topbella

Tuesday, July 26, 2011

විශ්ව විද්‍යාල තුල අපි නොදකින බුද්ධි මංකොල්ලයක් තිබේද???


මෑතකදී කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය වරයෙන් වන (නම සඳහන් නොකරමි) නීතීඥ මහතෙකු විසින් අප වෙනුවෙන් පවත්වන ලද බුද්ධිමය දේපල පිළිබඳ දේශනයකදී දැනගත් කරුණු මත පදනම්ව මෙම ලිපිය ලියමි.. යම්කිසි වරදක් ඇතොත් කරුණාකර කොමෙන්ටු තීරුවේදී මා නිවැරදි කරන මෙන් ඉල්ලමි...

ප්‍රශ්නය නම්: විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකු විසින් කරන ලද පර්යේෂණ මගින් සොයාගන්නා නිෂ්පාදන වල පේටන්ට් අයිතිය කා සතුද?????

මහාචාර්ය වරයා කියන විදිහට නම් ඒවා අයිති වෙන්නෙ විශ්ව විද්‍යාලයට...

මේකෙන් වාසි අරගෙන පේටන්ට් අයිතිය ලබාගන්නෙ බොහෝවිට ආචාර්ය මණ්ඩලයයි...... මම පෞද්ගලිකව දන්න එහෙම සිද්දි කිහිපයක්ම වෙලා තියෙනවා. මෙතනදි කියන්න ඕනෙ, විශ්ව විද්‍යාල අවසන් වසර පර්යේශණය කියන්නෙ ශිෂ්‍යයෙක්ගෙ මුලු ජීවිතයටම බලපාන දෙයක්. බොහොම කැප කිරීම් කරලා ලබාගන්න දේ වටිනා කම භුක්ති විඳින්නෙ වෙන කෙනෙක් නම් එතන කිසිම සාධාරණයක් තියෙනවද?

මේ නීතියෙදි තියෙන ත‍ර්කය තමයි ළමයා පර්යේෂණය කරන්නේ විශ්ව විද්‍යාලයේ විද්‍යාගාර පහසුකම් සහ ඉන් ලබාගත් දැනුම යටතේ නිරීක්ෂකයන්ගේ නිරීක්ෂණය යටතේ නිසා කියන එකයි...

විශ්ව විද්‍යාලයෙන් ලබාගත් දැනුම කියන එකට මමත් සම්පූර්ණයෙන්ම එකඟයි. නමුත් ඉතුරු කොටස් දෙක විවාදකාරියි.. උදාහරණයක් විදිහට විද්‍යාගාර පහසුකම් සැලකුවොත්, පරිඝනක විද්‍යාව කරන ළම‍යෙක් පරිඝනක විද්‍යාගාරය භාවිතා කරලා පර්යේශණය කරන්නෙ බොහොම අඩුවෙන්.. පෞද්ගලික පරිඝනකය භාවිතයෙන්. ඒකට බොහෝ දුරට හේතු වෙන්නෙ විද්‍යාගාර වල සම්පත් අඩුකම. ඊලඟ කාරණය නිරීක්ෂක වරුන්.. සමහර නිරීක්ෂක වරුන් ඉන්නවා ඇත්තටම ළමයින්ට සෑහෙන උදවු කරනවා... ඒත් එහෙම නොකරන කෙනෙක් උනොත්...???

මේ මොන හේතු නිසා මේක සිද්ද උනත් අන්තිමේ මේකෙන් ලැබෙන ප්‍රතිඵලය අවාසි සහගත වෙන්නෙත් රටටමයි.. මොකද මේ හේතුව නිසා ළමයි පෙළඹෙන්නෙ නෑ විශ්ව විද්‍යාල අවසන් වසර පර්යේෂණයට නව නිපැයුමක් කරන්න.. මොකද ඉන් ලැබෙන ඵලය තමාට නොවන නිසා... මගේ කල්පනාව අනුව නම් ලංකාවේ නව නිපැයුම් (innovations) සිදුවන ප්‍රතිශතය අඩු වෙන්නටත් හේතුව මේක වෙන්න ඇති...

ප.ලි. මේ පිළිබඳව දැනුමැති අයගේ අදහස් මා බලාපොරොත්තු වෙමි...

11 comments:

  1. සැහෙන දුරට ඇත්ත...ගොඩක් වෙලාවට ළමයි කරණ පරික්ශන තමන්ගේ ගොඩට එකතු කරගන්න තමා ආචාර්යවරු බලන්නේ....ඔය අතරේ සමහර අළුත් නිපැයුම් හෑල්ලුවට ලක් කරලා ඒකම කරලා පෙන්නන නිරික්ෂකවරුත් ඉන්නවා...ඔය අතරේ පුළුවන් උපරිම සහය ලබලා දෙන නිරික්ශකවරුත් ඉන්නවා.

    ReplyDelete
  2. වෑදගත් ලිපියක්.. සවාදය දිගට ගියා නම් හරි හොඳයි....

    ReplyDelete
  3. ඔය බුද්ධිමය දෙපල පනත කියන විෂය අපිත් කැම්පස් එකේ දෙවෙනි වසරේ ඉන්නැද්දි කලා. මම නම් කියන්නේ අපේ රටේ බුද්ධිමය දේපල කාර්යාංශය මීට වඩා කාර්යක්ශම උනොත් හොදයි. නැත්නම් මෙහෙම බුද්ධිමය දේපල හොරා ගන්න එකෙන් නම් වැලකෙන්න බැරි යෙයි.

    තව දෙයක් තමයි අපි පේටන්ට් ඩේටා බේස් සර්ච් කරනකොට සර්ච් කරන්නේ එක්කෝ යූඑස් බේටා බේස් එක නැත්නම් වයිපෝ එහෙමත් නැත්නම් කැනේඩියන් ඩේටබේස් එක. ඇයි අපට අපේම කියලා ඩේටා බේස් එකක් නැත්තේ. තිබ්බනම් කොච්චර ශෝක්ද !!!!

    ReplyDelete
  4. ඔන්න වාද කරනවනම් කරමු. මාත් එනවා වාදෙට. මොකද මේ වගේ ප්‍රශ්න අපටත් තියෙනවා.

    ReplyDelete
  5. @මධුරංග : ඔව්, ඒ මහාචාර්‍ය තුමා කියන හැටියට ලංකාවෙ නම් අවුරුදු 3 ක් වත් යනවා ඇප්ලිකේෂන් එක දාලා පේටන්ට් එක හ්ම්බවෙන්න.

    ඒත් වාදයක් වෙන්න නම් ප්‍රතිමල්ලවයන් කියලා කණ්ඩායමක් ඉන්නත් ඕනෙනෙ... මම හිතන්නෙ නෑ එහෙම කට්ටිය මේක කියවයි කියලා. බ්ලොග් අවකාශයේ ඉන්නෙ බොහෝ දුරට ශිෂ්‍යයො විතරයි නෙ.. මේ නීති වෙනස් කරන්න පුලුවන් කට්ටිය එක්ක තමයි අපි වාද කරන්න ඕනෙ... මෙතනදි අපිට කරන්න පුලුවන් එකම දෙ අදහස් දක්වන එක විතරයි කියලයි මට හිතෙන්නෙ මධුරංග...

    ReplyDelete
  6. මේක මම හිතන හැටියට පර්යේෂණ සිද්ද වෙන ආකාරයෙ වැරැද්දක්. supervisor කෙනෙක් වෙන රටකදි පර්යේෂණය සඳහා කරන දායකත්වය වෙනස්. එතනදි පරයේෂණයට හා පර්යේෂණ පත්‍රිකාවට ඔහුගේ/ඇයගේ නම සඳහන් කිරීමේ වැරැද්දක් නැහැ. සාමාන්‍ය academic practice එක එහෙමයි.

    ReplyDelete
  7. 8-}
    නොදන්නා දෙමළෙට ගිහින් වරිගෙ නහගන්නට බැරි නිසා පසෙකට වෙමි....

    කාලෝචිත මාතෘකාවක් කියන එක නම් වරිගෙ නැහුණත් කියන්ඩ ඕන...

    ReplyDelete
  8. සාධාරණයි. යම් කිසි නිර්මාණයක අයිතිය තීරණය වෙන්නෙ එම නිර්මාණය කල කෙනා බැඳී සිටින ගිවිසුම් අනුවයි. කිසියම් ආයතනයක පූර්ණ කාලීන රැකියාවක යෙදී සිටින අයෙක් කරන නිර්මාණ වල අයිතිය එම ආයතනය සතු වෙනවා. උදා: ගෘහ නිර්මාණ ශිල්පියෙකුට බොහෝ විට තමාගේ සැලසුම් වලට පේටන්ට් අයිතියක් නැත.

    ReplyDelete
  9. සදාචාරමය අයිතිය මොකක් වුනත් ඒ ඒ අවස්ථාවට අදාල විදියට නිර්මාණවල අයිතිය වෙනස් වෙනවා.එය සමහර අවස්ථා වලදි අසාධාරණයි.
    නමුත් සිංදුවක් ඉදිරිපත් කරන්නෙ ගායකයා වුනත් එහි අයිතිය රචකයා සතුයි. ඒ වුනත් සමහර ගීත ගායකයාගේ හැකියාව නිසාම රසිකයන් අතරට යනවා. වෙනත් ගායකයෙකු ඉදිරිපත් කලොත් ඒ ගීතය ප්‍රසිද්ද නොවීමටත් පුලුවනි. එතැනදි එම අයිතිය පදරචකයා, තනු නිර්මාපක හා ගායක යන තුන් දෙනාට සමසේ බෙදී යා යුතුයි.

    ReplyDelete
  10. @පිටස්තරයා: නමුත් සමහර අවස්ථා වලදි පීඨාධිපති වරයා හෝ second marking වෙනුවෙන් යවපු, වෙනත් විශ්ව විද්‍යාලයක කෙනෙක් පේටන්ට් ගත්තු අවස්ථා ත් තියෙනවා...

    ReplyDelete
  11. මාතෘකාව නම් වටිනවා. විද්‍යා විෂයන්වල විතරක් නෙමේ කලා අංශයේ උපාධිවලත් ශිෂ්‍යයන් අමාරුවෙන් කරන පර්යේෂණවල සාරය අරගෙන තමන්ගේ වැඩ කටයුතු කරගන්න දේශකවරු ඉන්න බවයි කියන්නේ

    ReplyDelete

තාරා ගේ වගතුග..

My photo
තරු ගොඩක් මැද දිදුලන්න වෙර දරන පුන්චි තාරකාවක්...