... ලෙඩේ මොකක්ද කියල නම් තේරුණේ ම නෑ... හ්ම්ම්...

    ඔබට ජය වේවා...

    ReplyDelete
    Replies
    1. හදිස්සියෙ කියවන්න එපා. පාඩුවෙ නිවිහැනහිල්ලෙ හිතන්න.
      ම්ම්ම් ලෙඩේ තමයි මහරගම එක්කන් ගිහින් බෙහෙත් කරන්න වෙන ලෙඩේ...

      Delete
  17. " ඔයාගෙ සුවඳ මා ගාව තියෙලා ගිහින්.ඒක අරන් යන්න ඔයා එන්නෙ කවද්ද කියලා ඊයේ,අද වගේම හෙටත්,මන් පාර බලන් ඉන්නවා......"

    මාස 7 , 8 ක ආදරයක් වුනත් මගෙ ඒ ආදරෙ මාව දාල යන්න හදනව එන මාසේ.. උඩින් තියන වැකිය මට එයා එව්ව අද.. මගෙ ඇස්වල කඳුලු පිරැනා ඒක කියවනකොට.. මේ තරම් දුකක් තනිකමක් දැනිලා නෑ මට.. එයා මාව දාල යනව කියන එක දැන් ම්ගෙ හිත දන්නවා.. මට හිතෙන දේවල් මම කියනව එයාට.. ජේසු අද වෙනකන් අපි දෙන්නා දිහා බලගෙන හිටියා... මාව දාල එයා යන දවස උදා කරවන්න එපා කියලා ඉල්ලනව මම..

    මේ පෝස්ට් එක කියවලා තවත් දුක වැඩි වුනා... කාටවත් මෙහෙම දෙයක් වෙන්න එපා කියලා පතනවා මම...

    ReplyDelete
    Replies
    1. මට කියන්න වචන නැති උනා යාළුවා. මමත් ඒ විදිහටම පතනවා...

      එක අතකට ඔයා ලඟින් ඉන්න එක එයාට කොච්චර දෙයක්ද...

      Delete
  18. පරක්කු වෙලා හරි කමෙන්ට් කරන්න ඕනේ.මොකද හුගක් ලස්සනට තාරා කතාව ලියලා තියෙන නිසා.මේ වගේ සිදුවීම් ඕනැ තරම් වෙනවනේ.වඩා වැදගත් දේ ඒවා කෙළින්ම නැතුව මෙහෙම ක්‍රමයකින් සමාජගත කරන එක.එතකොට තව එක්කෙනෙක් හරි මෙහෙම අවස්ථාවකට මූණ දෙන විදිය වෙනස් වේවිනේ.

    අරුණැල්ලෙන් පාර හොයාගෙන මේ පැත්තට ආවේ.
    දිගට ම එන්නම්..!

    ReplyDelete
  19. අනේ දෙවියනේ....කිසිම ආදරයකට මෙහෙම දුකක් වෙන්න එපා.. :(

    ReplyDelete
  20. සංවේදී සිදුවීමක්. එක දෙයක් පැහැදිලි නෑ. අතරමන් කලේ බිරිඳ සැමියාවද? සැමියා බිරිඳවද?
    සැමියාට ලෙඩේ ගැන නොපවසා විවාහය සිදු කිරීම පිලිබඳ කනගාටුවක්ද? (ලෙඩේ දැනගත්තේ පස්සෙනේ. ඒකට මක් කරන්නද?)

    ReplyDelete
  21. ජීවිතේ කියන්නෙ ඕකට නම් , ජීවත් වෙනව කියන්නෙ මේවට මූණ දෙන එක නම්............................................... අපි අනිවාර්යයෙන්ම ජීවත් වෙන්න ඕන

    ReplyDelete

තාරා ගේ වගතුග..

My photo
තරු ගොඩක් මැද දිදුලන්න වෙර දරන පුන්චි තාරකාවක්...