topbella

Tuesday, May 15, 2012

Dialog සිග්නල් තියෙන්නෙ කොතනද???



මේක නම් ක්‍රියේටිව් සතාගෙ වැඩක් නෙමෙයි.. ඒ තරම්ම ක්‍රියේටිව් තවත් සතෙක් ගේ උදාන වාක්‍යයක්.

අපේ බෝඩිමේ සිග්නල් හරි හිඟයි නේ... සිග්නල් කිව්වෙ අර දත් මදින එව්වා නෙමෙයි, ෆෝන් එකට එන එව්වා. දැන් නම් කැම්පස් එකටම අළුතෙන් කණුවක් දීලා. ඊට කලින් මොබිටෙල් සිග්නල් අන්තිමයි. මම ඇරෙන්න අනික් හැමෝම පාවිච්චි කලේ මොබිටෙල්.

සත්තු ටිකට training දෙනවා කියපු දවසේ බෝඩිමේ එකම යුද්ධයයි. එහෙට කතා කරනවා... මෙහෙට කතා කරනවා... seniorsලට කතා කරනවා... madam ට කතා කරනවා.. තැන හොඳයිද කියල අහනවා... boy friend ට කතා කරලා "එතන ට්‍රේනින් ගියාට කමක් නැද්ද අනේ" කියලා අහනවා...

ඔන්න ඔය විදිහට දස අතට කෝල් කර කර ඉඳලා අන්තිමට තීරණයක් අරගෙන මැඩම් ට කියන්න ආපහු කෝල් එකක් ගන්න උනා... ඉතින් මැඩම් ට කෝල් කරනවා කියන්නෙ ටිකක් වැදගත් විදිහට කතා කරන්න එපැයි. මැදදි කට් වෙන්නත් හොඳ නෑනෙ. මැඩම්ලට අපිට වගේ නෙමෙයිනෙ. කොච්චර වැඩ තියෙනවද...

ඒ වෙලාවෙ ගිය දෙබස මෙන්න මෙහෙමයි. (චතූ කෝල් එක ගත්තෙ අර සතාගෙ ෆෝන් එකෙන්)

චතූ: සද්ද කරන්නෙ නැතුව හිටපල්ලා... මම මේ මැඩම් ට කෝල් එක ගන්නෙ...

සතා: චතු, චතු..., මේ මෙතන්ට එන්න. මේ ජනාගෙ ඇඳේ මේ කෙලවරට ඩයලොග් සිග්නල් තියෙනවා...

(ඒක අහලා චතූ ගන්න ගිය කෝල් එක කට් කරලා....)
චතූ: ඈ... මෝඩයො..., උඹේ සිම් එක ඩයලොග් ද?

සතා: නෑ.. නෑ... මැඩම්ගෙ නම්බර් එක ඩයලොග්.

ඊට පස්සෙ කට්ටියටම ට්‍රේනින් වත්, කාටවත් කෝල් කරන්න වත් මතක නෑ... ඉන් එහාට බෝඩිමේ පරිසරය එදා ගෙම්බා ඉස්ටිකර් උනු දවසට සමානයි හි හි හි...


ප.ලි. ; හිතන්නෙපා අපි සතාගෙ නොදන්නා කමට හිනා උනා කියලා. එයා හොඳටම දන්නවා... ඒ ට්‍රේනින් ප්‍රශ්න අස්සෙ මොලේ කරකුට්ටං වෙලා ඉඳලා තියෙන්නෙ..

38 comments:

  1. Replies
    1. හෆොයි කියල අපිත් ඔළුවෙ අත ගහගත්තු එක තමා කලේ...

      Delete
  2. අන්න මිනිස්සු.... :)

    ReplyDelete
  3. වෙන මොනව කියන්නද සතා එහෙම නොකියා. රසවත් මතකයක්

    ReplyDelete
    Replies
    1. ඔව්. මේ ලියන්නෙ මට මතක තියෙන දෙක තුනක් විතරයි.. නැත්නම් හැමදාම මේ වගේ දේවල් තමයි උනේ... ඒ බෝඩිං ජීවිතේ අවුරුදු දෙකහමාර නම් කවදාවත් අමතක වෙන්නෙ නෑ...

      Delete
  4. අනේ අපොයි.. මොකද්ද ෆැකල්ටිය??

    ReplyDelete
    Replies
    1. විස්තර සඳහන් කිරීම මරුවාට අතවැනීමක් වැනිය... ඒ උනාට සත්තුංගෙ ඩිග්‍රිය නම් මං අර ක්‍රියේටිව් සතාගෙ පෝස්ට් එකේ ලිව්වා මට මතක විදිහට.

      Delete
  5. බැලින්නම් අපි ඔක්කොම එකම බෝට්ටුවේ වගේ ඉන්නේ :D

    ReplyDelete
    Replies
    1. ආහ්... ඔයත් මේ බෝට්ටුවෙමද... සාදරයෙන් පිළිගන්නවා...

      Delete
  6. විලි ලැජ්ජාවේ සන්තෝසේ බැරුවා ය...

    ReplyDelete
    Replies
    1. ඔව්... මේව අහල අපිටත් ගඟේ පනින්න තමා හිතෙන්නෙ.

      Delete
  7. තත්වය ඕකනම් අපරාදේ නේද අර කනුව හිටෝලා තියෙන්නේ.ජය...!

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත තමයි.. හැබැයි තත්වය බරපතල වෙන්ට කලින් කනුව හිටවපු එකත් ලොකු දෙයක්. මේ සිද්ධිය වෙන කාලෙ අළුත් කණුව තිබුනෙ නෑ.

      Delete
  8. අඩේ ලුණු ඇඹුල් ටිකක් එහෙම දාලා ලෙසටම දෙන්න පුළුවං කතා වස්තුවක්නේ මේ කෙටියෙන් අත ඇරලා තියෙන්නෙ... එළ සීන් එක...

    ReplyDelete
    Replies
    1. මට ඉතින් ඒ දක්ෂතාවය නම් බිංදුවයි.. මොනා කරන්නද, කිඹුලා කිරිමැටි ගිලින්නා වගේ මෙලෝ රසයක් නැතිව කියවලා දාන්න තියෙන්න්නෙ.. හි හි...

      Delete
  9. හික්ස්ස්.. ෂා නියම සෙට් එකක්නේ එකට සැට් වෙලා ඉන්නෙ... කොහෙද ඔය බෝඩිම තියෙන්නෙ.. අර අ0ගොඩ පැත්තේ කියන සුන්දර මිටියාවතේ නෙවි නේද?

    ReplyDelete
    Replies
    1. පිස්සුද.... මෙවන් තැනක් අන් කොයිබක වෙද බදුලු පුරේ හැර... හි හි.. වන් ඇන්ඩ් ඔන්ලි අපේ බෝඩිම.

      Delete
  10. මැඩම්වත ඒ ඇදේම වාඩි කර ගත්තනම් හරි. නරකය කියන කතාව ඇත්ත.

    ReplyDelete
    Replies
    1. ඒ කතාව මමත් පිළිගන්නවා...

      Delete
  11. Replies
    1. මරු කිව්වෙ කවුද.. සතාද...? හි හි

      Delete
  12. තව ටිකක් අයිසීන් කරන්ඩ තිබුනා.දෙක තූනක් බැලුවා ඉතූරැටිකත් බලන්නම්

    ReplyDelete
    Replies
    1. හයියෝ... ඔව් ඔව්...

      හා.. ඉතුරු ටිකත් බලල අදහස් කියන්නකෝ...

      Delete
  13. සිග්නල් නැත්නම් ක්ලෝගඩ් කීවලු... අදමද මංදා මම ගොඩ බැස්සේ මේකට..

    ReplyDelete
    Replies
    1. ආ... සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට...

      Delete
  14. මරු යාළුවොනේ .......... ඉන්නේ :P

    ReplyDelete
  15. හික්ස් !!! මරු යාළුවෝ නේ. :)
    ආහ් ඔයාලෑ ට්‍රේනින් එහෙමත් ඉවරයි වෙන්ටෑ. :)

    ReplyDelete
    Replies
    1. ඉවර..... හපොයි.. ඉවර වෙන්ඩ පටන් ගන්නෙපැයි අෆ්ෆා... මේ දවස් වල ට්‍රේනින් විරහිත උපාධි අපේක්ෂකයෙක් වෙලා ඉන්නවා...

      Delete
  16. This comment has been removed by the author.

    ReplyDelete
  17. අනේ ජනා මට තාමත් හිනා මතක් වෙනකොට....

    ReplyDelete
    Replies
    1. හි හි... ඒකනෙ. හිනාවෙලා මැරුනා එදා නම්.

      Delete
  18. මොකක්ද අප්පා ඔයාල ඉන්න පැත්ත දඹානේද ?? හැබැයි එහෙටත් දැන් හොඳට සිග්නල් තියෙනවාලු :D

    ReplyDelete
    Replies
    1. නෑ නෑ.. දඹානට චුට්ටක් විතර මෙහා... හි හි...

      Delete

තාරා ගේ වගතුග..

My photo
තරු ගොඩක් මැද දිදුලන්න වෙර දරන පුන්චි තාරකාවක්...