topbella

Monday, April 18, 2011

සිහිනය...


වැලි අහුරු මදි වෙයිද මාලිගා අමුනන්න
ක්ෂිතිජයත් මදිවෙයිද ඉගිල ගොස් තනිවෙන්න
බිඳෙන රළ මදි වෙයිද සිනා හඬ පරයන්න
සිහිනයක් මදිවෙයිද සැබෑවනු දැකගන්න

20 comments:

  1. නිම්තෙරක් නැහැ සිහිනයේ
    රැදී සිත ඈදි යන
    බලාපොරොත්තුව පැතුම වී
    රැදේවි සිහිනය ලෙසින්..

    ReplyDelete
  2. ස්තුතියි දිනේෂ්...

    ReplyDelete
  3. එක හීනෙන් එලි වෙන්නේ නෑ කියලා කතාවක් තියෙනවනේ. ඒ හින්දා චුට්ටක් ඉවසලා බලුමු. ඔක්කොම හීන එක රැයකින් ඉටු වෙන්න බැරිත් නෑ.

    අනේ මන්ද පුංචි තාරාටත් තියෙන ප්රශ්න ;;)

    ReplyDelete
  4. @මධුරංග : ප්‍රශ්න...... කාටද නැත්තෙ...:-/

    එළි වෙන්නත් කලින් හීන බොඳ වුනොත්.... :|

    ReplyDelete
  5. @තාරා :
    හැම හීනෙම බොද වෙන්නේ නෑ. කතාවටත් කියනවනේ පාන්දර දකින හීන හැබෑ වෙනවා කියලා.

    ඒ වගේම ඔයාගේ හීනත් කවදාහරි එළි වෙයි.

    විශ්වාසයෙන් සිටින්න. ඒ හින එළිකරගන්න කටයුතු කරන්න. දිවා රෑ මහන්සි වෙන්න. අනිවාර්යෙන්ම ඒ හීන එළිවෙනවා එලිවෙනවාමයි.

    ගොඩක් හීන එලිවෙච්ච සතුටින් ඒ වගේම අත්දැකීමෙන් කියන්නේ.

    ReplyDelete
  6. @ මධුරංග: ගොඩාක් ස්තුතියි...

    ReplyDelete
  7. හීන කතන්දර ඔහොමමයි සැබෑ වෙන්නෙ නෑ සත්තකයි. ඒත් සැබෑවෙන හීන නැතුවමත් නෙමෙයි හොඳේ.

    ReplyDelete
  8. @පිනිබිඳු : ඇත්ත ඇත්ත..... ;)

    ReplyDelete
  9. හැම හීනයක්ම හැබෑ නොවුනත්........හැබෑ වෙන හීනත් නැත්තෙම නෑ

    ReplyDelete
  10. @ බීටා: හ්ම්ම්ම්ම්ම්ම්..... :)

    ReplyDelete
  11. ඔය ඔක්කොම හොදටම ඇති වෙයි හිත තියේනම්,
    දැන් ඉතිං දිදුලන්න වෙර දරන තරුව දිදුලන තරුවක් වෙලා වගේ.

    ReplyDelete
  12. අයියො මම මෙ බ්ලොග් එකට පොඩි අයිඩියා එකක් හදාගන ලියන්න සෙට් වෙනකොටම කැවනෙ මූඩ් එක..
    පස්සෙ දවසක,
    පස්සෙ වෙලාවක,
    වෙන මොකක් හරි පොස්ට් එකකට,
    වෙන මොකක් හරි COMMENT එකක් දාන්නම්!!

    ReplyDelete
  13. පද හතරක් ලස්සන තේරුමක් ..කූල් ම කූල් කවියක් . දකින් හීන අතරින් කීයෙන් කීයද හැබෑ වෙන්නේ ..?

    ReplyDelete
  14. හ්ම්ම්ම් ෆට්ට ෆට්ට​........

    ReplyDelete
  15. ලොකු හිතක් තියෙනවනම් හැම දෙයකටම ඇති.

    ReplyDelete
  16. @ මිත්‍යාදෘෂ්ටිකයා: අපෝ... තවම නෑ...

    @ මදුශාන්: පස්සෙ ට්‍රයි කරමු එහෙනම්...

    @ අහස: ගොඩක් ස්තුතියි...

    @ලක්ෂාන් : :)

    @ හිෂාන්: හ්ම්.... ඒක ඇත්ත...

    ReplyDelete
  17. සැබෑ උනත් නැතත්, හීන නම් දකින්න ඕනමයි... :)

    ReplyDelete
  18. @ කොට ජීවිතේ: ආ... ගොඩ කාලෙකින්...
    ඔව්... හීන දැක්කෙ නැත්තං නිදාගන්න එකනුත් වැඩක් නෑ.... :))

    ReplyDelete
  19. අපූරුයි යාළු

    ReplyDelete

තාරා ගේ වගතුග..

My photo
තරු ගොඩක් මැද දිදුලන්න වෙර දරන පුන්චි තාරකාවක්...