මේ කවිය අහල තියෙනවනේ.....
අල්ලට සිඟා වත් රස නැති කැවිලි කකා
වල් කොල බිම අතුට නිදි නොලැබ දුක් තකා
කල්ගිය රෙදි වැරළි ඇඳ දැළි කුනෙන් වකා
ඇල්මෙන් අකුරු උගනිව් ඉදිරි වැඩ තකා
මේ තියෙන්නෙ new version එක.....
රුපියල් හතලිහට කැන්ටිමෙ පණුවො කකා
බෝඩිං ඇන්ටිලගෙ රැස්පොට් ගැන නොතකා
පාඩම් නොදත් නිරුවත ජෙන්ටකින් වසා
ඇල්මෙන් අකුරු උගනිව් C එකක් තකා...

Sunday, March 20, 2011
Subscribe to:
Post Comments (Atom)
අපුරුයි...
ReplyDeleteඅද සමාජයට ගොඩක් ගැලපෙනවා...
නියමෙටම ගැලපෙන කවිය. මාත් මේ ට්රයි එක දෙන්නේ C අකුරක් ගන්න තමයි. ඒක ගන්නත් හෙනම ගේමක් දෙන්න එපැයි.
ReplyDeleteඅපිට ඔය කවිය අදාල අදාල නෑ නෙව . අපිට විස්ස වීජ්ජාලේ යන්ඩ පින නෑ නෙව ..!
ReplyDeleteඅපිනම් තාම සිස්සත්තේ වගේ තමා ඉතින්...ලස්සාන පද බැඳිල්ල...
ReplyDeleteහහ් මරු තාරා අක්කා.... එක නෙමේ බ්ලොග් background එක වෙනස් කලාද ..ලස්සනයි :-t ....
ReplyDelete@dinesh : සමාජයට කෙසේ වෙතත් මට නම් හොඳට ගැලපෙනවා...
ReplyDelete@මධුරංග: C ගන්න එක තමා අමාරුම වැඩේ...ඒක ගත්තා නම් අනික් ඒවා සිම්පල්...
@අහස: පින නෙමෙයි මේක ඇවිල්ල ඔරිජිනල් පව...
@කුරුං ගුරුං: අපෝ හය හතර නොතේරෙන කිරිසප්පයො ලවා ලියවන සිස්සත්තෙට වඩා නම් මේක හොඳයි....
@නිම්ශා : ආහ්..... :-/ මේක මගේ පලවෙනි තීම් එකනේ...
කව්ද දන්නේ නෑ සංස්කාරක. මොනදේ වුනත් නියමයි .
ReplyDelete@ ප්රසන්න: මෙව්වා ඇවිල්ලා තාරාගේ ඔරිමජිනල් නිශ්පාදන... :D
ReplyDeleteහි හී අපූරු කවිය
ReplyDelete"පාඩම් නොදත් නිරුවත ජෙන්ටකින් වසා"
ReplyDeleteතේරුම මොකක්ද?
@ ayesha: :ඪ්
ReplyDelete@හරී: පිරිමි ළමයි නම් ජෙන්ට කියන්නෙ ෆුල් සූට් එකට.. ඒ විදිහට අපි ඇන්දාම ලේඩියා කියන්න බැරි නිසා අපිත් ජෙන්ට කියලම කියනවා.. :)
එල තාරා එල...
ReplyDeleteබෝඩිමේ ඉන්නකන්,කැම්පස් යනකන්, කට්ට තමයි.ඒත් ඊට පස්සෙ බුදු සැපනෙ.ඒ ගැන හිතල සතුටු වෙන්න.මරු කවි පොඩ්ඩ.
ReplyDelete@ ගජං: තැන්කූ ගජං මල්ලි...
ReplyDeleteටාගට් එක C එකක්ද A වලට යන්න අමාරුද ? :D
ReplyDelete