topbella

Saturday, August 6, 2011

ඔබට මතකද...


පෙම්වතුන් ලෙස
පැතුම් පොදි බැඳ
පා නැඟූ මේ
පුරුදු මං දිග
සිඟිති දියණිය
ඉපදි පළමුව
තුරුළු කරගෙන
රැගෙන ආ මඟ
දශක නික්මී
ඔබද මා ඇය
පිය නඟන සඳ
යළිත් ඒ මඟ
සිතුවමක් මෙන්
ඇඳුනු මතකය
දුටිමි ඔබ මුව
මඳහසක් ලෙස...


ප.ලි. පිංතූරෙ ඉන්නෙ... තාත්තයි අම්මයි මමයි...

18 comments:

  1. නුබ ඇය හා මම
    මතක පොදි බැද
    පා නගන මේ
    ඉසව්වේ සිට
    පතමි මම
    කැටුව යන්නට
    නුබේ සොදුරු අත
    තව එක් දිනක්වත්
    මෙලෙස හෙට
    දියණි හා මිණිබිරිය කැටුවම...

    හරිම හැගුම් බරයි තාරා.දවසක මේ කවිය මටම අවැසි වේවි..එදාට තාරාගෙන් මේ කවිය ඉල්ලාවිද මන්දා...අවසරද මට..

    ReplyDelete
  2. @අසනි: අයියෝ... කිසි අව්ලක් නෑ යාළු.... මගේ ඕනම කවියක් ඕනම කෙනෙකුට දෙනවා... ;)

    ඔයාට නම් අනිවාර්යයෙන් දෙනවා... ;;) ඔයා මටත් තාත්තගෙ කවිය දුන්නනෙ :)

    ReplyDelete
  3. මේ අනුරාධපුරේ නේද තාරා? ඔයාලෑ අම්මයි අප්පච්චියි අත්වැල් පටලවගෙන ගිඔය පාරේ ඔයාව තුරුලු කරගෙන යනකොට ඒයැයිට ලොකු ආදරයක් හිතෙන්න ඇති නේ.

    කවිය ලොකු සිතුවිලි සමුදායකට මග පෑදුවා. ඒතරමට ඒ කවි ටික පින්බරයි !!!!

    ReplyDelete
  4. හරිම මිහිරි සිතුවිල්ලක්..

    ReplyDelete
  5. ඔය මගේ හීනේ ගැනද ලිව්වේ....

    ReplyDelete
  6. මං හිතන්නේ ෂුවර් එකටම දකුණු පැත්තේ සුදු පාට හෑන්ඩ් බෑග් එකක් දාගෙන යන්නේ ඔයා වෙන්න ඕනේ.... :)) :)):P :P

    ReplyDelete
  7. @මධුරංග : බොහෝම ස්තුතියි...

    @රොෂාන්: ඔයාටත් ගොඩක් ස්තුතියි...

    @ඕල් ඉන් වන්: ඔයාගෙ හීනෙත් මේකමද?? මම ඔයාට සුභ පතනවා ඒ හීනය ඉක්මනින්ම හැබෑ වෙන්න කියලා...

    @මාළුවා: x( මාළුවා දැන් මගෙන් පලි ගන්නවා වගේ =))

    ReplyDelete
  8. @මාළුවා: එතකොට අර පොල්තෙල් බෝතලේ අරන් යන්නෙ අපෙ අම්මද??? =))

    ReplyDelete
  9. හරිම අපූයි ඒ සිතුවිල්ල නම්

    ReplyDelete
  10. ලස්ස්නයි තාරා .. හිතට දැනුනා ..

    කාලය මැවු වෙනසක අරුමේ !

    ReplyDelete
  11. කවියයි පිංතූරෙයි දෙකම ලස්සනයි....

    ඔය පිංතූරෙ ගත්තෙ කවුද?

    ReplyDelete
  12. ආ ආ..... තුන්දෙනාම ඩබල් දාලා නේ... :D

    ReplyDelete
  13. මම මේ පැත්තේ ආවේ පලවෙනි සැරේට.ලස්සනට ලියනවා..ඔන්න පස්සෙනුත් එලවනවා හොදේ...;)

    ReplyDelete
  14. කමෙන්ට් කල හැමෝටම ස්තුතියි....

    ReplyDelete
  15. ආ ඒ පොල් තෙල් බෝතලයක්ද? යකඩෝ පොල් රා බෝතලයක් කියලා මං හිතුවේ... ඒකයි මං හිතුවේ ඒ ඔයාලෑ අම්මා වෙන්න ඇති කියලා... මොනද පුංචි ළමයි ​එහෙම කරන්නේ නෑනේ... :-o

    ReplyDelete
  16. ශ්‍රී මහා බෝධියේ ඉදන් රුවන්මැලි සෑයට යන පාර නේද මේ ??? බොහොම ආධ්‍යාත්මික ප්‍රේමයක් වගේ

    ReplyDelete

තාරා ගේ වගතුග..

My photo
තරු ගොඩක් මැද දිදුලන්න වෙර දරන පුන්චි තාරකාවක්...