තාරා අධිශ්ඨානයක් කර ගත්තා.. බ්ලොග් එක පාලු වෙන්න දෙන්නෙ නෑ කියලා. සතියකට එකක් වත් අඩු ගානේ පෝස්ට් දානවා... එහෙමයි කියලා සතාටම මඩ ගගහ ඉන්න පුලුවන් යෑ.... ඉහින් මම අතීතාවර්ජනයක් කරන්න පටන් ගත්තා... ඒ කිව්වේ අර "දුමී බබා කාලේ" වගේ "තාරා බබී කාලේ" එහෙම නෙමෙයි.. ඊට වඩා ටිකක් ලොකු කාලේ...
අපි අව්වේ ගමනක් යන්න කොච්චර අකමැතිද.. විශේෂයෙන්ම කොළඹ. දූවිලි, දුම් කාගෙන, දාඩිය නාගෙන.... ශා.... දැනෙන සනීපෙ. ඒත් කොච්චර අකමැති උනත් රාජකාරිය නිසා එහෙම පාරක් මැදට වෙලා ඉන්න කී දෙනෙක් ඉන්නවද... මේ කියන්නෙත් එහෙම කෙනෙක් ගැන.
තාරා 6 වසර වෙනකන් තාත්ත් එක්ක මොටර් සයිකලේ ඉස්කෝලෙ ගියාට මල්ලි 3 වසරෙන් පස්සෙ තාත්තගෙ ඉස්කෝලෙට යන්න පටන් ගත්තට පස්සෙ තාරට බයික් එකේ ලැගේජ් එකේ එල්ලිලා තමයි යන්න උනේ. ඉතින් ඕක කරන්න බැරි නිසා තාත්තා තාරට සීසන් එකක් අරන් දීලා බස් එකේ යන්න පුරුදු කලා. ඊට පස්සෙ තාරා 7 වසරෙ මැද ඉඳන් බස් එකේ තමයි ගමන බිමන... උදේට පාරෙ බස්. හවසට ස්කූල් බස්.
උදේට පාරෙ බස් එකේ ගිහින් පුංචි බොරැල්ලෙන් බැහැලා ඉතුරු ටික කකුල් දෙකට වැඳ වැඳ දුවනවා. හැමදාම පරක්කුනේ. ඔතන හංදියෙදි මහ තඩි පාරක් තියෙනවනෙ පනින්න. තාරගෙ පාර පැනිලි ගැන ඉතින් දන්නවනේ... දන්නැත්නම් මෙතනින් ගිහින් බලන්න. ඉතින් මෙතන ඉස්කෝලෙ ලමයින්ට පාර පනින්න වාහන නවත්තලා දෙන්න පොලිස් අංකල් කෙනෙක් හිටියා... තාරට නම් ඉතින් දෙයියෙක් වගේ. එතකොට පනිනවද නැද්ද පනිනවද නැද්ද කියලා හිත හිත ඉන්න ඕනෙ නෑනෙ.
එයා තමයි අද කතාවෙ කතා නායකයා.. (පූර්විකාව දිග වැඩිද මන්දා). ඉතින් ඔය අංකල් අවුරුදු ගානක්ම ඔතන හිටියා. හැමදාම හිනාවෙලා "ගුඩ් මෝනිංග් දුව.." කියනවා.. මමත් "ගුඩ් මෝනිංග් අංකල්" කියලා පාර පැනලා යනවා... දවසට හොඳ පටන්ගැන්මක්... ඉඳලා හිටලා දවසක අංකල් හිටියෙ නැත්නම් හරි දුකයි.. ගුඩ් මෝනිංග් කියන්න කෙනෙකුත් නෑ. පාර පන්නන්න කෙනෙකුත් නෑ. මොකද අනික් දවසට වැඩි වයසක් නැති රාලහාමිලා අපිව පාර පන්නන්නෙ නෑ. එයාලට වාහන වල රෝද ගනිනවා වගේ වැදගත් රාජකාරි තියෙනවනෙ.... ඔන්න ඔහොම කාලය ගෙවිල ගියා.
එක පාරක් සති 2ක් විතර අංකල් පුංචිබොරැල්ලෙ නැතුව හිටියා... ඒ කාලෙ නාරාහේන්පිට බෝම්බයක් පිපිරුවා. අපේ ඉස්කෝලෙ ළමයෙක්ගෙ තාත්ත කෙනෙකුත් ඒකට අහු උනා.. ආරංචිය ආවෙ එයත් පොලිසියෙ වැඩ කලේ කියලා. පුංචිබොරැල්ලෙ ඩියුටි කලාලු. මේක ඇහුවාම මට පුදුම විදිහට බය හිතුනා.. අපි මල ගෙදරත් ගියා.. බෝම්බයක් නිසාද කොහෙද මිනිය ටිකක් කලු වෙලා. මූන ඇරෙන්න මුළු ඔලුවම බැන්ඩේජ් කරලා තිබුනෙ. මට පෙනුනෙ එයා අර අංකල් වගේමයි.. මට ඉහිලුම් නැතුව ගිහින් මිනිය ලඟදි හයියෙන් කෑ ගහලා ඇඬුනා... ළමයි හැමෝම ඇහුවා ඇයි මම අඬන්නෙ කියලා... පස්සෙ කට්ටියටම කිව්වා... මම හරි දුකෙන් ඒ දවස් ටිකේ හිටියෙ.
ඒත් එක දවසක් උදේ මම අංකල් ආයෙත් පුංචිබොරැල්ලෙ ඩියුටි ඇවිත් හිටියා... මට පුදුමම සතුටක්... මිනිය දැක්කම මම රැවටිලා.. යාළුවො සේරම මට හිනා උනා හොඳට ඉන්න මනුස්සයෙක් මැරිලා කියලා ඇඬුවා කියලා. ඒත් මමනෙ දන්නෙ....
ඔන්න ඔහොම තවත් අවුරුදු ගානක් ගෙවිලා ගිහින් මම 12 වසරෙදි අංකල් එක දවසක් මම පාර පනිද්දි කිව්වා "පුතේ මම ලබන සතියෙ පෙන්ශන් යනවා" කියලා... ඉතින් අපි උදේට එතනින් එන යාලුවො ටික සෙට් වෙලා අංකල් ට තෑග්ගකුයි කාඩ් එකකුයි දුන්නා.. ලී වලින් හදපි පුංචි නැවක් තමයි දුන්නෙ... මොකද....
අංකල් මහ ලොකු නැවක් වගේ අපිව හැමදාම වාහන සාගරෙන් එතෙර කරපු නිසා...
නමක් ගමක් දන්නෙ නැති උනත් අදටත් මට අංකල් ව ගොඩක් මතක් වෙනවා... පස්සෙ කාලෙක මගෙ යාලුවට අංකල් ව බස් එකකදි හම්බෙලා කතා කරලා තිබුනා.. දැන් සෙකියුරිටි ෆර්ම් එකක වැඩ කරනවලු. එච්චරයි දන්නෙ.. ඊට පස්සෙ කිසිම ආරංචියක් නෑ.
මේක කියවන කවුරු හරි ඒ අංකල් ව දන්නව නම් කියන්න... අපිට එයාව ගොඩක් මතක් වෙනව කියලා.. එයා පරෙස්සමින් පාර පන්නපු ළමයි අද හොඳට ඉගෙනෙගෙන හොඳ තැන් වල ඉන්නවා කියලා අහන්න එයා හරි සතුටු වේයි.... ඒ පිනම ඇති.... නිරෝගීව අංකල්ට දීර්ඝායුෂ ලබන්න...
ප.ලි. මේක මගේ දිගම පෝස්ට් එක ද කොහෙද... ජයවේවා...