
ඊට පස්සෙ ගිහින් පන්තියට දාපු වෙලේ ඉඳන්, ටීචර් උගන්නන්නේ නැති හැම වෙලාවෙම තාත්ත ඉන්න කාමරේට දුවනවා.. පැන්සලේ තුඩ කැඩුනාමත් තාත්තා හොයාගෙන යනවා... ඒ යන හැම වෙලාවකම රුපියලක් මාටියා ගහගෙන එන්න අමතක කරන්නෙත් නෑ... (ඔන්න ඔහොම තමයි කෙල්ල මාටියා ගහන්න පටන් ගත්තෙ. දැනට සාර්ථක විදිහට කැළණිතිස්ස අයියගෙ පර්ස් එකට වැඩේ දෙනවා.. :D).
ඒ පුන්චි කෙල්ලට අපි තාරා කියලා නම තියමු...
ඔන්න එක දවසක් තාත්තා තාරා වයි මල්ලිවයි ලං කරගෙන සිංහබාහු කතාව කියලා දෙනවා.. ඒ දවස් වල සිංහල අච්චු පොතක ඒ කතාව සේරම කවි ටිකත් එක්ක තිබුනා... තාත්තා ලස්සනට කවි ටිකත් කියලා රඟපාලා වගේ කතාව කියනවා... කතාවෙ අන්තිම හරියෙදි සිංහබාහු සිංහයව මරනවනෙ... ඔන්න ඕක කිව්ව විතරයි තාරයි මල්ලි දෙන්නම තාත්තව බදාගෙන අඬනව... ඇයි කියල ඇහුවම "ඒකෙ පුතා තාත්තව මරනවනේ..." කියලා තවත් හයියෙන් අඬනවලු...
අදටත් තාරාට හිතෙනවා ඒ කතාවෙ අවසානය වෙනස් උනා නම් හොඳයි කියලා....

ඒ වගේම තාරාගෙ තාත්තගෙ කතාවත් දැන් තියෙන එකට වඩා හොඳ උනා නම්... ඉස්සර වගේම තාත්තගෙ ඇස් දෙක හොඳින් පෙනුන නම්... ඉස්සර වගේ, ලස්සන චිත්‍ර අඳින්න( ඔය පිටිපස්සෙන් තියෙන මියුරල් එක වගේ ), කැටයම් කපන්න, පොත් කියවන්න.... කොච්චරක් නම් දෙවල්ද... තාත්තගෙ ගෝල බාලයා වෙලා තාරා නොකරපු දෙයක් නෑ... කැරකෙන වෙසක් කූඩු හැදුවා, තොරන් වලට චිත්‍ර ඇන්දා, ලී වැඩ කලා, කැටයම් කැපුවා, මේසන් වැඩ කලා, ඉලෙක්ට්‍රික් වැඩ කලා...
අද තාරා තාත්තට ඇහෙන්න පත්තරේ කියවනකොට, අතින් අල්ලගෙන්න පාරෙ එක්කගෙන යනකොට, තාත්තා ඇඳපු චිත්‍ර දකිනකොට, තාත්තා ආයෙ කවදාවත් ඉස්කෝලෙ යන්න්නෙ නෑ කියලා මතක් වෙනකොට, දෙවියො ඇයි මේ තරම් නපුරු උනේ කියලා තාරට හිතිච්චි වාර නම් කොච්චරක්ද...
අද තාරගෙ තාත්තගෙ උපන්දිනේ... තාත්තට අදට වයස 47යි. "මගේ තාත්තට සුභ උපන් දිනයක් වේවා!! ඒ වගේම ඉක්මනට සනීප වෙන්නත් ඕනෙ..."
ප. ලි. :මේ පෝස්ට් එක ලියන්න නම් පටන් ගත්තේ තාත්තා ගැන ගොඩක් දේවල් කියන්න හිතාගෙන... ඒත් එක පිට එක සිතිවිලි රෑන් පිටින් හිතට කඩාවදිනවා... වචන වලින් විස්තර කරන්න බැරි ගොඩාක් දෙවල්... සමහර විට ඡේදයෙන් ඡේදය සම්බන්දයක් නෑ වගේ පේනවා ඇති... සංවිධානය කරලා ගලපලා ලියපු පෝස්ට් එකක් නෙමෙයි.... කවියක් ලියනවා කියලා මුලින් හිතුවට පද 4ක් ගලපගන්නත් ගොඩක් අමාරුයි... ඒ හින්දා රචනාවක්ම ලිව්වා...