
මේ දවස් වල ලොකු කතාවක් යනවනෙ ඔය ග්‍රීස් යකා ගැන, මේ පැත්තෙත් ඔය භීතිකාව පොඩ්ඩක් තියෙනවා..
අස්ථිකාලගෙ බෝඩිමේ ජනේලෙකින් සුදුපාට අතක් දැම්මලු..
රෑ 11 ට විතර ඇවිත් දොරට තට්ටු කලාලු...
පෙරේදා රෑ කෙල්ලෙක් යටිගිරියන් කෑගහන සද්දයක් අපේ සතෙකුට ඇහුනලු...
අපේ බෝඩිමට පහල පාරෙන් දිග පිහියක් දාලා ගිය මනුස්සයෙක් අල්ලගත්තලු..
ඔන්න ඔය වගේ කතා ගොඩක් ආරංචි උනා...
ඇත්ත නැත්ත කොහොමද නම් දන්නෙ නෑ...
අපිත් චුට්ටක් විතර බයෙන් තමයි ඉන්නේ.. මොකද අපේ දොරේ අගුල ටිකක් අප්සට්නේ, කකුලෙන් එකක් දුන්න ගමන් දොර ඇරෙනවා... බෝඩිමේ ඇන්ටිට කිව්වට හදල දෙන්නෙත් නෑනෙ...
බ්‍රවුන් කියලා බලු තඩියෙක් නම් ඉන්නවා... ඒත් ඌ අපිට විතරයි පාට් දාන්නෙ. හොරුත් එක්ක ඌ යාළුයිද මන්දා... රෑ 9න් පස්සෙ ඌ ලෙහුවාම අපි නම් එලියට බහින්නෙ නෑ...
ඉතින් ඔය ග්‍රීස් යකා ගැන කතා කරන්න ගිහින් කියාපු රසකතාවක් තමයි මේ...
දන්නවනෙ අර ක්‍රියේටිව් උත්තර දෙන අපේ සතා ගැන. එයාට ඉතින් ලොකු ප්‍රශ්නයක්ලු මේ ග්‍රීස් යකා ගැන...
සතා: එතකොට ඔය ග්‍රීස් යකා ග්‍රීස් ගාගෙන එන්නෙ ඇයි?
අපි: එතකොට කාටවත් ඌව අල්ලන්න බෑනෙ.. ලිස්සනවනේ...
සතා: එතකොට ඌ ග්‍රීස් ඇඟේ ගාගන්නේ අත් දෙකෙන් අරගෙන නේ... ඉතින් ඌ අත් දෙකේ ග්‍රීස් ගාගෙන ඇවිල්ලා කෙල්ලෙක්ව අල්ලගත්තාම ඒ කෙල්ලටත් ලිස්සලා යන්න පුළුවන් නේ....
(හා දීපන්කෝ දැන් ඕවට උත්තර... බලන්න කොච්චර දාර්ශනික මොලයක්ද කියලා...)
ප.ලි. සතා තව තව ප්‍රශ්නත් ඇහුවා යකා ගැන... ඒවා මේකෙ ලියන්න ටිකක් අමාරුයි.,..
පුදුම නිර්මාණශිලී සතෙක් නේ. හික්ස්. අපේ පැත්තෙත් ග්‍රීස් යකෙක් ආවා ඉස්සරම. මිනිස්සු නම් කිව්වේ ඒකත් හමුදා ට්‍රේනින් එකේ කොටසක් කියලා. කවුද අප්පා ඕවා දන්නේ.
ReplyDeleteමේ ඒක නෙමෙයි කවුද ඔය අස්ථිකාලා කියන්නේ ? දන්නේ නැති හන්දයි අහුවේ.
ඔය ග්‍රීස් යකා හම්බ වෙච්චාම මටත් පොඩ්ඩක් කියනවද ? අපේ සයිකලේ හබ් එකට ග්‍රීස් ටිකක් ඉල්ල ගන්න.
ඔයා හරි වැරදියි තාරා... අපේ කුතුහලේ අවුස්සලා දැන් බබා වගේ ඉන්නවා. දැන් මට එකේක ඒවා හිතෙනවා සතා ග්‍රීස් යකා ගැන අහපුවා ගැන.
ReplyDelete"මොකද අපේ දොරේ අගුල ටිකක් අප්සට්නේ"
ReplyDeleteමොකෑ බොල මේක බ්ලොග් එකේ දැම්මේ.
ඕං අද රෑට බලාන හිටු ග්‍රීස් යකා තවත් එකෙක් අඩගහගන බෝඩිම පැත්තෙ ආවෙ නැත්තම්!
මම් අහගෙන් කවුදෝ කියනව ඔය යකාත් සිංහල බ්ලොග් කියවනව කියල.0_o
එහෙනම් බයක් වෙන්න දෙයක් නෑ ග්‍රීස් යකාට අහුවුනොත් පැනල යන්න පුලුවන්නෙ.
ReplyDelete@නදී :
ReplyDeleteඔව් ඔව් මම් බ්ලොග් කියවනවා තමයි අක්කේ. බ්ලොග් කියවනවා වගේම බ්ලොග් ලියනවත් එක්ක. හික්ස් :)
මන් හිතුවේ මෙයැයි යකෙක්ටවත් බය වෙලාද කියලා..
ReplyDeleteබය වෙන්න දෙයක් නෑ..ග්‍රීස් යකා අවොත් ඔයාටයි, සතාටයි බය වෙයි මන් හිතන්නේ...හික්ස්
කැමපස් තියන පැතිවල ඔයවගේ සිදුවීම් නම් එමටයි x(
ReplyDeleteඔය සතාව යකාට අහු උනොත් එයාටම උත්තර හොයාගන්න පුළුවන් වෙයි :))
හික්ස්.. කෙල්ලන්ට ලිස්සලා යන්න උවමනාවක් නැතිවද මන්දා.. :P :P :P :)) :))
ReplyDelete@මධුරංග: අස්ථිකා කියන්නේ මගේ නම හොරකම් කරලා අකුරක් වෙනස් කරගත්තු කෙනා... :)) එයාට අස්ථිකා කියන්නෙ ඇඟේ සයිස් එක නිසාමයි....
ReplyDelete@ මාළුවා: =))
ReplyDelete@නදී අක්කා: ඇත්තද???? :-o
ReplyDelete@පිනිබිඳු: ඒක තමයි ;)
ReplyDelete@මධුරංග: මෙන්නෝ........ යකා මගෙ බ්ලොග් එකටත් ඇවිල්ලෝ.... :))
ReplyDelete@අසනි: අන්න හරි... ඒක තමයි... සතයි මමයි විතරක් නෙමෙයි බෝඩිමේ 7 දෙනාගෙන් ඕනම කෙනෙක්ට අහු උනත් එච්චර තමයි..
ReplyDelete@පූසා: ආ... මම එහෙනම් සතාට කියන්නම් යකාගෙන්ම අහන්න කියලා... :))
ReplyDelete@ලමයා: x(
ReplyDelete@තාරා :
ReplyDeleteෂ්..... කෑ ගහන්න එපා හලෝ !!!! මට ඕනේ සතාව බය කරන්න විතරයි. සතාව බය කලා . මම් ගියා !!!!!
එතකන් කෑ නොගහා ඉන්නවා. මට කොස්සෙන්වත් ගහයිද මන්දා !!!!!!
@යකා: කොස්සෙන් විතරක් කාලා ඉතුරු උනොත් ඇති... පිරිමි අයට ගහන්න එපා කියලා විතරනෙ කිව්වේ... යක්කුන්ට ගහන්නෙපා කිව්වෙ නෑනේ... :))
ReplyDeleteඅම්මෝ ඔයාලගේ යාලුවාව හංගලා තියාගන්න නැත්නම් ආණ්ඩුවේ උපදේශක තනතුරකට සුදු වෑන් එකකින් අරගෙන යයි :D
ReplyDeleteඔව්.. අපිත් බයේ ඉන්නෙ... ජේශ්ඨ ඇමති කමක් වත් දීලා ගනීද කියලා... ඒ තරම් මොලයක්..
Delete