topbella

Friday, May 27, 2011

විභාග ප්‍රශ්න වලට creative උත්තර...

අපේ බෝඩිමේ ඉන්නවනේ සත්තු 4 දෙනෙක්. ඒ කිව්වේ සත්ව විද්‍යාව කරන 4 දෙනෙක්. ඒ එක්කෙනෙකුගේ නිර්මාණාත්මක අදහස් තමයි මේවා(නම හෙලි කිරීම මට මාරාන්තික වෙන්න පුලුවන් ) . ප්‍රශ්නෙට තියෙන්නෙ මෙයාට මෙච්චර නිර්මණාත්මක කුසලතා තියෙන්නෙ උත්තර ලියනකොට විතරක් වීමයි..

උත්තරයි ප්‍රශ්නයි ටික මට කට්ටිය කියපු විදිහට සිංහලෙන්ම ලියන්නම්...

01. කිඹුල් පාලනය (crocadile farming ) කිරීමට වාසි සහගත වන කරුණු ලියන්න.

-කිඹුලන්ට කිරි වලින් පෝෂණය වන අවධියක් (lactation period) නෑ. ඒ නිසා ඒ කාලය වෙනුවෙන් සේවකයො යොදවන්න ඕනෙ නෑ.
(මේ paper එක බලලා ඇවිත් එයාලගෙ සර් කිව්වලු " ඇයි කිඹුලන්ව ඉස්කෝලෙ යවන්න ඕනෙත් නෑනෙ. එතකොටත් ශ්‍රමය ඉතුරුයිනේ" කියලා )

02. integrated farming (හරිම සිංහල නම නම් දන්නෙ නෑ) කරනකොට, පොල් ත්‍රිකෝණයේ ගව පාලනය කිරිමේදී ඇතිවන ගැටළු ලියන්න.

-පොල් වතු වල අන්නාසි වගා කරනවා. අන්නාසි පඳුරු අස්සේ සර්පයෝ ඉන්නවා, එතකොට සර්පයෝ ගවයන්ට දෂ්ට කරලා ගවයෝ මැරෙන නිසා පොල් වතු වල ගව පාලනය කරන්න බෑ.

-පොල් වතු වල පොල් ගස් යටින් ගවයෝ යනකොට වේලිච්ච පොල් ගෙඩි ගවයන්ගේ පිට උඩට වැටිලා කොඳු කැඩෙනවා. එතකොට ගවයන්ට හානි වෙන නිසා පොල් වතු වල ගව පාලනය කරන්න බෑ.

(
ප. ලි. මේ පෝස්ට් එක බැරිවෙලා හරි බෝඩිමේ කවුරු හරි දැක්කොත් බෝඩිමේ යුධ රහස් පිටතට දීමේ වරදට මාව බෝඩිමෙන් නෙරපනවා.. එහෙමයි කියලා මේවා නොකියා ඉන්නත් පුලුවන්ද... හි හි...")

29 comments:

  1. තාමත් හිනා. මේ යාලුවාට මාරම නිර්මාණාත්මක අදහස් නේ තියෙන්නේ.

    මේ කතාව කියෙව්වම මට අපේ යාලුවෙක් බහුවරණ පත්‍රයට උත්තර ලිව්ව විදිහ මතක් උනා.
    එක ප්‍රශ්නයක උත්තර පහම පාට කරලා අන්තිමේ දී හරි උත්තරය වෙනම පැත්තක බෝලයක් අදලා ඒකේ මැද්දේ අදාල අංකය ලියලා. ඊට පස්සේ ඒ බෝලය ලගින් කරෙක්ට් ආන්සර් කියලා ලියලා. ඒ බෝලෙත් පාට කරලා මේ ලෝකේ දෙයක් පේන්නේ නෑ.

    ReplyDelete
  2. @ මධුරංග: =)) අපේ එකා වගේම වෙන්නැති

    ReplyDelete
  3. මාර ක්‍රියේටිව් ලු....අර මම ෆැශන් ඩිසයිනින්ග් වල නොපෙනෙනන් ඇදුම් ඇන්දා වගේ..හික්

    ReplyDelete
  4. ආ... තාර නම් කියාවි. එතකොට ඔය දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ මොකක්ද?

    මෙන්න මේකත් කියවලම බලන්නකෝ...

    ReplyDelete
  5. අයියෝ මෙහෙම වටිනා අදහස් තියෙන අය ඉන්න බව ලෝකෙට හෙලි කරාට ඔයාව බෝඩිමෙන් පන්නලා මදි.

    ReplyDelete
  6. මේ අයට කරලියට එන්න අත දෙන්න කෙනෙක් නැතුව වගේ ඉන්නේ... අවශ්‍ය වුනොත් කියන්න..

    ReplyDelete
  7. මේ ප්‍රෂ්නේ A/L paspaper එහෙක තියෙනවා.
    SQප්‍රෂ්නය:- ඔබට චුම්බයයක් හා නූල් කැබැල්ලක් සපයා ඇත. එවා බාවිතා කර පෘතුවි උත්තරඩ්‍රැවය සොයා ගන්නා ආකාරය පැහැදිලි කරන්න.

    පිලිතුර:- චුම්බයයක් හා නූල් කැබැල්ලක් සපයන තුරු බලා සිටියෙමි. එය නොලැබුනු බැවින් පිලිතුරු සැපයීමට නොහැකිය.
    ;)

    ReplyDelete
  8. පාඩම් කරලා ගියේ නෑති උනාම තමා ඔවා ඔහොම වෙන්නේ.. දවසක් මගෙන් ගුරෙක් ඈහුවා වට් ඉස් අ Spontaneous process ටෙල් මී ද ඩෙෆිනිශන් කියලා... මම දන්න ස්පොන්ටෙනියසක් නෑ... පාඩම් කලේත් නෑ.. එකෙක් ගෙන් ඈහුවා මොකක් ද ස්පොන්ටනියස් කියන්නේ කියලා.. ස්වයන්සිද්දි කියලා.. මම ඉතින් උත්තර ලිවා.. a process happens by it self කියලා...ගුරා හිනාවෙලා.. මට 0.7 දුන්නා..

    ReplyDelete
  9. @ රත්ගමයා: නොපෙනෙන ඇඳුම්???:-o

    @ හිශාන්: ආ.. ඒක කියෙව්ව. ඒකත් මරු සිස්සයෙක් තමයි නේද...=))

    @ පිනිබිඳු: ඔව් බෝඩිමෙන් පන්නලා විතරක් ඉතුරු උනොත් හොඳයි... ඌරෙක් කපනවා වගේ කපන්නෙ නැතුව...b-(

    @ සෝරෝ: මමකියන්නම් ඔයාලා එයාට අත දෙන්න කැමතියි කියලා...;)

    @ සින්බාද්: මරු වැඩේ...=))

    ReplyDelete
  10. @ සරදියෙල්: මෙතන තියෙන ප්‍රශ්නෙ ඇවිල්ලා නෝට් එකේ නැති, හිතලා උත්තර ලියන්න තිබිච්ච ප්‍රශ්න තමයි මේවා....

    ReplyDelete
  11. අද නම් තාරාව පන්නනවා සුවර්මයි....

    ReplyDelete
  12. @ මාළුවා: ඔව්.මමත් බයෙන් ඉන්නෙ මුන් මේක කියවයිද කියලා. මං මූනු පොතට මේක දැම්මෙත් නෑ. බයටම...

    අර සතා නැතත් බෝඩිං අයිතිකාරි එලවනවා හෙට වෙනකොට.. මාස 2 ක ඇඩ්වාන්ස් + මාසෙක බෝඩිං ගාස්තු ගෙව්වෙ නැත්නම්...

    නාය යන්න ඔන්න මෙන්න තියෙන තැනක ඉන්නත් සෑහෙන ගේමක් දෙන්න ඕනෙ..

    ReplyDelete
  13. ඔයා මොනවද ඔය ප්‍රශ්නෙ ට ලිව්වේ...

    ප.ලී
    ආ ගිය කට්ටිය... බෑලුවා නම් රට මොකක් ද කියලා තේරෙයි

    ReplyDelete
  14. @ සරදියෙල්: අපෝ මම ඔය සත්ව විජ්ජාව නෙමෙයිනෙ ඉගෙන ගන්නෙ :|

    ReplyDelete
  15. හිටපන් මම කියන්නම්..දෙන්නම් උඹට අපේ ඇරියසුත් එක්කම

    ReplyDelete
  16. @පැන්ඩා: බුදු අම්මෝ.... b-(

    ReplyDelete
  17. යකාගේ ප්‍රශ්න ටිකක් නෙ ඔයාලගෙ සතාට තිබිල තියෙන්නේ....

    ReplyDelete
  18. @නඳුන් උයන: ඔය සතාට ඔහොම ප්‍රශ්න තව සෑහෙන්න තිබුනා... ටික ටික කියන්නම්කෝ ඒවත්...

    ReplyDelete
  19. බුද්ධාගම ප්‍රශ්න පත්තරේ කොල්ලෙක් දීපු උත්තර වගේ. අහලා ඇතිනේ

    සිදුහත් කුමාරයා ගිහි ගෙය හැර ගියේ ඇයි ? ගෙවල් කුලී ගෙවා ගැනීමට නොහැකි වූ නිසා

    බුදුරදුන් කැලණියට වැඩම කලේ ඇයි ? නිල රථයට ටයර් දමා ගැනීමට

    තව ඒවා තිබ්බා. දැන් නම් මතක නැහැ

    ReplyDelete
  20. //integrated farming// සමෝධානිත ගොවිකම

    බලන් ගියාම පට්ට ක්‍රියේටිව් යාලුවෝ ටිකක් නේ තාරාට ඉන්නේ !!!

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව... මෙහෙම යාලුවො ලබන්න පිං කරන්න ඕනෙ... ලේ පිරිසිඳුයි මුං එක්ක ඉන්නකොට...

      Delete
    2. ආ අර වචනෙ සිංහල තේරුම කියාදුන්නට ස්තුතියි..

      Delete

තාරා ගේ වගතුග..

My photo
තරු ගොඩක් මැද දිදුලන්න වෙර දරන පුන්චි තාරකාවක්...