topbella

Tuesday, December 7, 2010

ඉටි පහනක්...



ඉටි පහනට ආදරය කරපු
පලඟැටියට වචන නැතිලු
ඉටි පහනට තෙරෙන විදිහට
ආදරේ කියල දෙන්න....

ගොලු හදවතකින්
තෙපලන ඇස් දෙකකින්
පලඟැටියා කියන්න හදන දේ
ඉටි පහනට නොතේරෙනකොට

ආදරේ නිසාම
ඒ පහන් දැල්ලටම
අහුවෙලා මියැදෙන
පලඟැටියා දකිනකොට
ඉටි පහන දැනගනීවි
ආදරේ කරපු තරම

කාලය නැවත ගන්න
බෑ කියලා දැනගත්තු
තමන් නැති ලෝකයක
ඉටිපහන හඬන වග
දැන දැනම පලඟැටියා
කොහොම නම් මියැදෙන්ද...

6 comments:

  1. කියන්න වචන නෑ ඇත්තටම ලස්සනයි

    ReplyDelete
  2. @සංජු : ගොඩාක් ස්තුතියි...ඉස්සරහටත් මගේ කවි වලට විචාරකයො ඉඳියි කයලා මම හිතනවා... :-)

    ReplyDelete
  3. ටිකක් කල්පනා කරල බැලුවාම ඇත්ත තමයි තාර.

    කාලය නැවත ගන්න
    බෑ කියලා දැනගත්තු
    තමන් නැති ලෝකයක
    ඉටිපහන හඬන වග
    දැන දැනම පලඟැටියා
    කොහොම නම් මියැදෙන්ද..

    ගොඩක් හිතට දැනුන!!!

    ReplyDelete
  4. පලගැටියා ඉටිපහනට ආදරේ කලාට ඒ ඉටිපහනෙම දැල්ලට පිච්චෙන බවත් තේරුම් අරගෙනම ඉන්නවා නම් හොදයි. :)

    ReplyDelete
  5. @මධුරංග: ආදරේ වැඩි කමටම ලඟටම යනවා... පිච්චෙනවා... පැත්තකට වෙලා අඬනවා... ඉටි පහන සමහර විට ඒක දකින්නෙත් නැතුව ඇති... ඒත් ටික දවසකින් ආයෙත් ආදරේ හොයාගෙන පිච්චෙන්න යනවා... පිච්චිලා පිච්චිලා දවසක මැරේවි... ඒත් පිච්චෙන බව තෙරුම් අරගෙන දාලා යන්නෙ කොහොමද... ඉටි පහන තනි වෙනවනෙ.... :|

    ReplyDelete

තාරා ගේ වගතුග..

My photo
තරු ගොඩක් මැද දිදුලන්න වෙර දරන පුන්චි තාරකාවක්...