සරසවි ගිය දුවට
කැටේ අරන් පිකටින් නොයන් රට වටේ
වටේ යන විටදි බඹරුන්ට ඉව වැටේ
වැටේ එවිට මල් මකරන්ද බිඟු වටේ
වටේ නොගොස් දුවගෙන එන්න පැල් කොටේ
දහස් ගනන් දී බෝඩිම් වල ඉන්නේ
අහස් මාලිගා හිත තුල ඉදි වෙන්නේ
රහස් කතා 'නොකියා' තුල හිර වෙන්නේ
දවස් ගනන් පානුයි අල හොදි කන්නේ
ලෙච්චර වලට ගොස් එන විට කුස ගින්නේ
කොච්චර දුරද අපි දුව මොනවද කන්නේ
ගැත්තර කොලු ගැටව් නවකව වද දෙන්නේ
බිත්තර වුවත් තැම්බෙයි හද තුල ගින්නේ
ණය වීලයි නුඹව අපි සරසවි එව්වේ
පය ගෙවෙනවා බෝඩින් සොයමින් අව්වේ
බිය නොම වන්න පිරිසිඳු මව් කිරි බිව්වේ
කය මෙහෙ වුවත් හිත ඔබ ලඟටයි දිව්වේ
වැවේ රැව්ල රේසරයට නොකියාම
නිවේ කහට ජෝගුව මව අත තාම
දැවේ මතල් වී බෝඩින් වල කෑම
දුවේ මට දුකකි උඹ සරසවි යෑම
බෙන්තොට පී.ඩී. සිරිසෝම
කැටේ අරන් පිකටින් නොයන් රට වටේ
වටේ යන විටදි බඹරුන්ට ඉව වැටේ
වැටේ එවිට මල් මකරන්ද බිඟු වටේ
වටේ නොගොස් දුවගෙන එන්න පැල් කොටේ
දහස් ගනන් දී බෝඩිම් වල ඉන්නේ
අහස් මාලිගා හිත තුල ඉදි වෙන්නේ
රහස් කතා 'නොකියා' තුල හිර වෙන්නේ
දවස් ගනන් පානුයි අල හොදි කන්නේ
ලෙච්චර වලට ගොස් එන විට කුස ගින්නේ
කොච්චර දුරද අපි දුව මොනවද කන්නේ
ගැත්තර කොලු ගැටව් නවකව වද දෙන්නේ
බිත්තර වුවත් තැම්බෙයි හද තුල ගින්නේ
ණය වීලයි නුඹව අපි සරසවි එව්වේ
පය ගෙවෙනවා බෝඩින් සොයමින් අව්වේ
බිය නොම වන්න පිරිසිඳු මව් කිරි බිව්වේ
කය මෙහෙ වුවත් හිත ඔබ ලඟටයි දිව්වේ
වැවේ රැව්ල රේසරයට නොකියාම
නිවේ කහට ජෝගුව මව අත තාම
දැවේ මතල් වී බෝඩින් වල කෑම
දුවේ මට දුකකි උඹ සරසවි යෑම
බෙන්තොට පී.ඩී. සිරිසෝම
මේ කවිය මම දැක්කෙ 2010 නොවැම්බර් 28 රිවිර පත්තරේ අරුණැල්ල කවි තීරුවෙන්...... කවිය කියවද්දි ඇහැට කඳුලක් ඉනුවෙ ඇත්තටම බෝඩිමේදි කන අල හොදි මතක් වෙලාද............ඒ කඳුලු වැටුනෙ ඇත්තටම දහසක් බලාපොරොත්තු කර උඩ තියාගෙන දරුවව කැම්පස් යවන තත්තලව මතක් වෙලාද......... මගේ තාත්තව මතක් වෙලාද...............
බලාගෙන ගියාම හැමෝගෙම ජීවිත වල වෙනසක් නෑ.
කුසේ කුසගින්න අමතක කරමින්නේ
ගතේ දැඩි වෙහෙස පසෙකට ලාමින්නේ
මා වෙනුවෙන් ඔබ දරනා දුක් ගින්නේ
අමතක කරන්නද කෙලෙසක දිවි නිම්නේ
මහමෙර උසට පුරවාගෙන ආසාව
දකිනා ලෙසට පඬි රුවනක ලෙස මාව
දන්නෙමි බව ඔබේ දිවියම මා ගාව
විශ්වාසය තබන් ඔබගේ ලොකු දූව
ඇස් තෙමෙනවා සිහි වන විට ඔබ නිතර
එන්නට හිතෙනවා ඉගිලී හෝ ගෙදර
ඔබෙ දිවි එලිය කරනට ලෙසකින් කවර
නෙත් දෙක මමයි ඔබගේ නැතිවුනු අදර
-තාරා
beautiful...keep it up
ReplyDeleteඅඩෙ බ්ලොග් ගඩොල් උඹ දන්නවද මේ අපි දෙන්නගෙ ඉස්කොලෙ මල්ලි කෙනෙක්ගෙ අක්කෙක්...තව දෙයක් මේ අපි දෙන්නගෙම ඉස්කොලෙ ගුරු පියෙක් ගෙ දුවෙක්,....තව දෙයක් දන්නවද මේ මගෙ හොඳ යාලුවෙක්...පැන්ඩ එක්ක ඉගෙන ගන්නෙ...
ReplyDeleteතාර ට ජය..තාත්තගෙ හිත සතුටින් පිරෙන්න හොඳින් ඉගෙන ගෙන තාත්තගෙ හිත ආඩම්බරෙන් පුරවන හොඳ දියණියක් වෙන්න ඔයාට මගෙ ආශිර්වාදය..තෙරුවන් සරණයි
Nice work.. keep them coming
ReplyDelete@blog gadol: thank you very much friend...:-)
ReplyDelete@පැන්da: හැමදාම වගේ මාව දිරිමත් කරනවට ඔයාට ගොඩක් පින් පැන්ඩො.....
ReplyDeleteඅනිවාර්යයෙන්ම මම තාත්තගෙ සිහින සැබෑ කරන හොඳ දුවෙක් වෙනවා.......
@sameerausa:
ReplyDeleteyes i will..... and thank you very much.... i hope you all will read all my future creations also...
සහතික ඇත්ත අපේ දෙමවුපියො ගොඩක් මහන්සියෙන් අපිව මෙතනට එවල තියෙන්නෙ. ඉතින් අපේ යුතුකම වෙන්න ඕනෙ එයාලගෙ බලාපොරොත්තු ඉටු කරන එක තමයි. ඒත් අපේ ගොඩක් දෙනෙක් ඒක කරන්නෙ නෑ. එයාල දෙමාපියන්ගෙ සල්ලි මහන්සිය නැති කර කර කාලය විනාස කරල දානව.
ReplyDeleteලස්සන Post එකක්. ගොඩක් හිතල බලල ඉගන ගන්න දේවල් තියලව.
ඡය වේවි!!
@ කේශාන්: ඒක ඇත්ත. අපිව මෙතනට එවන්න අපෙ දෙමව්පියො විඳින දුක මතක් වෙනව නම් මේ ළමයි මේ විදිහට සල්ලි නාස්ති කර කර විකාර කරයි කියක මම හිතන්නෙ නෑ..
ReplyDeleteගොඩාක් ස්තුතියි අගය කිරීමට...
අම්මෝ අපිත් ඔය කට්ටම අවුරුදු 4ක් කෑවා. තාමත් කමින් ඉන්නවා. ඒක ඉක්මනටම ඉවර වෙන්න ලැබෙන්න කියලා ප්‍රර්තනා කරනවා. ඉක්මනටම උපාධිය අරගෙන එලියට එන්න ලැබෙන්න කියලා පතනවා !!!!
ReplyDelete@මධුරංග: දෙවියන්ගෙ පිහිටෙන් අපි නම් තව මාස 6කින් එලියෙ... ඔයාලගෙ කැම්පස් එක තාම වහලා නේද?
ReplyDelete@තාරා :
ReplyDeleteවහලා නේන්නම්. ඒකනේ මේ දුක. මම් හිතන්නේ අපිටත් ඔයාලා එක්කම උපාධි ගන්න පුලුවන් වෙයි. හික් :)