
හා පුළුවන් නම් දන්න කෙනෙක් කියන්න බලන්න ඔය උඩින් අහලා තියෙන ප්රශ්නෙට උත්තරේ...........
ඕකට හරිම උත්තරේ නම් මමත් දන්නෙ නෑ. ඒත් අපේ ක්රියේටිව් සතා නම් දන්නව මම හිතන්නෙ.
මෙන්න මේකයි කතාව.
ආ..... කලින් පූර්විකා කොටසකුත් තියෙනවා. සමහර මිනිස්සු ගෙවල් හදන්න ඉතින් ඔය නැකතක් එහෙම බලලා අත්තිවාරමක් (සිංහලෙන් කියනවනම් බවුන්ඩේසමක්) දානවනෙ. ඉතින් ඊට පස්සෙ සල්ලි ඉවර වෙනවා. ආයෙ සල්ලි හම්බෙනකං අර අත්තිවාරම පැල වෙනවා. ගොඩක් තැන් වල මේ දේ සිද්ද වෙනවා. හොඳට සල්ලි තියෙන කෙනෙක් තමයිනෙ එකපාර ගේ හදන්නෙ. අපේ තාත්තලා වගේ රජයේ සේවකයන්ගෙ ගෙවල් ඔහොම්මම තමා.
(පූර්විකාව දිග වැඩි උනාද මන්දා...)
ඔන්න දවසක් අපේ බෝඩිමේ වට මේස සාකච්චාව දාගෙන ඉන්නකොට මෙන්න මෙහෙම දෙබසක් ගියා.
ක්රියේටිව් සතා: අනේ මම නම් අයියට (එයාගෙ බොයි ෆ්රෙන්ඩ්) කියන්නෙ අපි බැන්දාම හදපු ගෙයක් සල්ලි වලට ගමු කියලා.
සතා 1: ඇයි අනේ ඒ... එතකොට අපරාදෙනෙ. අපිට ඕන විදිහට ලස්සනට ගේ හදාගන්න බෑනෙ. වෙන කෙනෙක්ට ඕන විදිහටනෙ හදලා තියෙන්නෙ.
ක්රියේටිව් සතා: ඒ උනත් ගෙවල් හදන්න සෑහෙන කල් යනවනෙ...
සතා 2: නෑ එහෙම නෑ. එකපාර ගෙයක් ගන්න සල්ලි තියෙනව නම් ඉතින් එකපාර සල්ලි වියදම් කරලා ඉක්මනට හදාගන්නත් පුළුවන්නෙ.
ක්රියේටිව් සතා:සල්ලි තිබිලා විතරක් බෑනෙ. ඔය අත්තිවාරම එහෙම පරණ වෙන්න තියන්නත් එපැයි සෑහෙන කාලයක්.
සතා1: ඈ............. ඒ මොකටද අත්තිවාරම පරණ වෙන්න තියන්නෙ?
ක්රියේටිව් සතා: ඔය ගෙවල් හදනකොට අත්තිවාරම පරණ වෙන්න තියනව නේද...? මම දැකලා තියෙනවා.. අපේ පැත්තේ හදපු ගෙවල් ඔක්කොම එහෙම තමයි. අත්තිවාරම දාලා අවුරුද්දක් විතර පරණ වෙන්න තියල තමයි ගේ හැදුවෙ...
එතනින් එහාට දෙබස ඉවරයි. ක්රියේටිව් සතා ඇර ඉතුරු අයට හිනාව නවත්තගන්න පැය ගානක් ගියා....
අත්තිවාරමක් අවුරුදු පහකට වඩා පරණ වෙන්න තියලා ගෙයක් හදන්න හොද නෑ. එතකොට ගෙදර අයට හොද නෑ. අපලයි ලූ. වාස්තු විද්යාවෙන් කියන්නේ.
ReplyDeleteඔය ක්රියේටිව් සතා කියලා කියන්නේ අර එදා ඔයා කියපු නංගි නේ.
ප.ලි. - පහුගිය ටිකේ ලියන්න මුකුත් නෑ කියලා කිව්වට ඔය තියෙන්නේ කතා නේ. මෙහෙම එවුවා බ්ලොග් එකක් පිරෙන්නම ලිව්වෑකි.
නිරීක්ෂණය මගින් නිගමනය...
ReplyDeleteහරියටම හරි!
Deleteas ma practice random rubble foundation needs 4-5 days with good climate.but Concrete tie beam foundation take 7 days or more time.curing is most important.
ReplyDelete@ මධුරංග: ඔව් එයා තමයි... ඒත් මම මේවා ලියනවා කියලා එහෙම කියන්න එපා හොඳද... දැන් ඌරො මරලා training එකකුත් තියෙනවා...
ReplyDeletecomming up next "තාරා චාටර් උනු කුප්පමේනියා කතා වස්තුව"
@රොෂාන්: ඒක තමයි හැකියාව...
@කලවැද්දා: බොහොම ස්තුතියි යාළුවා විස්තර ටිකට...
Ur welcome
Deleteඕවට කියන්නෙ පරිනාමයේ වැරැද්ද කියල.
ReplyDeleteඒ මොකද ඒ???
Deleteඅත්තිවාරම පරණ වුනාම........(සිවිල් ඉංජිනේරුවෙක් ගෙන් තමා අහන්න ඕනේ....)හි හි හි....මරු කතාව තාරා....
ReplyDeleteඉංජොත් දන්නෙ නැතුව ඇති මෙහෙම කන්ස්ට්රක්ෂන් ගැන...
Deleteමචං සිරාම කතාව..
ReplyDeleteතැන්කූ මතං...
Deleteඅත්තිවාරමක් හදලා පරන වෙන්න තියන්න ඕනේ තමා. එතකම් ඒ අත්තිවාරම මැද පස් පුරවලා ඒකේ මඤ්ඤොක්කා හදනනවා. ඒ මඤ්ඤොක්කා විකුණලා ලැබෙන ආදායම බැංකුවක දාලා ඒ පොලියෙන් ගේ හදන්න ආයේ පටන් ගන්නවා. අන්න බලන්න සල්ලි නැති එකටත් ඒකෙන් විසඳුමක්!
ReplyDeleteක්රියේටිව් නරියෙක්...
Deleteඅනේ දෙවියනේ...
ReplyDeleteදෙවියන්ටත් පිස්සු හැදෙනවා අක්කේ මේවා ඇහුවාම...
Deleteහොහ් හොහ් හොහ්... :D
ReplyDeleteහි හි...
Delete