topbella

Friday, December 17, 2010

(පස)මිතුරු


කතා කරතත් පණ අතට දී
දිය රෙද්දෙනුත් බෙලි කැපේ
අනුන් පහනින් එලි දකිද්දී
උඩඟු බව කොයි සැඟවුනේ

බදාගෙන සැම තමන් ලද දේ
අනුන් දේ දැක ලොබ බැඳේ
සැපක් වේ දුර වසනු තනිවම
නොලැබ මේ පස මිතුරනේ...

8 comments:

  1. අනේ පූසෝ එහෙම නැ...

    ReplyDelete
  2. ඈතත් පස මිතුරන් බොහොම
    මිතුරන්ද ඇත අප අතර
    හැකිනම් වෙන්කර ගැනුමට අපට
    නොවේ කිසිදා පසු තැවීමට

    ReplyDelete
  3. @ කෙශාන්:
    කොතෙක් ගල් බොරළු පය හැපුනත්
    නිල් මැණික් ඇත ඒ-තුරේ
    කණෙක් නොම වෙමි මැණික් හඳුනමි
    පයින් නොගසමි කිසිදිනේ...

    ReplyDelete
  4. @ බිඟූ: පූසෙක් ව හොඳම යාලුවා කරලා තියාගන්නම් එහෙනම්... :))

    ReplyDelete
  5. මේක නම් ගොඩක් හිත රිදුනු වෙලවක ලියවුනු එකක් වගේ.

    කොහොම නමුත් නියමයි.

    ReplyDelete
  6. @දුකා:
    ඔව් ඒ වගේ තමයි.

    ගොඩාක් ස්තුතියි...:)

    ReplyDelete
  7. දුක අයියා කිව්වත් වගේ මේක නම් හිත රිදිච්ච වෙලාවක ලිව්ව එකක්ද කොහෙද. දැන් නම් මේ හිත් අමාරුව නැතුවැති. ඒනිසා මම් ඒ ගැන හාරා අවුස්සන් නෑ. ලස්සන කවි සිතුවිල්ලක් !!!!

    ReplyDelete
  8. @මධුරංග: හිත නම් තාමත් රිදිලා... ඔයිට වඩා රිදිච්චි වෙලාවලුත් තියෙනවා. ඊඅත් ඉවසනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑනෙ...

    ReplyDelete

තාරා ගේ වගතුග..

My photo
තරු ගොඩක් මැද දිදුලන්න වෙර දරන පුන්චි තාරකාවක්...