topbella

Wednesday, February 22, 2012

හමුදාවේ අලුත්ම නිළය... සහ අලුත්ම මුස්ලිම් නම...

මුලින්ම කියන්න ඕනෙ මේක හමුදාවෙ කාටවත් වත් ඉස්ලාම් සහෝදරයෝ කාටවත් වත් අපහාසයක් කරන අදහසින් ලියපු එකක් නෙමෙයි.



මගේ බ්ලොග් එක කියවන ගොඩක් කට්ටිය දන්නවනෙ ඉතින් කවුද ක්‍රියේටිව් සතා කියන්නෙ කියලා... දන්නෙ නැත්නම් ඔන්න.... ක්‍රියේටිව් සතා කියන්නෙ අපේ බෝඩිමේ ඉන්න සත්තු (සත්ව විජ්ජාව උපාධිය හදාරන) හතර දෙනාගෙන් ක්‍රියේටිව් ම සතා... ව්වැඩිදුර විස්තර ඕනෙ නම් මේ පෝස්ට් එක බලන්න..  ආ තව තියෙනවා... පර්සියන් පූසගෙ කතාව, අත්තිවාරමේ කතාව.මතක් කර කර බඩ පැලෙන්න තරම් රස කතා ගොඩක් මෙයා කියනවා.. එයින් මතක් වෙන ටිකක් තමයි මම මේ ලියන්නෙ...

මේක අපේ ක්‍රියේටිව් සතාගෙ තවත් ක්‍රියේටිව් අදහසක්....

ක්‍රියේටිව් සතා: ඔයා බැලුවද අර 'ගාමණී' ෆිල්ම් එක?
අයියා (boy friend): ආ ඔව් බැලුවා.. ඒක හරි ලස්සනයි... ඒක හදල තියෙන්නෙ හමුදාවෙ අද්මිරාල් කෙනෙක් ද කොහෙද නේද?
සතා: හ්ම්ම්......ආ ඇත්තද?
(විනාඩියකට විතර පස්සෙ)
 ඉතින් මුස්ලිම් අයත් හමුදාවෙ ඉන්නවද?
{මෙයාගෙ ක්‍රියේටිව් මොලේට වැටිලා තියෙන්නෙ අද්මිරාල් කියන්නෙ මුස්ලිම් නමක් කියලා...}

තවත් දවසක...

ක්‍රියේටිව් සතා: මේ... අර ගාමණී ෆිල්ම් එක හරි ලස්සනයි නේ... අයිය කිව්ව ඒක අර හමුදාවෙ ඉන්න අබ්දුල්ලා කෙනෙක් හදලා තියෙන්නෙ කියලා....
චතූ: කවුද බං හමුදාවෙ ඉන්න අබ්දුල්ලා?
සතා: ඇයි බං අර හමුදාවෙ පෝස්ට් එකක් තියෙන්නෙ...

{හිතාගන්න පුලුවන්නේ...}

ප.ලි. මේ සතා නොහිටියා නම් මගේ බ්ලොග් එක කැලේට යනවා නිකංම

7 comments:

  1. සතා හිටියයින් තාරාට බ්ලොග් එක මතක් වෙලා..

    ReplyDelete
    Replies
    1. ඔව් අෆ්ෆා... මේකෙ ලියන්න කියල කිසිම දෙයක් මගේ ඔළුවට එන්නෙ නෑනෙ...

      Delete
  2. අප්පා... ක්‍රියේටිව් සතා මාර කතානෙ කියන්නෙ...:D

    ReplyDelete
    Replies
    1. කිව්වොත් කියන්නෙ ඔහොම තමයි. ගොඩක් ඒවා දැන් මට මතක නෑ...

      Delete
  3. ඒකා යකාගෙ සතෙක්නෙ :)

    ReplyDelete
  4. මම දාපු කමෙන්ට් එක සතා කාලා දාලා !!!
    කෝ මගේ කමෙන්ට් එක ???

    ReplyDelete
  5. හිකිස්zzz....මරු කතාව...

    ReplyDelete

තාරා ගේ වගතුග..

My photo
තරු ගොඩක් මැද දිදුලන්න වෙර දරන පුන්චි තාරකාවක්...