ම්................. ඔන්න කොහොම කොහොම හරි අමාරුවෙන් පෝස්ට් 50 සම්පූර්ණ කරගත්තා.
මේක 50ක් කරගන්න අවුරුද්දකටත් වඩා වැඩි කාලයක් ගියා. කම්මැලි කම පැත්තක තියලා ලිව්වා නම් හරි. ඒත් මොනව කරන්නද මේකට බෙහෙත් නෑනෙ. හි හි.... අදත් පෝස්ට් එකකට මාතෘකාවක් කල්පනා කරකර ඉන්නකොට තමයි දැක්කේ මේ ලියන්නෙ 50 වෙනි එක කියලා.
මුලින්ම මම ස්තූති කරන්න ඕනෙ කැළණිතිස්ස අයියට. එයා තමයි මටත් අයිඩියා එක දුන්නෙ සිංහල බ්ලොග් එකක් ලියන්න. ඒ වගේම මෙච්චර කාලයක් මගේ බ්ලොග් එක බලන්න ආපු, ෆලෝ කරපු, කමෙන්ට් කරපු හැම දෙනාටම මම ගොඩාක් ස්තුති කරනවා.
මොන මොනවා හරි පිස්සු ටිකක් ලියනවා කියල හිතල පටන් ගත්තට මේ බ්ලොග් එක මට දුකට සතුටට හිටපු යාළුවෙක් වගේ උනා.. කාටවත් කියාගන්න බැරුව හිතේ හිර වෙලා තිබුනු අදහස් ගොඩක් නිදහස් කරන්න මේක මට හොඳ තැනක් උනා.. සතුටු හිතුනු, තරහ ආපු, දුක හිතුනු.... හැම වෙලාවකම ඒ හැම දෙයක්ම ලෝකෙට ඇහෙන්න කෑගහලා කියනව වගේ මට දැනුනා...
එක මුල්ලකට ගුලි වෙලා දවස් ගානක් අඬන්න පුළුවන් තරම් දුක පවා දැනුනු වෙලාවල් වලදි, ඒක ලිව්වාම ගොඩක් සහනයක් ලැබුනා.. ඒවා කියවලා ඔයාලා දීපු අදහස් එක්ක ඒ දුක අමතක කරලා දාන්න පුළුවන් උනා. අවුරුදු 3 කට ආසන්න කාලයක් මගෙත් එක්කම හිටපු යාළුවෙක් කියපු කෙනෙක් මට හීනෙන්වත් හිතන්න බැරි තරම දෙයක් මට කරපු වෙලාවෙදිත්, තාත්තව මතක් වෙන හැම වෙලාවකදිමත් මට කෑ ගහලා කියන්න මගේ බ්ලොග් එක උදවු උනා. හැබයි ගිය අවුරුද්දෙ අන්තිම, ඔපරේශන් එකකින් තාත්තගෙ කකුලෙ මහපට ඇඟිල්ලත් එක්ක කකුලෙ කෑල්ලක් අයින් කරපු වෙලාවෙ ඒ දැනිච්ච වේදනාව නැති කරගන්න නම් බ්ලොග් එකෙන් බැරි උනා. කොහොම ලියන්න උත්සාහ කරත් බැරි උනා. අන්තිමට බ්ලොග් ලිවිල්ලත් එපා උනා. ඒකයි කාලයක් නිශ්ශබ්දව හිටියෙ.
හ්ම්......... මේ පෝස්ට් එකත් සංවේදී වැඩි වේගෙන එනවද මන්දා.
කවි වලින් කියපු දේවල් නම් එච්චර තේරෙන්න නැතුව ඇති.. ගොඩක් අයට මගේ කවි තේරෙන්නෙ නෑ.. ඒක අතකට ඒකත් හොඳයි. මොකද මම ලියන ඒවා පස්සෙ කියවනකොට මටම ලැජ්ජා හිතෙනවා.. "තාරා" කියන්නෙ අඥාත චරිතයක් කියලා හිතුවට දැන් ගොඩ දෙනෙක් මාව අඳුනනවා...
ඔන්න ඔහොම කොහොමින් කොහොම හරි මමත් යාන්තම් පෝස්ට් 50ක් සම්පූර්ණ කරගත්තා. ඉස්සරහටත් දිගටම ලියන්න තමයි බලාපොරොත්තුව. මෙච්චර කල් මාත් එක්ක හිටපු ඔයාලා හැමෝම දිගටම මාත් එක්ක ඉඳියි කියලා හිතනවා...

අර්ධ ශතකයට මගෙන් සුභ පැතුම්..ඔය ලිව්ව වගේම ශතකයටත් යන්න පුළුවන් වෙන්න තාරා :)
ReplyDelete:D ගොඩාක් ස්තුතියි ChammA... ඔයාලගේ දිරිගැන්වීම මට ගොඩක් වටිනවා.
Deleteඑල එල තාරා.... :D
ReplyDeleteහි හි.... තැන්කූ හිශාන්.
Deleteම්ම්ම්ම්.... 50 ට සුබ පැතුම්.... කොහොමහරි 500ක් ම ලියමු!
ReplyDeleteම්.. ඔව්. උත්සාහ කලොත් බැරි වෙන එකක් නෑ... බොහොම ස්තුතියි ලහිරු...
Deleteමගෙනුත් සුබ පැතුම් !
ReplyDelete50ක් පෝස්ට් 500ක් පෝස්ට් වෙලා 500ක් පෝස්ට් 5000ක් වෙන කාලය වැඩි ඈතක නොවේවා !!!
තාරාගේ කම්මැලිකම නැති වේවා !!!
කම්මලි කම නම් කවදා නැති වෙයිද මන්දා... ප්රාර්ථනාවට ගොඩක් ස්තුතියි මධුරංග අයියේ...
Deleteඕන් මමත් ඉස්ඉස්සරවෙලාම ගොඩවැඳුනා මේ පැත්තට..
ReplyDeleteසුබ පැතුම් තාරා මේ 50 වැනි පෝස්ටුවට වගේම තව තවත් නිර්මාණමතින් දිගු ගමනකට.. :)
මේ පැත්තට සාදරයෙන් පිලි ගන්නවා.... බොහොම ස්තුතියි යාළුවා...
Deleteසුබ පැතුම තාරා.දිගටම ලියන්න.
ReplyDeleteගොඩක් ස්තුතියි නදී අක්කේ... අපිටත් තව ටික දවසකින් ඔයාල වගේ මෙහෙන් යන්න වෙනවා... :(
Deleteසුභ පැතුම්... Training ගියාම තව 50ට 500ක් විතර ලියන්න දෙවල් තියේවි....
ReplyDeletetraiining ගියාම බ්ලොග් ලියන්න තියා research එක කරගන්න වත් හුස්මක් ගන්න වත් වෙලාවක් තියෙයිද කියලා තමයි බය...
Deleteසුභ පැතුමට ස්තුතියි කේශාන්...
සුභ පැතුම් යාළුවා.. දිගටම ලියමු.. අපි ඉන්නවා හැමදාම..
ReplyDelete@ dinesh: ස්තුතියි... ඔයාලා මාත් එක්ක ඉන්න එක තමයි හුඟක්ම වටින්නෙ...
Deleteජය වේවා !!!! සුභ පැතුම් .....
ReplyDeleteස්තුතියි යාළු...
Deleteඒල එල ලියපන් ලියපන්....මම නම් 100 ලියල නවත්තනව,.... තව තුන ද කොහෙද ? ඒත් ඒක තමයි ලියවෙන්නෙම නැත්තෙ,,,
ReplyDeleteබ්ලොග් ලියන්න පටන් ගත්තු කාලෙ ලියන හැම පොස්ට් එකටම එක ගල ගානෙ දැම්ම නම් බොතලේකට බොතලේ පිරිල අවුරුද්දෙන්...ඒත් ඊලග අවුරුද්දෙ ඉදන් ලියන ලියන පොස්ට් එකට ගල ගානෙ අයින් කරා නම් ලොවෙත් අවුරුදු 10ක් වත් යයි..
වෙනත් දේකට අදාලව බ්ලොග් පතාකයෙක්ගෙ කියමනක් සිද්ධ්යට ගැලපෙන්න වෙනස් කලා මම ...හික්ස්....
බොතල් කතා කෙසෙ වෙතත් තව තව හොදින් බ්ලොග් ලියාගෙන සියළු කටයුතු සර්ථක කරගෙන ඔයාගෙ තාත්තට අපේ ඇදුරුතුමාට සුවය සතුට පිරුන ඒ වගේම සාඩම්බරනීය දියනියකගෙ පියෙක් විදිහට වැජඹෙන්න ලැබේවා...
ප්රාර්ථනාවට ස්තුතියි පැන්ඩෝ... ඒත් මොකද මේ ඔයා බ්ලොග් නවත්තන්න යන්නෙ???? දෙශ සංචාරය කරන්නද???
Deleteමගේ සුභපැතුම් සමග පොඩිපහේ ගලකුත් ගහන්න වෙනවා...
ReplyDeleteමං බ්ලොග් කරන්න එන්නත් කලින් ඔයා බ්ලොග් ලිව්වේ... දැන් ඇයි බ්ලොග් ලියන්නැත්තේ... හරිම අපරාධයක් නොවැ... වහාම ක්රියාත්මක වන පරිදි පාඨකයෝ ගැන හිතලාවත් මාසෙකට පොස්ට් 2 ක් වත් දාමු නේද ?
ඉඳලා හිටලා ලිව්වත් කමක් නෑ... බ්ලොගේ නවත්තන්න නම් එපා සහෝදරී... වැඩක් පටන් ගන්න අමාරුයි. ඒක දිගටම කරන් යන්න ඊටත් අමාරුයි. හැබැයි නවත්තන්න නම් හරි ලේසියි...
දිගටම ලියමු... බ්ලොග් දිවියට ආසිරි සමගින් 50 ට සුභපැතුම්... ජයවේවා !!!
ඉඳලා හිටලා ලිව්වත්, දුකට සැපට හිටපු මේ බ්ලොග් එක නවත්තන්නෙ නම් නෑ සහෝ.. ඔයටත් බොහොන ස්තුතියි...
Deleteඔන්න බීටගෙනුත් සුභ පැතුම්... දිගටම ලියමු....
ReplyDeleteආ.... ගොඩක් ස්තුතියි බීටා....
Deleteජය වේවා...!!
ReplyDeleteසෝරෝටත් ජයෙන් ජයම වේවා!!!
ReplyDeleteඅදයි මෙහාට ආවෙ..හුඟාක් කල් ඉදන් බ්ලොග් ලියන කෙනෙක් වෙලා කම්මැලිකම නිසා 50 ලියන්න පරක්කු වෙලා වගේ..:p
ReplyDeleteකොහොම වුනත්, හිමින් සීරුවෙ වුනත් යන ගමන ලස්සනයිනම් එච්චරයිනෙ වෙන්න ඕනෙ..සතුටුයි!!! 50ක් නෙවෙයි ලිපි 50000ක්ම ලියන්න ලැබෙන්න කියලා සුභ පතනවා.. ජය වේවා!!
බොහොම ස්තුතියි සහෝදරී...
Deleteකමෝන් තාරා..... ජයවේවා දිගටම ලියන්න .............
ReplyDeleteහි හි... තැන්කූ හොඳේ...
Deleteඉදිරියට තබා ඇති පිටුවක මම පළමු අනුගාමිකයා වුනෙමි...
Delete