topbella

Thursday, February 3, 2011

දෑඟිලි ගනිමි කවදද ගෙදරට එන්නේ ...


පැලේ පහන අද මට අඳුරුව පෙනුනා
දවසට දෙකට ඔබ නැති තනිකම දැනුනා
පිරිත් හඬ නැතිව නොනිඳන බව දැනුනා
මගේ තාත්තේ රෑ මට ඉකි බිඳුනා

රෝහල් සයනයේ ඔබ තනිවම ඉන්නේ
පාළුව දැනෙනවද කවුරුද තෙපලන්නේ
ඔබ ඔහි සිටියමුත් සිත මෙහි බව දන්නේ
දෑඟිලි ගනිමි කවදද ගෙදරට එන්නේ

සල්කර්මයෙන් ඔබෙ නෙත් දෙක සුව වෙවා
අඳුරු වූ ලොවම නැවතත් එලි වෙවා
අපගේ සෙවනැල්ල මෙන් ඉනු හැකි වේවා
මාගේ පියාණනි ඔබ මතු බුදු වේවා...


24 comments:

  1. පිය ගුණ කියවෙන කවියක්.........
    ලස්සනයි.......

    ReplyDelete
  2. ලස්සනයි තාරා.....හැගීම්බරව කොමෙන්ට් කරන්න නම් බෑ ඔන්න.....

    ReplyDelete
  3. අද තමා තාරා ගේ සිතුවිලි දැක්කේ....හරි ලස්සනයි....දිගටම ලියන්න....

    ReplyDelete
  4. ඔබේ ආදරයේ බලයෙන් ඔබේ පියා ඉක්මනින් සුව වේවයි පතමි :|

    ReplyDelete
  5. ලස්සනයි ... :)

    ReplyDelete
  6. තාත්තට දු සිගිත්තගෙ ලස්සන හොදින් දකින්න ඔයාගෙ දියුනුව දැකල සතුටු වෙන්න හොදට ඇස් දෙක සනීප වෙයි තාර.දුක් වෙන්න එපා.තෙරුවන් සරණයි තාත්තටත් තාත්ත වෙනුවෙන් තනියෙම එහෙ මෙහෙ දුවන ඔයාටත්..

    ReplyDelete
  7. පියතුමාට ඉක්මන් සුව.....

    ReplyDelete
  8. ඉක්මනට හොඳ වෙයි ඔයාගේ තාත්තට. බය නැතුව ඉන්න.

    ReplyDelete
  9. තත්තට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.........

    ReplyDelete
  10. ඇත්තටම ලස්සනයි...මේ වගේ බැදිමක් ලබන්නත් පිං කරන්න ඔනේ එක ඔයා ලබලා තියේනවා. ආදරණිය පියේක්,,
    හැමොටම සුවය ලබන්න මම ප්‍රර්තනා කරනවා

    ReplyDelete
  11. මම මේ බ්ලොග් එක කියෙවුවට කවදාවත් කොමෙන්ට් එකක් දාල නෑ . . . . අදත් ආවෙ කොමෙන්ට් කරන්න හිතාගෙන නෙමේ. ඒත් ඔයාගෙ පුරුදු ශෛලියෙන් බාහිරට ගිය නිර්මානයක් දකින්න ලැබීම ඇත්තටම හරිම සතුටක්.
    ඔයා කියල තියෙන්නෙ ඇත්තටම ඔයාගෙ තාත්ත ගැන (හෝ වෙනත්සත්්‍ය සිද්දියක් ගැන) නම් . . . . . මම එයාට ඉක්මන් සුවය පතනවා.

    ReplyDelete
  12. තාත්තා ගැන ඔයාගේ බැඳීම මේ නිර්මාණයෙන් පැහැදිලිව පෙනෙනවා.. ඇත්ත සිද්දියක් හේතුවෙන් මේ නිර්මාණය කළා නම් තාත්තාට ඉක්මන් සුව පතනවා මම ත්..

    මේ...ඔයා කාව්‍යකරණය පිළිබඳව පාඨමාලාවක් හදාරලා තියෙනවාද?

    ReplyDelete
  13. ඉස්සෙල්ලාම මගේ කවි කියවන්න ආපු හැමෝටම ස්තුති කරනවා..

    @හරී: ස්තුතියි...

    @රත්ගමයා: හැඟීම්බර උනත් නැතත් ඔබලා ලියා යන වචන කීපය මට වටිනවා.

    @අයේශා: ;;)

    @මකුළුවා: හැමදාම කියවන්නත් එන්න

    ReplyDelete
  14. @ සරදියෙල්: පින්...

    @නිම්ශා: ස්තුතියි යාළු.. :)

    @පැන්ඩා: මගේ ප්‍රාර්තනාවත් ඒකමයි පැන්ඩො

    @දිනේශ්: ඔබටත් පින්...

    @prasanna86k : ස්තුතියි සහෝ..

    ReplyDelete
  15. @wiaw : ගොඩක් ස්තුතියි..

    @සංජය: හැමෝටම මට වගේ තාත්ත කෙනෙකුගෙ ආදරය ලැබෙන්න කියල මමත් ප්‍රර්තනා කරනවා..

    @ඕනයා : ඔව්. ඒ මගේ තත්තා තමයි සහෝ. මේ පැත්තෙ එන එකට ගොඩක් ස්තුතියි. ආ.. මමත් ඔයාගෙ ගමේ කෙනෙක්...

    @රොෂාන්: අනේ මොන පාඨමාලා ද.. හිතට එන දේවල් තමයි ලියන්නෙ...

    ReplyDelete
  16. තාත්තට සුවය ප්‍රාර්තනා කරපු හැමෝටම පින් සිද්ද වෙන්න ඕනෙ...

    ReplyDelete
  17. හරිම ලස්සනයි. තාත්තට ඉක්මන සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. :)

    ReplyDelete
  18. තාත්තට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනව...

    ReplyDelete
  19. ඔයාගේ තාත්තට ඉක්මනට සනීප වේවි

    තිස්තුංකෝටියක් දෙවිදේවතාවුන්ගේ පිහිටයි ආරක්‍ෂාවයි !!

    ReplyDelete
  20. තාත්තාට පුලුවන් තරම් ඉක්මනට සනීප වෙවී.. මේ ලෝකේ හිතන තරම්ම අසාධාරණ නෑ.. කවදාවත් එකම කෙනෙකුට හැමදාම දුක් උරුම වෙන්නේත් නෑ.. කෙනෙක් තමන්ගේ ආදරනීයයෙක් වෙනුවෙන් යම්කිසි ප්‍රාර්ථනාවක් කලොත් ඉටුවෙනවාමයි.. ඒ හින්දා බලාපොරොත්තු තියාගන්න ඉක්මනටම සනීප වෙලා තාත්තාට ඉක්මනටම ගෙදර එන්න ලැබෙයි..

    ReplyDelete
  21. @කේෂාන්: ඔයාටත් ගොඩාක් පින්..

    @අහස : ගොඩක් ස්තුතියි. ඒ වගේම පින්..

    ReplyDelete
  22. මගේ දුක් දිය කල
    ඔබෙ පුළුල් උර තල
    මෙමා සතු හැම කල
    නොබිය වන්නම් - කිසිම දුකකට...

    ReplyDelete
  23. පිය ගුණ කියවෙන ලස්සන කවි සංකල්පනාවක් !!!!

    ReplyDelete

තාරා ගේ වගතුග..

My photo
තරු ගොඩක් මැද දිදුලන්න වෙර දරන පුන්චි තාරකාවක්...