topbella

Sunday, January 30, 2011

ටිකක් හිතන්න දෙයක්...



අහලා තියෙනවද මේ සින්දුව???
අහලා නැත්නම් මෙතනින් ගිහින් අහන්න...

මිරිවැඬි සඟලක් ඉල්ලා හැඬුවෙමි
පා යුග නැති ඔබ දකින තුරා
කුංකුම අංජන ඉල්ලා හැඬුවෙමි
නෙත් දෙක නැති ඔබ දකින තුරා

මාවත කටු අතු බොරළු මතක නැත
දෙපා රැඳුනු විට බුමුතුරුණේ
දොරකඩ යදියන් ඉඳුල් යදින සඳ
මැදුරේ දෙසවන් අගුළු වැටේ

සඳකිඳුරන් ඇත සඳළුතලාවේ
රස මසවුළු වල සුවඳ විඳී
ඒ රස සුවඳට දෑස අයාගෙන
බත් ඇට ඇහිඳිති පොඩි දරුවෝ...
-නන්දා මාලනී



ගොඩ දෙනෙක් මේක අහලා නෑ...මමත එක පාරකට වඩා නම් මෙක රේඩියෝ එකෙන් අහලා නෑ....මේ වචන කීපය ඇතුලේ කොච්චරක් දේවල් හිතන්න තියෙනවද...
අපිට කොච්චරක් නම් දේවල් ලැබිලා තියෙනවද...

8 වසරෙදි විතර මටත් පුදුම ආසාවක් තිබුනා fashion එකට specs 2ක් දාන්න. ඒත් තාත්තගෙ ඇස් නොපෙනී ගියාමයි මට තෙරුනේ මගේ මේ තියෙන ඇස් දෙක කොච්චර වටිනවද කියලා... මේ සින්දුවෙ තියෙනව වගේ ලස්සන සෙරෙප්පු නැති උනාට මට කකුල් දෙකක් තියෙන එකට මම සතුටු වෙන්න ඕනෙ. ලොකුම ලොකු රත්තරන් , දියමන්ති අල්ලපු කරාඹු නැතුවට මට හොඳින් ඇහෙන කන් දෙකක් තියෙන එකට මම සතුටු වෙන්න ඕනෙ..

අපිට කරන්න පුලුවන් එකම දේ එහෙම අයට උදව් කරන එකයි... ඉලංදාරියා මල්ලිට උදව් කරන්න පුළුවන් නම් ඒක ලොකු පිනක් වෙයි.... හැමෝටම...

7 comments:

  1. මගෙ ඊ මේල් එක ආව නේද ? අනේ මන්ද එකතු වෙලා මොනාහරි කරන එකත් හොදයි..ඒත් ඕව ඇදෙනව නම් අතේ තියෙන රු 100 හරි දාමු කියල මම නම් කියන්නෙ..
    ඔයා දැන් ඉස්සරට වඩා ජිවිතෙන් පරිණත වෙලා වගේ දැනෙනව ජාන..කාලයත් එක්ක ජිවිතේ ගෙවෙන කොට අනිත් මිනිස්සු මූණ පාන දුක් කරදර දකින කොට අපිවත් දන්නෙ නැතුව අපේ ජිවිත වෙනස් වෙනව..

    ReplyDelete
  2. ඔව් පැන්ඩො මට මේල් එක අවා...
    කරන දේකට මමයි මාලනුයි ෆුල් සපෝට් එක දෙනවා...

    මටත් එහෙම හිතෙනවා...

    ReplyDelete
  3. අපි කොච්චර දේවල් ආසාවෙන් එකතු කරගත්තත් ඒ කිසිමදෙයක් ඇත්තටම අපිට අයිති දේවල් නෙමේ නේද??? බුදුහාමුදුරුවොත් ඕක කියල තියනවනෙ.. මමය මාගේය කියල දෙයක් නෑ කියල...
    ඉලන්දාරියට අපිත් පුළුවන් විදියට උපරිමයෙන් උදව්කරමු... කටිටය කථාවෙලා මොකක් හරි දෙයක් කරමු. පැන්ඩම අදහසක් දෙන්න බලන්න.

    ReplyDelete
  4. මමත් පොට්ට්යා...කන්නාඩි නම් දානවා තමා... :D ගීතය නම් අහලා නෑ ඇත්තටම...දැන් මේ අහන ගමන්.......
    ඉලන්දාරියා වෙනුවෙන් කරන්න පුලුවන් හැම දෙයක්ම කරන්න අපි ලෑස්තියි...... :(
    --මනුස්සකම වෙනුවෙන් බ්ලොග් ලියන අපි--

    ReplyDelete
  5. @keashan : අනිවාර්යයෙන්...

    ReplyDelete
  6. @ රත්ගමයා: කණ්ණාඩි දැම්ම පලියට පොට්ටයෙක් වෙනවද :-o

    ReplyDelete
  7. තමන්ට නැති දේවල් ගන දුක් වෙනවට වඩා තියෙන දේවල් වලින් සතුටු වෙන්න පුලුවන් නම් ඒක තමයි උතුම්ම දේ.

    මොකෑ තාරා කන්නාඩි දාන්න හිතුවේ ?

    ReplyDelete

තාරා ගේ වගතුග..

My photo
තරු ගොඩක් මැද දිදුලන්න වෙර දරන පුන්චි තාරකාවක්...