topbella

Friday, February 11, 2011

නාය යන කඳු ගැටයක් උඩ සිට ලියමි...


ගියපාර මම ලියපු පෝස්ට් එක ඇත්තම වැස්සක් ගැන නොලිව්වට කට්ටිය ඇත්තම වැස්සක් ගැන ගොඩක් දේවල් ලියල තිබුනා. ඒ අයට ගොඩක් ස්තුතියි. ඒත් අද මම ලියන්නෙ ඇත්තම වැස්ස නිසා අපට වෙලා තියෙන දේවල් ගැන.

මාස එකහමාරක් ගෙදර ඉඳල ගිය සඳුදා ආපහු ආවට ආපු ගමන් දැක්කෙ බෝඩිම නාය ගිහිල්ලා.අප්පොච්චියේ... ආපු මෝඩකම කියලා හිතුනා. මගේ කාමරේ බිත්තියට තව අඩියක් විතර ඉතුරු වෙලා තියෙනවා. මාතෘකාවෙ කිව්වා වගේ දැන් ඒ කාමරේ ඉඳන් තමයි මේ පෝස්ට් එක ලියන්නෙ. හි හි... ඒත් රෑට කාමරේ නිඳාගන්නෙ නෑ. උදේ වෙනකොට පහල තියෙන පාරෙන් මාවයි රූමවයි අහුලගන්න වේවි කියලා. සද්දයක් ඇහුනු ගමන් දුවන්න බලාගෙන රෙඩි පිට තමයි ඉන්නෙ. දඩ බඩ ගාලා පස් වැටෙන ගල් පෙරලෙන සද්දයක් ආවොතින් ලැප් එක ඔලුවට අරන් දුවන්නයි තියෙන්නෙ. බේරගන්න කියලා වටින කියන දේකට තියෙන්නෙ ඒක විතරයිනෙ.

අද වෙනකොට වැස්ස නම් ටිකක් අඩු වෙලා. ඒත් අද උදෙත් ප්‍රවෘත්ති වලට කිව්ව අපිට චුට්ටක් එහා හරියක් (දෙකේ කණුවෙ) ගෙවල් ගිලා බහින්න පටන්ගෙනලු. ඊයෙ පෙරේදා අපිට එහා ගම ඒ කියන්නෙ බදුලුසිරිගම ගිලා බහිනව කියල මිනිස්සු අයින් කලා. අපි මැද්දට වෙලා ඉන්නව.

ඉගෙනගන්න එක කියන්නෙ ගොඩක් කැප කිරීම් කරල කරන්න ඕනෙ දෙයක් කියලා මම දන්නවා. ඒත් මේ තරම් කැපකිරීම්... මේ කොච්චර නාය ගියත් වැස්සත් අපිට පෙබරවාරි 21 විභාගෙ පටන් ගන්නවා. ඒකෙ වෙනසක් නෑ. ඉතින් නාය නෙමෙයි බිමට සමතලා උනත් අපි පාඩම් කරන්න ඕනෙ. හොඳම දේ තමයි අදට දවස් තුනක් වෙනවා. බෝඩිමට කරන්ට් එක නෑ. විදුලිබල මණ්ඩලයේ කාර්යක්ෂමතාවය වැඩි නිසා දවස් 5 කට විතර ආපහු එන එකක් නැතිවෙයි කියලා කට්ටිය කියනවා. 2011 වර්ෂයෙ වෙලත් අද පාඩම් කරන්නෙ පහන් එලියෙන්. මේ පෝස්ට් එක ලියන්නෙත් පහනක් පත්තු කරගෙන. හිනාවෙන්න එපා. ලැප් එක චාර්ජ් කරාගෙන ආවෙ දවල් කැන්ටිමට ගිහිල්ලා. කැම්පස් එකේ ලයින් එකට කරන්ට් තියෙනවා,. මේ දවස් වල බ්ලොග් පැත්තෙ ගැවසෙන්නත් බැරිඋනා ලැප් එකේ චාර්ජ් නැති නිසා..


මෝටර් ගහලා වතුර ගන්න ළමයින්ගේ බෝඩිම් වලට දැන් වතුරත් නෑ. උණු කරගන්න හීටර් ගහන්න බැරි නිසා අපිටත් බොන්න වතුර අඩුයි. ඇල් වතුර බිව්වොත් සෙන්ගමාලය...

බුදු අම්මේ වතුර ලයිට් නැති උනාට ඒ ඔක්කොටම හරියන්න සීතල තියෙනවා. මොඩම් එකට සිග්නල් අල්ලන්න ජනේලෙ ලඟ ඉඳලා මාවත් දැන් ගල් වෙන්න ලඟයි වගේ. (කට කට කට... දත් ටිකත් ගැහෙනවා). රෙදි හෝදන්න බෑ. වේලගන්න බෑ.....

ඔන්න ඔහොම දුක් විඳලා තමයි ළමයි ඉගෙනගන්නේ. හ්ම්ම්.. දැන් නම් දුක් වින්දා ඇති. ගෙදරින් අඬගහනවා ඔතන ඉඳලා මැරෙන්නෙ නැතුව එන්න කියලා. ඉතින් හෙට උදේ පාන්දරම ගෙදර යනවා. ගෙදර ගියෙ නැත්තෙ පාඩම් කරන්න බැරි නිසා. මම ගියාට බෝඩිමේ තව දෙන්නෙක් ඉතුරුයි. කොච්චර කිව්වත් උන් දෙන්නට යන්න බෑලු. අනේ මන්දා ඒත් දැන් මෙහෙ ඉන්නවට වඩා එක්සෑම් රිපීට් වෙන එක සැපයි වගේ. එහෙනම් ආයෙත් කොලඹ ඉඳන් ලියන ගමන් හම්බෙමු...

--තාරා--

20 comments:

  1. කොහොම හරි එක්සෑම් ඉවරයක් කොරලා ගෙදර යන්න...දැන් නම් වැස්ස අඩුයි නේ තාරක්කේ...බය වෙන්න දෙයක් නෑ...21 වෙනිදට තියෙන විභාගෙට ඕන් රත්ගමයා සුබ පැතුවා....ජය වේවා!!!!

    ReplyDelete
  2. සුභපැතුමට නම් බොහොම ස්තුතියි. ඒ උනාට මෙහෙම ඉන්න තවත් නම් බෑ අනේ... පුලුවන් විදිහකට ගෙදර ගිහින් පාඩම් කරනවා.

    ReplyDelete
  3. අපිනම් ඉතින් මැරුනත් කන්ද උඩමයි.පරිස්සමෙන් ගිහින් එන්නකෝ.

    ReplyDelete
  4. ගෙදර ගිහින් බ්ලොග් ලිය ලිය ඉන්නෙ නැතුව පාඩම් කරලා, 21 ගිහින් විභාගෙ ලියන්න.. :) විභාගෙට සුභ පෙතුම්...

    ReplyDelete
  5. හරිම අවදානම් ජීවිතයක් නේද ගෙවන්නෙ? පරිස්සමින් වෙන්න...
    විභාගෙට හොඳට පාඩම් කරන්න..
    සුබපැතුම්..

    ReplyDelete
  6. බෝඩිමේ පුදුම දුකක්නේ තියෙන්නේ.කොහොමින් කොහොමහරි හොදට එග්සෑම් එක කරන්න. අන්තිමේදී ඉතුරු වෙන්නෙ ඒක විතරයි. චුට්ටක් පරිස්සමින් ඉන්න.කදු කියනන ඒවා ක්ක් වෙලේ නාය යයිද කියලා කියන්න බෑ.

    තාරාගේ බ්ලොග් එකට එන පලමුවෙනි අවස්ථාව. ඔන්න මම රීඩර් එකටත් දාගත්තා. දැන් නම් සක්කරයටවත් ඔයාගේ බ්ලොග් එක බලන්න මම එන එක වලක්වන්න බෑ !!!!! :)

    ReplyDelete
  7. "එහෙනම් ආයෙත් කොලඹ ඉඳන් ලියන ගමන් හම්බෙමු..."

    ගෙදර එන්නේ පාඩම් කරන්න ද බ්ලොග් ලියන්න ද.... =))

    ReplyDelete
  8. හො සීතලේ ගැහී ගැහී බ්ලොග් ලිය ලිය ඉදල හරියනවද??????????

    විභාගෙට හොඳට පාඩම් කරන්න..බ්ලොග් වලට වඩා වටින්නේ විභාගෙ එත් බ්ලොග් එක අමතක කරන්නත් එපා...
    එහෙනම් මෙක මං ගනේ

    යමෙක් දන්නේද?
    දන්නා බව නොදන්නේද?
    ඔහු නින්දේය - අවදිකරන්න

    යමෙක් නොදන්නේද?
    නොදන්නා බව දන්නේද?
    ඔහු අසරණයෙකි - පිහිටවන්න.

    යමෙක් නොදන්නේද?
    නොදන්න බව නොදන්නෙද?
    ඔහු මොඩයේකි - දුරුකරන්න.

    යමේක් දන්නේද ?
    දන්නා බව දන්නේද?
    ඔහු උගතෙකි - ඇසුරු කරන්න.

    විභාගෙට සුබපැතුම්..

    ReplyDelete
  9. පාඩම් කරලා විභාගේ ගොඩ දාගන්න නැත්නම් අර හිස් අහස ලියන කොල්ලට වෙච්ච දේ තමයි ඔයාටත් වෙන්නේ ..

    ReplyDelete
  10. අනෙ බං උඹලගෙ බොඩිම යන එකක් නැ...මමයි ඕක උඹලට හොයල දුන්නෙ. අර තිස්සය අළුගුත්තෙරු කමට (විහිළුවට වගෙ) බොලාටත් අපේ එක ලගින් හොයල දීල අන්තිමට ඒ අය අපි ඉන්න ඉඩමකට ලග පාතින් වත් කෙල්ලෙක් ඉන්නවට අකමැතිවෙලා (අපේ හිරි ඔතප් බිදෙයි කියල) උඹලට බැ කිව්වම එහෙ ඉන්නයි උබයි අර අනිත් හොටු කෙල්ලො දෙන්නයි (මනොට කියන්න එපා හොදේ හී හී ) උඹලගෙ බේසම් බල්දි රෙදිත් උස්සගෙන ඔය බොඩිම හොයල ගෙනහල ඇරලුවෙ පැන්ඩ.(මටත් වෙලාවකට හිතෙන ඒව)

    ඊට පස්සෙ ඉතින් උඹල ඕකෙ ජනෙල් කූරු වල එල්ලිලා පාරෙ යන කොල්ලන්ට කියන කට කැඩිච්ච කතා වලටයි රැ තිස්සෙ අර සත්තු එක්ක එකතු වෙලා රටෙ ඉන්න එවුන්ට හදන කතා වලටයි සහ ගහල ඔතන හොදගෙන ගියොත් මිසක්ක..

    විහිළුවට කිවීවෙ හොදේ..ඔයාලට කරදරයක් වෙන එකක් නැ තාර බය වෙන්න එපා..හොදට පාඩම් කරන්න මටත් ආවම කුප්පියක් වත් දාගන්න ඕනි..තෙරුවන් සරණයි උඹලට

    ReplyDelete
  11. එහෙනම් යාළු පාඩම් කරලා හොඳට විභාගේ කරගන්න සුභපැතුම්!

    ReplyDelete
  12. විභාගේ හොඳින් කරගන්න.....

    ReplyDelete
  13. @හගුරා: අස්ථිකා වත් බලාගෙන පරෙස්සමින් ඉන්නකෝ...

    @කොට ජීවිතේ: ඔව් දැන් ෆුල් ටයිම් පාඩම් කරන්න ඕනේ. ඒත් දවසකට පැයක් විතර මේ පැත්තෙත් ඇවිත් යනවා.

    @රොෂාන්: ස්තුතියි යාළුවා...

    ReplyDelete
  14. @මධුරංග: :) ගොඩක් ස්තුතියි තාරාගෙ බ්ලොග් එක බලන්න මේ පැත්තෙ එනවට...

    @සෝරෝ: පාඩම් කරන්න පාඩම් කරන්න....

    @සංජය: ස්තුතියි සහෝ...

    ReplyDelete
  15. @අහස: ඇත්තටම ඒ කොල්ලට මොකද උනේ??? වල් අලියා ගැහුවද???

    @පැන්ඩා: දැන් පහල ගෙදර හදලා නිසා ජනේලෙ පාරට පෙන්නෙ නෑ පැන්ඩො. නාය ගිහින් තියෙන්නෙ එතන ජනෙලෙ ලඟ ගැට්ට. පැන්ඩලගෙ බෝඩිමටත් කරන්ට් නෑ. කරන්ට් එනකන් එහෙ යන එක තේරුමක් නෑ.

    මේ පාර කූප්පි ශුවර් නෑ. කේශානුත් අද අපි යනකොටම ගෙදර ගියා. 20 විතර එයි.

    මේ බෝඩිමේ සොයාගැනීමේ අයිතිය පැන්ඩගෙන් උදුරගන්න කාටවත් බෑ... ඔයත් හොඳට පාඩම් කරන්න. ආ ඒක නෙමෙයි.. අර ක්ලියෝපැට්‍රා කැම්පස් එක දාල ගිහිල්ල. අපි හිතන් හිටියෙ මොනව උනත් එයා ලකුණු දෙයි කියලනෙ. දැන් ඒ බලාපොරොත්තුවත් නෑ. ඔයාටත් බුදු සරණයි...

    ReplyDelete
  16. @ අයේශා: බොහොම ස්තුතියි යාළු...

    @ මකුළුවා: බොහොම ස්තුතියි...

    ReplyDelete
  17. සුනාමිය එහෙම අත්විදල නැහැ මම හිතන්නෙ?

    ReplyDelete
  18. @හිශාන්: දෙවියන්ගේ පිහිටෙන් තවම නෑ. එහෙම බලාපොරොත්තුවකුත් නෑ. අත්විඳපු කට්ටිය විඳපු දුක ද්න්නවා. අම්මේ.. එහෙම දෙයක් ආයෙ හතුරෙකුට වත් වෙන්න එපා...

    ReplyDelete
  19. සුබ පැතුම් විභාගෙට!!

    ReplyDelete
  20. @ තාරක : තැන්කූ වේවා....

    ReplyDelete

තාරා ගේ වගතුග..

My photo
තරු ගොඩක් මැද දිදුලන්න වෙර දරන පුන්චි තාරකාවක්...