topbella

Wednesday, July 11, 2012

ඉටි පහනක්...2



හුස්ම නොහෙලමි
පියා නොවිදමි
ඉටි පහන වට
නොම සරන්නෙමි
අඩක් පිච්චී
දැවී අළු වුනු
පියාපත් දෙස
බලා ඉන්නෙමි
දුර හිඳන් මම
පෙම් කරන්නෙමි
නුඹට නොපෙනී
නුඹට නොදැනී...

17 comments:

  1. ඇත්තටම වෙලාවකට ආදරේ මේ වගේ තමයි......
    ලස්සන අදහසක කාලෙකට පස්සෙ තාරගෙන්... සුභ පැතුම්

    ReplyDelete
  2. ගිණි පෙනෙල්ලෙන් බැට කාපු කෙනා කණාමැදිරි එළිය‍ටත් බයයිළු...

    ReplyDelete
  3. මෙන්න පීපී තාරා ඇවිල්ලා.... :-)

    නි


    යි

    ඈ...

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  4. ආදරේ කරන්න ගිහින් ලබපු දුක අත්දැකීමක් වගේ :-(

    ReplyDelete
  5. අම්බෝ සෑහෙන කාලෙකට පස්සේ !!
    ඉටි පහන් දෙවෙනි කොටස තියෙනවා... කෝ එක ???

    ReplyDelete
  6. අනේ තාරෝ කොහෙද හිටියේ මෙච්චර දවස් නියමයි ලස්සනයි .....

    ReplyDelete
  7. කාලෙකට පස්සේ නේද
    ලස්සන නිර්මාණයක්...

    ReplyDelete
  8. ලස්සන නිර්මාණයක් සහෝදරි
    මටත් මේ ටික ගැලපෙනවා :)

    ReplyDelete
  9. ලස්සන අදහසක්..

    ReplyDelete
  10. බොහොම දිගු නිහැඬියාවකින් පස්සේ ලස්සන කවි පද ටිකක් අරන් ඇවිත් කවිය ලස්සනයි.හොඳට හිතල ලියපු පද පෙළක්.

    ReplyDelete
  11. ඒත් දුරින් ඉදලා කරන ආදරේ එයාට දැනෙනවද? ඒක ඊටත් වඩා දුකක් නෙමෙයිද? මම විදලා තියෙන නිසයි අහන්නේ

    ReplyDelete
  12. අලෝ තාරා කාලෙකින්

    ReplyDelete
  13. කාලෙකට පස්සෙ ආවත් මාව අමතක නොකරපු ඔයාල හැමෝටම ගොඩක් ස්තුතියි,
    තනි තනියෙන් හැම කමෙන්ට් එකකටම රිප්ලයි නොකල කියල අමනාප වෙන්නෙ නැති වග දන්නව... කමෙන්ට් කල, නොකල හැම දෙනාටම ගොඩක් ස්තුතියි....

    ReplyDelete
  14. This comment has been removed by the author.

    ReplyDelete
  15. ලස්සනයි තාරා..කියල වැඩක් නෑ.අදම තමයි මේ පැත්තේ ආවෙත්.

    ReplyDelete
  16. පිච්චෙනවද නැද්ද කියලා හරියටම කලින් දැනගන්න විදිහකුත් නෑ නේ.. ඉතින් මොනා කරන්නද?

    ReplyDelete

තාරා ගේ වගතුග..

My photo
තරු ගොඩක් මැද දිදුලන්න වෙර දරන පුන්චි තාරකාවක්...