topbella

Saturday, May 12, 2012

රොබරෝසියා...


නිල්ම නිල් අහස යට
අවට කොල පැහැ අතර
දකින මුදු රෝස පැහැ
නුඹේ ඇස් රවටනව

බලන අත රෝස පැහැ
මල් පියලි විසිරිලා
නුඹ හිතාගෙන ඉන්නෙ
ලොවම එහෙමයි කියා

කුල්මත් ව ඉපිල යන
හිත නටන සතුටකින්
නුඹ සිනාසෙන අරුම
ලෝකයම දකිනවා

කාලය ගතවෙලා
වසන්තය දියවෙලා
යද්දි නුඹෙ රෝස පාට
ලෝකයම බොඳවෙලා



බිම වැටුනු රෝස සළු
හෙමි හෙමින් වියලිලා
මතුවෙද්දි ගුරුපාට
තණ පත්ද මහ පොළොව

නැගිටපන් හීනයෙන්
බලන් වටපිට නුඹේ
කෝ සතුට නුඹට දුන්
සති දෙකක වසන්තය

පෙර පෑව සිනාවන්
යළිත් මතකෙට අරන්
සුසුම් ලාපන් ඉතින්
කඳුල වියලෙනාකල්

යළි වසන්තය ඇවිත්
දොඩා බොරු පෙම් වදන්
කැන්දලා නුඹෙ මුවට
රෝස පැහැ සිනාවක්

අමතකයි නුඹට ඒ
ගුරුපාට අතීතය
ආයෙත් රෝසපාටයි
නුඹේ මුළු ලෝකයම

හිනැහියන් සන්තොසින්
කෑගසන් ප්‍රීතියෙන්
රැවටියන් හැමදාම
සතිදෙකේ වසන්තයට...

ඡායාරූප: පවිත්‍ර මධුසංක සොහොයුරාගෙන්

26 comments:

  1. "සති දෙකේ වසන්තය" අපුරු සිතිවිල්ලක්.. කොච්ච්ර අනිත්‍ය උනත් හැමෝම කැමතියි ඒ සති දෙකේ වසන්තයට හැඩවෙන රොබරෝසියා බලන්න...

    ReplyDelete
    Replies
    1. වසන්තයට හැඩවෙලා නටන රොබරෝසියා බලන්න හැමෝම කැමති උනාට ඉතුරු අවුරුද්ද පුරාම ඉකිබිඳින රොබරෝසියා කාටවත් පේන්නෙ නෑ

      Delete
  2. බලාගෙන ගියා ම ගොඩක් දේවල් රොබරෝසියා වගේනේ... අපූරු අදහසක්!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි,

      "ගොඩක් දේවල්" කිව්වෙ...

      Delete
  3. ලස්සනයි....නියමයි!!!

    රොබරෝසියා......

    ReplyDelete
  4. රැවටියන් හැමදාම
    සතිදෙකේ වසන්තයට... රැවටුනත් ඒ සති 2ක සතුට ගෙනවානම් එක වටිනවා ........ ලස්සනයි ........

    ReplyDelete
    Replies
    1. ඒ වටින සති දෙක නිසයි අදටත් රොබරෝසියා ගස් එහෙම්මම ඉන්නෙ...

      ස්තුතියි..

      Delete
  5. ලස්සනයි තාරා...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නෙතුකි, මේ පැත්තට සාදරයෙන් පිලිගන්නවා...

      Delete
  6. රැවටුනත් හැමදාම
    සති දෙකේ වසතයට
    ඒ ඉන්න ටික කල‍ට
    දෙමි සතුට සැම සිතට..

    මේ මල ගැන නම් මම මේලෝකෙ දෙයක් දන්නේ නෑ.. දෙයියන්ගෙන් වත් අහල බලන්න ඕනි..
    කොහොම උනත් ලස්සන අදහසක් :)

    ReplyDelete
    Replies
    1. ගූගල් දෙයියන්ගෙන් සිංහලෙන් අහන්න රොබරෝසියා ගැන. රත්ගමයයි, පිනිබිඳු අක්කයි ත් ලස්සන පෝස්ට් ලියලා තියෙනවා..

      මේ ගහේ මල් පිපෙන්නෙ කාලෙකට.ඒ කාලෙට නම් ලස්සන කියල නිම කරන්න බෑ. පේනවනෙ පිංතූර වලින්ම. හැම තැනම රෝස පාටයි. ඒත් සති දෙකක් විතරයි... සති දෙකකට පස්සෙ සේරම මල් හැලිලා වෙලිලා යනවා...

      Delete
  7. මල කොයිතරම් ලස්සන වුනත් සදාකාලික සුවඳක් හෝ පැහැයක් නැහැ. පිපීම පරවීම ඒක හරියටසියලු දේ අනිථ්‍ය බව පසක්කර දෙනවා.

    මේ පද්‍ය පන්තිය පුරාම අඳින්නෙත් ඒ සිතුවිල්ලයි.

    ReplyDelete
  8. අනිත්යයි කියන මතේ ඉදන් ජීවිතේ දිහා බලනවානම්,ජීවිතේ විදින්න නෙමේ විදවන්න වේවි කියලයි මට හිතෙන්නේ. ජය..!

    ReplyDelete
    Replies
    1. ඒත් අනිත්‍ය බව අමතක වෙලා හැමදාම ඒ වෙනුවෙන් බලාගෙන ඉන්නවනම් ඒකත් එක්තරා විදිහක විඳවීමක් තමයි... අදහසට ස්තුතියි.

      Delete
  9. රොබරෝසියා..!! හ්ම්ම්ම්..නම වගේම ලස්සන මල..!! ඒත් හරිම කෙටි ආයුශ අරන් ඉපදෙන්නෙ..අපේ වත්තෙත් වෙල ගාව ගහක් තිබුන..

    ReplyDelete
    Replies
    1. හ්ම්... ඔව්, සති දෙකක් විතර වෙනකොට ඔක්කොම ඉවරයි...

      Delete
  10. ලස්සන කවි පෙලක්..

    ReplyDelete
  11. ලස්සනයි... මම හිතන්නේ මම මේ පැත්තට ගොඩ උනු මුල්ම වතාව..

    ජය හා සතුට

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා...

      ඔබටත් ජය හා සතුට!

      Delete
  12. ජීවිතෙත් රොබරෝසියා මල වගේ, ලස්සනට් පිපිල හැමෝමව සතු‍ටු කරලා, පර වෙලා යනවා.

    ලස්සන අදහසක් ජනනී...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි...

      ඇ..... කවුද ජනනි :D

      Delete
  13. ඒ සුන්දර රෝස පාටට අපි හැමෝම ආදරය කරනවා..ටික දවසකින් ගුරු පාට උනා කියලා, ආයෙත් රෝස පාට මතු වෙද්දී අපි එපා කියන්නේ නෑ..
    බොහොම අපුරුයි තාරා..

    ReplyDelete
    Replies
    1. ඒ අපි දකින විදිහ උනාට ඇයි කාටවත් නොපෙනෙන්නේ රොබරෝසියා ගහ විඳින දුක...

      ස්තුතියි රැංගෝ

      Delete

තාරා ගේ වගතුග..

My photo
තරු ගොඩක් මැද දිදුලන්න වෙර දරන පුන්චි තාරකාවක්...