හුස්ම නොහෙලමි
පියා නොවිදමි
ඉටි පහන වට
නොම සරන්නෙමි
අඩක් පිච්චී
දැවී අළු වුනු
පියාපත් දෙස
බලා ඉන්නෙමි
දුර හිඳන් මම
පෙම් කරන්නෙමි
නුඹට නොපෙනී
නුඹට නොදැනී...
ප. ලි. : ඉටි පහනක් 1
හැම වෙලේම හිතට එන පිස්සු පිස්සු අදහස් හිතට එන විදිහට ලියල තියෙන තැන...... thaaraa.blogspot.com
ඇත්තටම වෙලාවකට ආදරේ මේ වගේ තමයි......
ReplyDeleteලස්සන අදහසක කාලෙකට පස්සෙ තාරගෙන්... සුභ පැතුම්
ගිණි පෙනෙල්ලෙන් බැට කාපු කෙනා කණාමැදිරි එළියටත් බයයිළු...
ReplyDeleteමෙන්න පීපී තාරා ඇවිල්ලා.... :-)
ReplyDeleteනි
ය
ම
යි
ඈ...
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ආදරේ කරන්න ගිහින් ලබපු දුක අත්දැකීමක් වගේ :-(
ReplyDeleteඅම්බෝ සෑහෙන කාලෙකට පස්සේ !!
ReplyDeleteඉටි පහන් දෙවෙනි කොටස තියෙනවා... කෝ එක ???
අනේ තාරෝ කොහෙද හිටියේ මෙච්චර දවස් නියමයි ලස්සනයි .....
ReplyDeleteකාලෙකට පස්සේ නේද
ReplyDeleteලස්සන නිර්මාණයක්...
ලස්සන නිර්මාණයක් සහෝදරි
ReplyDeleteමටත් මේ ටික ගැලපෙනවා :)
ලස්සන අදහසක්..
ReplyDeleteබොහොම දිගු නිහැඬියාවකින් පස්සේ ලස්සන කවි පද ටිකක් අරන් ඇවිත් කවිය ලස්සනයි.හොඳට හිතල ලියපු පද පෙළක්.
ReplyDeleteඒත් දුරින් ඉදලා කරන ආදරේ එයාට දැනෙනවද? ඒක ඊටත් වඩා දුකක් නෙමෙයිද? මම විදලා තියෙන නිසයි අහන්නේ
ReplyDeleteඅලෝ තාරා කාලෙකින්
ReplyDeleteකාලෙකට පස්සෙ ආවත් මාව අමතක නොකරපු ඔයාල හැමෝටම ගොඩක් ස්තුතියි,
ReplyDeleteතනි තනියෙන් හැම කමෙන්ට් එකකටම රිප්ලයි නොකල කියල අමනාප වෙන්නෙ නැති වග දන්නව... කමෙන්ට් කල, නොකල හැම දෙනාටම ගොඩක් ස්තුතියි....
This comment has been removed by the author.
ReplyDeleteලස්සනයි තාරා..කියල වැඩක් නෑ.අදම තමයි මේ පැත්තේ ආවෙත්.
ReplyDeleteපිච්චෙනවද නැද්ද කියලා හරියටම කලින් දැනගන්න විදිහකුත් නෑ නේ.. ඉතින් මොනා කරන්නද?
ReplyDeleteලස්සනයි. ගොඩක් ලස්සනයි.
ReplyDelete