මේක නම් ක්‍රියේටිව් සතාගෙ වැඩක් නෙමෙයි.. ඒ තරම්ම ක්‍රියේටිව් තවත් සතෙක් ගේ උදාන වාක්‍යයක්.
අපේ බෝඩිමේ සිග්නල් හරි හිඟයි නේ... සිග්නල් කිව්වෙ අර දත් මදින එව්වා නෙමෙයි, ෆෝන් එකට එන එව්වා. දැන් නම් කැම්පස් එකටම අළුතෙන් කණුවක් දීලා. ඊට කලින් මොබිටෙල් සිග්නල් අන්තිමයි. මම ඇරෙන්න අනික් හැමෝම පාවිච්චි කලේ මොබිටෙල්.
සත්තු ටිකට training දෙනවා කියපු දවසේ බෝඩිමේ එකම යුද්ධයයි. එහෙට කතා කරනවා... මෙහෙට කතා කරනවා... seniorsලට කතා කරනවා... madam ට කතා කරනවා.. තැන හොඳයිද කියල අහනවා... boy friend ට කතා කරලා "එතන ට්‍රේනින් ගියාට කමක් නැද්ද අනේ" කියලා අහනවා...
ඔන්න ඔය විදිහට දස අතට කෝල් කර කර ඉඳලා අන්තිමට තීරණයක් අරගෙන මැඩම් ට කියන්න ආපහු කෝල් එකක් ගන්න උනා... ඉතින් මැඩම් ට කෝල් කරනවා කියන්නෙ ටිකක් වැදගත් විදිහට කතා කරන්න එපැයි. මැදදි කට් වෙන්නත් හොඳ නෑනෙ. මැඩම්ලට අපිට වගේ නෙමෙයිනෙ. කොච්චර වැඩ තියෙනවද...
ඒ වෙලාවෙ ගිය දෙබස මෙන්න මෙහෙමයි. (චතූ කෝල් එක ගත්තෙ අර සතාගෙ ෆෝන් එකෙන්)
චතූ: සද්ද කරන්නෙ නැතුව හිටපල්ලා... මම මේ මැඩම් ට කෝල් එක ගන්නෙ...
සතා: චතු, චතු..., මේ මෙතන්ට එන්න. මේ ජනාගෙ ඇඳේ මේ කෙලවරට ඩයලොග් සිග්නල් තියෙනවා...
(ඒක අහලා චතූ ගන්න ගිය කෝල් එක කට් කරලා....)
චතූ: ඈ... මෝඩයො..., උඹේ සිම් එක ඩයලොග් ද?
සතා: නෑ.. නෑ... මැඩම්ගෙ නම්බර් එක ඩයලොග්.
ඊට පස්සෙ කට්ටියටම ට්‍රේනින් වත්, කාටවත් කෝල් කරන්න වත් මතක නෑ... ඉන් එහාට බෝඩිමේ පරිසරය එදා ගෙම්බා ඉස්ටිකර් උනු දවසට සමානයි හි හි හි...
ප.ලි. ; හිතන්නෙපා අපි සතාගෙ නොදන්නා කමට හිනා උනා කියලා. එයා හොඳටම දන්නවා... ඒ ට්‍රේනින් ප්‍රශ්න අස්සෙ මොලේ කරකුට්ටං වෙලා ඉඳලා තියෙන්නෙ..
හෆොයි.... :))
ReplyDeleteහෆොයි කියල අපිත් ඔළුවෙ අත ගහගත්තු එක තමා කලේ...
Deleteඅන්න මිනිස්සු.... :)
ReplyDeleteනෑ.. නෑ.. සත්තු. හි හි
Deleteහෙහ් හෙහ්... :)
ReplyDeleteහි හි... :))
Deleteවෙන මොනව කියන්නද සතා එහෙම නොකියා. රසවත් මතකයක්
ReplyDeleteඔව්. මේ ලියන්නෙ මට මතක තියෙන දෙක තුනක් විතරයි.. නැත්නම් හැමදාම මේ වගේ දේවල් තමයි උනේ... ඒ බෝඩිං ජීවිතේ අවුරුදු දෙකහමාර නම් කවදාවත් අමතක වෙන්නෙ නෑ...
Deleteඅනේ අපොයි.. මොකද්ද ෆැකල්ටිය??
ReplyDeleteවිස්තර සඳහන් කිරීම මරුවාට අතවැනීමක් වැනිය... ඒ උනාට සත්තුංගෙ ඩිග්‍රිය නම් මං අර ක්‍රියේටිව් සතාගෙ පෝස්ට් එකේ ලිව්වා මට මතක විදිහට.
Deleteබැලින්නම් අපි ඔක්කොම එකම බෝට්ටුවේ වගේ ඉන්නේ :D
ReplyDeleteආහ්... ඔයත් මේ බෝට්ටුවෙමද... සාදරයෙන් පිළිගන්නවා...
Deleteවිලි ලැජ්ජාවේ සන්තෝසේ බැරුවා ය...
ReplyDeleteඔව්... මේව අහල අපිටත් ගඟේ පනින්න තමා හිතෙන්නෙ.
Deleteතත්වය ඕකනම් අපරාදේ නේද අර කනුව හිටෝලා තියෙන්නේ.ජය...!
ReplyDeleteඒකත් ඇත්ත තමයි.. හැබැයි තත්වය බරපතල වෙන්ට කලින් කනුව හිටවපු එකත් ලොකු දෙයක්. මේ සිද්ධිය වෙන කාලෙ අළුත් කණුව තිබුනෙ නෑ.
Deleteඅඩේ ලුණු ඇඹුල් ටිකක් එහෙම දාලා ලෙසටම දෙන්න පුළුවං කතා වස්තුවක්නේ මේ කෙටියෙන් අත ඇරලා තියෙන්නෙ... එළ සීන් එක...
ReplyDeleteමට ඉතින් ඒ දක්ෂතාවය නම් බිංදුවයි.. මොනා කරන්නද, කිඹුලා කිරිමැටි ගිලින්නා වගේ මෙලෝ රසයක් නැතිව කියවලා දාන්න තියෙන්න්නෙ.. හි හි...
Deleteහික්ස්ස්.. ෂා නියම සෙට් එකක්නේ එකට සැට් වෙලා ඉන්නෙ... කොහෙද ඔය බෝඩිම තියෙන්නෙ.. අර අ0ගොඩ පැත්තේ කියන සුන්දර මිටියාවතේ නෙවි නේද?
ReplyDeleteපිස්සුද.... මෙවන් තැනක් අන් කොයිබක වෙද බදුලු පුරේ හැර... හි හි.. වන් ඇන්ඩ් ඔන්ලි අපේ බෝඩිම.
Deleteමැඩම්වත ඒ ඇදේම වාඩි කර ගත්තනම් හරි. නරකය කියන කතාව ඇත්ත.
ReplyDeleteඒ කතාව මමත් පිළිගන්නවා...
Deleteහෙ හෙ හේ....
ReplyDeleteහි හි..
Deleteහික්ස්ස්ස්ස්... මරුනෙ!!!!
ReplyDeleteමරු කිව්වෙ කවුද.. සතාද...? හි හි
Deleteතව ටිකක් අයිසීන් කරන්ඩ තිබුනා.දෙක තූනක් බැලුවා ඉතූරැටිකත් බලන්නම්
ReplyDeleteහයියෝ... ඔව් ඔව්...
Deleteහා.. ඉතුරු ටිකත් බලල අදහස් කියන්නකෝ...
සිග්නල් නැත්නම් ක්ලෝගඩ් කීවලු... අදමද මංදා මම ගොඩ බැස්සේ මේකට..
ReplyDeleteආ... සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට...
Deleteමරු යාළුවොනේ .......... ඉන්නේ :P
ReplyDeleteහික්ස් !!! මරු යාළුවෝ නේ. :)
ReplyDeleteආහ් ඔයාලෑ ට්‍රේනින් එහෙමත් ඉවරයි වෙන්ටෑ. :)
ඉවර..... හපොයි.. ඉවර වෙන්ඩ පටන් ගන්නෙපැයි අෆ්ෆා... මේ දවස් වල ට්‍රේනින් විරහිත උපාධි අපේක්ෂකයෙක් වෙලා ඉන්නවා...
DeleteThis comment has been removed by the author.
ReplyDeleteඅනේ ජනා මට තාමත් හිනා මතක් වෙනකොට....
ReplyDeleteහි හි... ඒකනෙ. හිනාවෙලා මැරුනා එදා නම්.
Deleteමොකක්ද අප්පා ඔයාල ඉන්න පැත්ත දඹානේද ?? හැබැයි එහෙටත් දැන් හොඳට සිග්නල් තියෙනවාලු :D
ReplyDeleteනෑ නෑ.. දඹානට චුට්ටක් විතර මෙහා... හි හි...
Delete