උඹත් මමත් මේ බදුල්ලට ආවෙ එකම හීනයක් හිතේ දරාගෙන
ඒත් අද උඹ ඒ හීනෙ අතෑරලා ගිහින්
මම කොහොමද දරාගන්නෙ
ආයෙ උඹව දකින්න වෙන්නෙ නැති වග
හෙට නැත්නම් අනිද්දා
ආයෙත් එකම එක වරක් දකීවි
ඒත් එදාට උඹ මනමාලියක් වෙලා
දෙවනි මනමාලියො නැති
මල් කුමාරියො නැති
උඹේම මගුල් ගෙදරක
ඒත් අපි ආවා බලන්න උඹ ඇස් අරින්නෙ නැති වේවි
හොස්ටල් එකේදි උඹ අපේ කාමරේ
අනිත්‍ය සාමාජිකයා වෙලා හිටපු කාලෙ
එක බත් පත කාලා එකට හිනාවෙලා එකට අඬලා
දෙවනත් වෙන්න සින්දු කියලා මැඩම්ලගෙන් බැනුම් අහලා
කොච්චර සුන්දර මතකයක්ද
ඒත් ඒ මතකයත් එක්ක හිටපු උඹ අද නෑ
glamouro එකේදි CST එකට ගෑනු ළමයින්ගෙ අඩුව පුරවන්න ආපු උඹ
අද දිව්‍යලෝකෙ අඩුවක් පුරවන්න ගිහින්....
උඹට නිවන් සුව ලැබේවා මගෙ කෙල්ලේ...
අද උදෑසන තණමල්විල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් අප අතරින් වෙන් වූ, ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ වින්ද්‍යා ජයසූරිය (වින්ඩි) සොයුරියට නිවන් සුව ලැබේවා...
ReplyDeleteමගේ සාතිශය සංවේගය!!! ඇයට නිවන් සුව අත්වේවා.
ReplyDeleteඇයට නිවන් සුව!යලිත් අපි අතරම ඉපදේවා
ReplyDeleteකණගාටුදායක ආරංචියක්.. ඇයට නිවන් සුව පතනවා..
ReplyDelete"පියයෙහි විප්පයෝගෝ දුක්ඛෝ"
ReplyDeleteවින්ද්‍යා නංගිට නිවන් සුව අත්වේවායි පතන්නෙමු.
යාළුවාට අමා මහ නිවන් සුව ලැබේවා!
ReplyDeleteවින්ද්‍යා අක්කාට නිවන්සුව ලැබේවා....!!
ReplyDeleteඇයට නිවන් සුව ලැබේවා!
ReplyDeleteඇයට නිවන් සුව ලැබේවා..!!!
ReplyDeleteකවදාවත් අහන්න ආස නැති.. ඒත් හැමදාමත් ඇහෙන වචන.. රිය අනතුරු.. මරණ.. :(
ReplyDeleteඔබේ මිතුරියට නිවන් සුව අත් වේවා!!!!
ඇයට නිවන් සුව ලැබේවා.දුක්ඛදායක මරණයක් වගේ...:(((
ReplyDeleteමේ පැත්තට මුලින්ම ආව දවසේ දැක්කේ බොහොම කනගාටුදායක සිද්දියක් ගැන. ඔබේ මිතුරියට සසර වසන තුරු මෙවන් විපත් සිදු නොවී කෙලවර අමා මහා නිවන් සුවයම ලැබේවා !!!!!!!
ReplyDeleteමීළඟ භවයේදී අකල් මරණයක් අත් නොවේවායි පතමු
ReplyDelete