topbella

Thursday, December 22, 2011

කුමුදුණිය ඔබයි මගේ... (හිතට දැනුනු සිංදුවක් ගැන...)


සඳ මඬල නුඹම විය - ඝණ අඳුරු රැයේ මට
පන්හිඳක රැඳුනු ඔබ - ගීතයක්ම විය.. නොදැනීම

අවදි කරනු මැන ඔබ හඬින් - මා සිතුම් ලොව...

කුමුදුණිය ඔබයි මගේ - පිපුනු හද විලේ
කුමුදු මල මගේ...
නැඟුනු සඳ ඔබයි රැයේ - අඳුරු විජිතයේ
සඳ එළිය වගේ... සඳවතිය මගේ...

අඳුර මැද සැරූ ඔහේ - ළපටි සිත මගේ
එළිය දුටිමි නතර වී - කැල්ම ඔය නෙතේ
මුළු ලෝකෙම මගේමැයි - මට දැනුනි ලඳේ
සිසිලයි ඔබේ සෙනේ වදන් - ඇසූ ඒ දිනේ
සඳ එළිය වගේ... ලැබූ ඔබෙ සෙනේ

කුමුදුණිය ඔබයි මගේ - පිපුනු හද විලේ
කුමුදු මල මගේ...
නැඟුනු සඳ ඔබයි රැයේ - අඳුරු විජිතයේ
සඳ එළිය වගේ... සඳවතිය මගේ...

ඉතින් කියන්න...

මිහිර බෙදූ මිහිරියේ - සුවඳ කුසුමියේ
සිටින විටදි ඔබ ලඟින් - සිත නිවී සැලේ
දිවි හැම දිනේ ඉතින් මගේ - නිසා ඔබ ප්‍රියේ
භව භව පුරා සරමී නිතින් - පතමින් ඔබේ සෙනේ
සඳවතිය මගේ... සොඳුරු විජිතයේ...


මෑත කාලෙ අහපු හිතට වැදුනු ලස්සන සිංදුවක්... ගොඩක් දෙනෙක් මේක අහල ඇති මම හිතන්නෙ. අහලා නැත්නම් මේ ලින්ක් එකෙන් ගිහින් අහන්න..

කනට ඇහෙනවට ඇහුවට හිතල බැලුවද මේ සිංදුවෙ ඇත්තම තේරුම මොකක්ද කියලා? සමහරුන්ට ලොකු පැටලිල්ලක් වෙන්න ඇති.. තනුව, කටහඬ ලස්සන නිසා ආසා උනත් මටත් මුලදි හරි ප්‍රශ්නයක් උනා මොකද්ද මේ කියන්නෙ කියලා.. සිංදුව බාගෙන නිවි හැනහිල්ලෙ අහනකොට තමයි හරියට තේරෙන්නෙ...

ඔය මම උඩින් දාලා තියෙන පද වල කොළ පාටින් තියෙන කෑල්ල අහපු නැති කෙනෙකුට අනිවාර්යයෙන්ම හිතෙන්නෙ මේක මේ කෙල්ලෙක් තවත් කෙල්ලෙකුට කියපු සිංදුවක් කියලා... මේ ගැන සමහර ෆෝරම් වල සෑහෙන විවාදත් කෙරිලා තිබුනා මම දැක්කා...

දැන් තියෙන ගොඩක් සිංදු වගේ මේකත් උඩින් පහලින් රසවිඳින්න ගියොත් ඒකෙ තෙරුම හරියටම තෙරුම් ගන්න බෑ තමයි...

පුළුවන් නම් ඔයාලත් මේක අහලා බලලා මට කියන්නකො මම කොච්චරක් දුරට නිවැරදිද කියලා...

9 comments:

  1. ප.ලි. මේ සිංදුවේ ගායනය, පද රචනය සහ සංගීතය කාගෙද කියලා හරියටම දන්න කෙනෙක් කියන්න...

    ReplyDelete
  2. මම මේ සිංදුව ගැන දැනගත්තෙත් අදමයි. සිංදුවෙන් කාරි නෑ. තාරා නංගි මේ ටිකේ ෆ්‍රී වෙන්ටෑ. ඒකනේ බ්ලොග් එක පැත්තේ ඇවිත් තියෙන්නේ.

    ReplyDelete
  3. @ මධුරංග: ෆ්‍රී නැති නිසාමත් නෙමෙයි, කම්මැලි කමයි මාතෘකා හිඟ කමයි නිසයි ලිව්වෙ නැත්තෙ... අද ෆ්‍රී තමයි.. හෙට ඉඳන් නත්තල් නිවාඩුවනෙ...

    අපරාදෙ, අනිවාර්යයෙන්ම මේ සින්දුව අහලා මොනාද හිතුනෙ කියලා කියන්න...

    ReplyDelete
  4. නංගි මමත් මේ සිංදුව කොච්චර පාරක්නම් අහන්න ඇද්ද.මාර ලස්සනයි.

    ReplyDelete
  5. @නදී: ඔව් අක්කේ මම හිතන්නෙ ඕනෙම ගෑනු ලමයෙක් මේ සිංදුවට ආස වෙනවා... ඒකෙ හරිම ලයාන්විත විදිහට කෙල්ලෙකුගෙ ආදරේ කොල්ලෙකුට දැනෙන හැටි කියල තියෙනවනෙ...

    ReplyDelete
  6. මම මේ සිංදුව අදමයි ඇහුවේ... මාරම ලස්සනයි.. ගායනය කාගෙද කියන්නනම් මාත් දන්නේ නෑ..

    ReplyDelete
  7. මේලෝකේ සන්සාසේ දෙයක් තේරුනේ නෑ මට... :-o

    ReplyDelete
  8. සුභ නව වසරක් වේවායි පතනවා..මගේ යාළු..!

    ReplyDelete
  9. @දිනේශ්: මටත් ඒක තමයි යාළු හොයාගන්න ඕනෙ...

    @සෝරෝ: හොඳට සාවධානව සිංදුව අහන්න... එතකොට තේරෙයි...

    ReplyDelete

තාරා ගේ වගතුග..

My photo
තරු ගොඩක් මැද දිදුලන්න වෙර දරන පුන්චි තාරකාවක්...