topbella

Thursday, September 6, 2012

බලා ඉන්නම්...


බලා ඉන්නම් නුඹ වඩිනකන්
කඳු ගැටිති නිල්වලා අතරින්..
බලා ඉන්නම් දවල් වන විට
ලඟට ඇවිදින් හිස සිඹිනකන්..
බලා ඉන්නම් රක්ත නයනින්
කඳුල වුව හැර පලා යනකන්..
බලා ඉන්නම් හෙට වඩින්නේ
මා බලන්නැයි සිත සනසමින්...


 

31 comments:

  1. ලස්සනයි. හුඟ කාලෙකින් ඔයාගේ නිර්මාණයක් කියෙවුවේ. ඔයා ලියන්නැති මට මග හැරුනට. ඔව් ඒක එහෙම වෙයි. හෙට හිරු ඇය වෙනුවෙන්ම.

    ReplyDelete
    Replies
    1. ඒත් කවදාවත් හිරු ඇය වෙනුවෙන්ම එනවද....

      Delete
  2. අහා.... පලවෙනියත් මම වගේ. ජය...!

    ReplyDelete
  3. ලස්සනයි යාලු :)

    ReplyDelete
  4. ලස්සන අදහසක් ලියවිලා ගොඩක් කාලෙකින් මේ පැත්තේ..

    ReplyDelete
    Replies
    1. ලියන්න හිත දුන්නෙම නෑ.... ස්තුතියි හැමදාම වගේ...

      Delete
  5. බලා ඉන්නම් ඊලඟ පෝස්ට් එක වැටෙනකන් !

    ReplyDelete
    Replies
    1. පුළුවන් තරම් උත්සාහ කරන්නම් ඉක්මනට ලියන්න...

      Delete
  6. අම්මෝ....කාලෙකින් ඇවිත්...

    ReplyDelete
    Replies
    1. ඒ වෙලත් මාව අමතක නොකරන ඔයාලට ගොඩක් ස්තුතියි...

      Delete
  7. මේ රාවණා ගැන නෙවේ නේ ලියලා තියෙන්නේ? :D

    ReplyDelete
    Replies
    1. අනේ.... රාවණා එනකන් මොකටද සූරියකාන්ත මලක් බලන් ඉන්නෙ... හි හි

      Delete
  8. තාරා කාලෙකින් ...............

    නිමාවක් නැති බලාපොරොත්තු...

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්...

      බලාපොරොත්තුවක් නැත්නම් කොහොමද හෙටක් තියෙන්නෙ...

      Delete
  9. කලකට පස්සේ බලන් හිටිය අපිට කවියක් :)

    ReplyDelete
    Replies
    1. බලන් හිටියට ගොඩක් ස්තුතියි... දැන් දිගටම කවි ලියන්න හිතුවා...

      Delete
  10. අපිත් බලා ඉන්නම් ඔබ යළිත් දවසක
    ඉක්මනින් ඒවි යැයි සිතමින්...

    ReplyDelete
  11. නිසදැස ශොක්...ඊට වඩා උඹ ආපහු ලියන්න ගත්ත එක ශොක්...

    ReplyDelete
    Replies
    1. ලබන සතියෙන් පස්සෙ තව දුරටත් ජීවත් වෙලා හිටියොත් අනිවාර්යයෙන් ලියනවා පැන්ඩො...

      Delete
  12. ගිනි
    න්



    තාරාවෝ :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ගිනින්දර??? අළුත් ජාතියක්ද රජතුමනි? :D

      Delete
  13. සැහෙන කාලෙකට පස්සේ ආපහු ඇවිත්. ජයවේවා....!!!
    ඔක්කොම වෙන්නේ හොඳටයි කියල හිතන්න. එතකොට හරි.

    ReplyDelete
  14. අපූරු කවි පෙළක්...

    ReplyDelete
  15. අපූරුයි...අනිත්‍ය අවිනිශ්චිත ස්වභාවය මනරම් බලාපොරොත්තුවකින් සරසාගන්නායුරු...සුන්දර නිර්මාණයක්

    ReplyDelete
  16. බලා හිටියත් දෙනෙත් දල්වා
    කඳුවළල්ලේ ඉම දිහා
    උදේ සිට දහවල ගෙවී යයි
    මළහිරුට සිත ඉඩ තියා..
    නෙතින් තෙත්වන නොපෙනෙනා හෙට
    එයිද නැද්දැයි බලබලා..
    වැට දිගේ කටරොළු පිපී ගොස්
    වැට මුලම පරවී ගියා..

    ReplyDelete

තාරා ගේ වගතුග..

My photo
තරු ගොඩක් මැද දිදුලන්න වෙර දරන පුන්චි තාරකාවක්...