
සකි ඔබ දුටිමි මහ මඟ ජන ගඟ මත්තේ
මුව නොම බසිනි ඔබ තරඟය ජය ගත්තේ
මුව නොදෙඩුවද ඔබ යහගුණ දැන ගත්තේ
අම්මා අපේ නැත ඔබ පසු කර යත්තේ
දකිනෙමි නිතිපතා පසිඳුර යහපත්තු
එලෙසම දකිමි උන් නිති අත පා ගත්තු
දෙවියනි බඹුනි දෙව් බඹ ලොව යහපත්තු
සකි වෙත නොදුන් මුව ඇයි ලඟ අර සත්තු...
ලස්සන කවි සිතුවිල්ලක් නංගි.
ReplyDeleteමේ කෙනා ජීවිතය ජය ගන්න කරන උත්සහය ඔයාගේ හිතට ගොඩක් කා වැදිලා වගේ. කලින් පෝස්ට් එකෙත් මේ දේම තිබ්බා මතකයි.
ඒත් කමෙන්ට් කරන්න උනේ නෑ. කමෙන්ට් එක ටයිප් කරලා පබ්ලිෂ් කරනකොට පෝස්ට් එක නෑ.
ජීවිතය ජයගන්න වෙර දරන මිනිස්සු.. ලස්සන කවි පෙලක්...
ReplyDeleteකලිං දාලා තිබුන පෝස්ටෙකේ විස්තරේම නේද..?
ReplyDeleteමොකද ඒක මැකුවේ...?
@මධුරංග: ආ... වචනෙන් කියන්න බැරි උන දේ කවියෙන් කියන්න උත්සාහ කලේ...
ReplyDelete@දිනේශ්: ස්තුතියි යාළුවා...
ReplyDelete@සෝරෝ: ම්.... ඒක අයින් කරන්න හිතුනා...
ReplyDelete