topbella

Saturday, January 29, 2011

හිරු බුධ ගිලලා...


ගියපාර පොස්ට් එකේ අපේ මලයා ගැන කියපු ඒවට හොඳ ප්‍රතිචාර තිබුනු නිසා මම හිතුව මේ පාර අපේ නඟා ගැන ලියන්න කියලා.
අපි දෙන්නට සාපේක්ෂව නංගි ගොඩක් පොඩියි. මලයට වඩා අවුරුදු 7ක් ම බාලයි.ඒ වුනාට කට නම් අපි දෙන්නටම වඩා වැඩිමල්. ඒ නිසා මල්ලිගෙයි මගෙයි වැඩේම නංගිව බයිට් කරන එක තමයි.
මේකත් අපේ නඟා ඇතිවෙන්න බයිට් වුනු, ඒ වගේම යන යන තැන බයිට් වෙන කතාවක් තමයි.

අපිත් පුන්චි කාලෙදි අපෙ පන්තියක ටීචර් කෙනෙක් ඉතින් මොනව හරි දෙයක් කිවුවොත් ඒක හිස් මුදුනින් පිලි ගන්නවනේ.පිලි ගන්නව විතරක් නෙමෙයි. කවුරුත් ඉන් එහාට කියන දෙයක් විශ්වාස කරන්නෙත් නෑ. මේක වුනේ ගිය අවුරුද්දෙ. ඒ කියන්නෙ අපේ නඟා 6 වසරේ.

අර ITN එකේ යන අමන්දා නාට්ටියෙ ඉන්නෙ ජැකී කියලා හාදයෙක්.ඒ මනුස්සයා 2012 ලෝක විනාසෙ වෙනකන් බලාගෙන ඉන්න කෙනෙක් නේ. මේ නාට්ටිය අපෙ ගෙදර කට්ටිය බල බල ඉන්න ගමන් අපේ මලයා කිව්වලු මේක මොන මෝඩයෙක්ද, කොහෙද 2012 ලෝක විනාසයක් වෙන්නෙ කියලා.

අපේ නඟා ඒ ගමන පැනපු ගමන් කිව්වලු "ආ ඔයා කොහොමද එහෙම කියන්නෙ!!! ලෝක විනාසෙ වෙනව තමයි... අපෙ ටීචර් කිව්වා දැනටමත් හිරු බුධව ගිලලා තියෙන්නෙ" කියලා.

ඉන් එහාට එතන වෙච්චි දේවල් ගැන කියලා වැඩක් නෑ. තත්තයි මලයයි මමයි නඟාව බයිට් කලාට අම්මා කවදාවත් එහෙම කියන්නෙ නෑ. ඒ වුනාට එදා අපේ අම්මාටත් හිනාව නවත්තගන්න බැරිවෙලා. අපරාදෙ එදා මම ගෙදර හිටියෙ නෑ.. හිටිය නම් එහෙම අපේ නඟාට යන එන මං නැති වෙනවා.

අදටත් අපේ නඟා දැක්කොත් අපේ නෑදෑයො වෙන අයියලා අක්කලා එයාගෙන් අහනවා " දැන් කොච්චරක් ගිලිලද තියෙන්නෙ? තව දවස් කීයද?" කියලා.....

14 comments:

  1. කට ගැණ නම් ආයෙ අහන්න දෙයක් නැ..අක්ක තාර නෙ..හැබැයි ඉතින් කෙල්ලට බොට වගෙ හොඳ බොක්කකුත් ඇති..
    බොට ඒ කොහෙන් ආපු වචනයක් ද..මකන්න ඕනි ද නැ නෙ මොන මැනස් ද අපි අපි නෙ නේද.

    දැන් නංගි ගැනත් ලිව්ව මල්ලි ගැනත් ලිව්ව ඊලග කැලනිතිස්ස ගැනලු ඉතින් හොදේ..
    අපි බලාගෙන ඉන්නෙ ඇටි හැලෙන්න කමෙන්ට් දාන්න

    ReplyDelete
  2. @පැන්ඩා: අපෝ දැන්මම නම් අතහසක් නෑ ඒ ගැන ලියන්න...

    ReplyDelete
  3. කවුද කැළණිතිස්ස කියන්නෙ පැන්ඩ්ස්?

    හී හී අම්මපා තාරෝ.... නංගා නම් නියමයි. වෙලාවට අක්කා ගෙදර හිටියේ නැත්තේ!!!

    ReplyDelete
  4. @සංජු: කැළණිතිස්ස කියන්නේ අන්තර්ජාතික හැකර් කෙනෙක්... මගේ වෙන්ඩ hubby...

    gihanmalan.blogspot.com

    ReplyDelete
  5. අනේ පව් අහිoසක නගා

    ReplyDelete
  6. @ ayesha: අනේ අම්මේ හරි අහිංසකයි b-(

    ReplyDelete
  7. පැන්ඩ කිවුව වගේ නංගි ගැන හිතාගන්න පුළුවන් අක්ක දැක්කාව... (නෑ නෑ විහිළුවට කිවුවෙ එහෙමමත් නෑ.)

    ReplyDelete
  8. අක්ක කාරයට වෙන වැඩක් නැහැනෙ ඉතින් නගාගෙයි මලයගෙයි ඇදකුද හොයනව ඇරෙන්න.

    ReplyDelete
  9. @ayesha
    අනේ පව් අහිoසක කැළණිතිස්ස

    ReplyDelete
  10. @කේෂාන්: නංගි මට වඩා දියුණුයි..

    @හිෂාන්: :)]

    @මහිමා: අහිංසක????? :-o

    ReplyDelete
  11. මටත් පොඩි කාලේ අනන්තවත් ඔහොම වැඩ වෙලා තියෙනවා. අපේ අක්කත් බලන් ඉන්නෙම ඉතින් මට නෝන්ඩිය දාන්න.. :(

    ReplyDelete
  12. @ කොට ජීවිතේ: ගෙවල් වල නංගිලා ඔක්කොම එකයි...

    ReplyDelete
  13. බිබී හිටපු තේ එකත් ඉස්මොල්ලේ ගියා නංගිගේ කතාව කියවලා. එතකොට දැන් සෞරග්‍රහ මණ්ඩලයේ බුද කියලා එකෙක් නැද්ද ? බුදට පස්සේ පෘතුවිය ගිලියිද මන්දා.

    ප.ලි.- හරි. ප්‍රශ්නෙට උත්තරේ ලැබුනා. කැළණිතිස්සයියා කියලා කියන්නේ තාරාගේ වෙන්ඩ හබී.

    ReplyDelete

තාරා ගේ වගතුග..

My photo
තරු ගොඩක් මැද දිදුලන්න වෙර දරන පුන්චි තාරකාවක්...