
ඊඊඊඊයා.......................... මුලින්ම ඊයා කිව්වාම ආයෙ කියන්න ඕනෙ නෑනෙ...
ඔන්න කලින්ම කිව්වා... කෑම කන ගමන් එහෙම මේක කියවන්න එපා... හීරිකිත වැඩි වෙලා වමනෙ යනවා වගේ නම් මේක කියවන්න එපා...
මතක් වෙනකොටත් මට නිකන් වමනෙට එනව වගේ...
මේක ඇවිල්ලා සිය අතින්ම මඩ නාගන්නවා වගේ වැඩක්.. ඒ නිසා මේක මගේ වචන වලින් නැතුව අපි චතුවගෙ වචන වලින් අහමු.
"
ඔන්න එක දවසක් සෝමක්කගෙ කැම් එකෙන් කට්ටිය පොටෝ ගහන්න ගත්තා. ටුක්කා තමයි කැමරාමන් (වැරදුනා වුමන්) (ටුක්කා මූනෙ මොකක්ද රෑට ගාන තෙලක් ගාල හිටපු නිසා ඌ පොටෝ වල නෑ. ඒ නිසා නිතරඟයෙන් කැමරාවුමන් උනා).
ඉතින් ඔන්න පොටෝ අරන් ඉවර වෙලා සෝමක්කා ලැප් එක එහෙම ඔන් කරලා තියෙද්දි පොටෝ ටික බලන්න කට්ටිය සෙට් උනා. කට්ටියම මෙලෝ සිහියක් නැතුව කිචි බිචි ගගා පොටෝ ටික බැලුවා. ඔන්න ඔහොම බල බල ඉන්නකොට බට්ටිගෙ ටිකිරි මොලේට අදහසක් ආව ඔය ටික දාලා වීඩියෝ එකක් හදමූ කියලා. ඔන්න එතකොට තමයි තාරා කතාවට එන්ටර් වෙන්නෙ.
තාරා ඉඳගෙන හිටපු පුටුවෙන් නැගිටලා වැඩකරු වගේ ගියා එයාගෙ ලැප් එක ගේන්න. ඔන්න ඉතින් තාරා ලැප් එක අරන් ඇවිත් මේසෙ උඩින් තියලා මෙන්න මෙහෙම කියනවා... "බලන්න කවුද මන්දා බූරුවෙක් මන් හිටපු පුටුවෙ * දාලනෙ, මගෙ ඇඳුමෙත් එක්ක!!!!!!!!" ඔන්න දැන් කට්ටියම එකපාරටම පුටුව දිහා බැලුවා.....
මල කෙලියයි.......................................
තඩි ගෙම්බෙක්... දෙවියනේ අර බට්ටිගෙ ගෙඹි පරපුරෙන් පැවතගෙන එන මහ දඩාර ගෙඹි රාජයෙක්... තාරගෙ සද්දන්ත පස්සට යටවෙලා අවසන් ගමන් ගිහින්... එදා තමයි අපි දැක්කේ ඇත්තටම කොහොමද ගෙම්බෙක් ස්ටිකර් වෙන්නෙ කියලා..

ඒක නෙමෙයි හොඳම වැඩේ, ටුක්කා ඇඳ උඩට වෙලා හිනාවෙනවා.... සෝමක්කයි පේමක්කයි පේමක්කගෙ ඇඳ උඩ. උන් දෙන්නා අත් දෙක අල්ලනවා, අතාරිනවා, හිනාවෙනවා(හරියට පිස්සු තදවෙච්චි පිස්සො දෙන්නෙක් වගේ).. මම හිටපු පුටුව උඩම නැගලා බඩ අල්ලගෙන හිනාවෙනවා.. බට්ටියා වෙච්ච දේ හිතාගන්න බැරුව ඔලුවට අත් දෙක ගහගෙන බලාගත්තු අතේ බලාගෙන ඉන්නවා... මොකද ඌ නෙ ගෙඹි පරපුරේ හිමිකාරයා.
අනේ අසරණ තාරා ඌට කිසිම හව් හරණක් නෑ.. තනියම අඬනවා... විනාඩි 10 ක් විතර ගියාට පස්සෙ තමයි කට්ටියට තාරව මතක් උනේ. ඔන්න ඉතින් එතකොට කට්ටියම ඇවිත් තාරව වට කරගත්තා.. බට්ටියා ගෙම්බගෙ මෘත ශරීරය එක්ක පුටුවත් එලියට විසිකලා. තාරා දුවලා ගියා ආපහු දෙවනි පාරටත් නාගන්න... ඔන්න ඔහොමයි අපේ තාරා ගෙඹි මරුවෙක් බවට පත් උනේ..........
අනේ පව්......(ගෙම්බද???? ගෙඹි මරුවද???? ඔයාලම හිතාගන්න...)"
අනේ පව් අසරණ ගෙම්බා..:((
ReplyDeleteසහෝදර ප්‍රේමයට ආපු ගෙම්බව මරපු එක නම් කැත වැඩක්....
ReplyDeleteපව් නේ ඒ ගෙම්බා ??? කවුද හිතුවේ බුල්ඩෝසරයකට යට වෙයි කියලා. අනිච්චාවත් සංඛාරා !!!!
ReplyDeleteජාති ජාතිවත් මෙවන් අකල් මරණයකට ගෙම්බෝ පත් නොවේවායි පතන්නෙමු !!!!
tadi passak kiyanne harima bayanaka ayudayak ne..
ReplyDeleteඅසරණ ගෙම්බාට මරුනේ කොහොමද කියලවත් හිතාගන්න බැරිවෙන්න ඇති, ගල්රෝලකට යටවුනා වගේ ස්ටිකර් වෙලාද ගෙම්බව ?
ReplyDeleteඅහෝ දුකකි.. කවද්ද ගෙම්බගේ අවසන් කටයුතු? :(( :((
ReplyDelete:(( අනේ අහිනංසක සතාට වෙච්ච දෙයක්!
ReplyDelete(ඊයා)
ප.ලි. - ආහ් ඊයා කියලා කියන්න අමතක උනා.
ReplyDeleteඊ..............යා....ආ.......//
හෆොයි . . . පස්ස පැත්තකට යට වෙලත් ඌ ඉතුරු උනා නම් තමයි පුදුමේ . . හික්ස්
ReplyDeleteහපොයි හරි වැඩේ තමයි වෙලා තියෙන්නේ.මොනා වුනත් නොදැනුවත්ව වෙච්ච දෙයක් නිසා ඔයාට පව් නැහැ.ගෙම්බා තමයි පෙර පව් කරල තියෙන්නේ.
ReplyDelete:(( :(( :((
ReplyDelete''මන් පුටුවට නැගල හති ඇරිය විතරයි ..විශාල පර්වතයක් අහසින් පාත් වෙනවා දැක්ක වගේ මතකයි...එච්චරයි මට මතක ''
ReplyDelete......සුරලොව සිට ගෙම්බා ...
@ dinesh: එතකොට මම???? :((
ReplyDelete@මාළුවා: ඌ මගේ සහෝදරයෙක් නෙමෙයි........... බ්වෑක්....:-ට්
@මධුරංග: ඌට වෙන යන්න තැනක් නැතුවද මගේ පුටුවට ආවේ ඉතින්???:-L
@Ano: හි හි b-(
@all in one: අනේ ඔව්.. මතක් වෙනකොටත් ඇඟ හිරිවැටෙනවා... ~x(
ReplyDelete@චතුවා: මේක වෙලා දැන් මාස 6 කටත් වැඩියි... බෝඩිමේ රහස් පිටකිරීමේ වරදට දඬුවමක් වශයෙන් තමයි මේ කතාව ලියන්න උනේ.. නැත්නම් කීයටවත් ලියන්නෙ නෑ...
@නදී අක්කා: අපෝ ඔව් හරි අහින්සකයි....
බිත්ති වල ඉඳන් ඇඟට පනින එක තමා කරන අහින්සකම වැඩේ...
@මධුරංග: මුලින්ම ඊයා කිව්වනේ...~x(
ReplyDelete@දුකා: =))
@ජෝතිෂ්‍ය: ඒක ඇත්ත...:|
@නිකමා: ඇයි අඬන්නේ??? ගෙම්බා නෑයෙක්ද??? :))
@බින්ඳි: ඔයාට එයාව සුරලොවදි හම්බුනාද?? ආයෙ හම්බුනොත් මම සොරි කිව්වා කියන්න...:(
ReplyDeleteඅයියෝ අසරණ සතා. කමක් නෑ. වාසනාවන්ත මරණයක් වෙන්ටැ.
ReplyDelete@පිනිබිඳු: ඌ වන් ෂොට් නොකවුට්... දඟලන්න හම්බුනෙත් නැතුව ඇති... අසරණයා..
ReplyDeleteතාරාටත් වෙන්නේ මාර වැඩ තමා...
ReplyDeleteකෝකටත් කියල තාරාත් එක්ක ඉන්න අය තම තමන්ගේ ආරක්ෂාව තර කරගෙන ඇති නේද ?
=))
@ සන්සරසිදු: =)) ඔව් ඔව් කවුරුත් මාත් එක්ක හැප්පෙන්න එන්නෙ නෑ... :))
ReplyDelete