topbella

Friday, August 5, 2011

ඇනෙලීඩා නම් පර්සියන් පූසා...


මේක නම් එළව එළවා කෑමක් සෙට් වෙන වැඩක්.. අදින් පස්සෙ මගේ බ්ලොග් එක ලියන එක නැවතුනොත් හිතාගන්න සතා මාව ඌරා කපනවා වගේ කපලා කියලා...

බෝඩිමේ සත්තු 4 දෙනෙක්ම ඉන්නවනේ... ඒ 4දෙනාම කියපුවා තමයි මේ. මම සතා1, සතා2, සතා3, සතා4 කියලා පාවිච්චි කරන්නම්.

මේවා අපේ සතාගේ පණ්ඩිත වාක්‍ය කීපයක්...

-------------------------------------------------------------------------------------------------


සතා1: චතූ..... ලයිබ්‍රියෙ සිංහල පොත් නෑ බං. මොකක්දෝ එකක් තියෙනවා හීනෝන්මාදය කියලා...
(හීනෝන්මාදය = හිතෝපදේශය)

-------------------------------------------------------------------------------------------------


සතා1: මේ... operon කියන්නෙ මොකක්ද?
සතා2: ඒ ජාන පිහිදාලා දාන එකක්ද කොහෙද, duster of gene කියලා තියෙන්නෙ....
(duster of gene = cluster of gene)

-------------------------------------------------------------------------------------------------

පේපර් එකක,
ක්‍රියේටිව් සතා: they behave as ranchu.... (රංචු)

-------------------------------------------------------------------------------------------------


දැන් එන්නම්කෝ පර්සියක් පූසගෙ කතාවට...

ඒක දවසක් අපේ සත්තු 2 නෙක් තමන්ට නියමිත විදිහට උයන්න ලෑස්ති උනාලු.. මේ දෙන්නා මොනවදෝ මන්දා එළවළුවක් සුද්ද කර කර ඉන්නකොට ඒකෙ ඉඳලා පණුවෙක් අහු උනාලු. පස්සෙ ඉතින් පණුවා අයින් කරලා උයලා එහෙම කන්න ලෑස්ති වෙනකොට පනුවව මතක් උනාලු.. දැං කන වෙලාවෙ පණුවො මතක් කරන්න හොඳ නෑනෙ.. ඉතින් ඒක විද්‍යාත්මකව කිව්වා "අද මේවයෙ ඉඳලා අපිට ඇනෙලීඩාවෙක් හම්බුනා කියලා".

අපේ ක්‍රියේටිව් සතාගෙ වැඩේ කන්න ගියත්, පාඩම් කරන්න ගියත් අපිත් එක්ක කතා කර කර හිටියත් එයාගෙ ප්‍රේම කුරුල්ලාට මැසේජ් කොටන එක තමයි. ඕවා කොට කොට ඉඳලා අපි කියන දේවල් බාගෙට අහගෙන ඊටපස්සෙ පිස්සු නටනවා... මේ පාරත් ඒ වගේ වැඩක් තමයි උනේ...

අර ඇනෙලීඩා කතාව කියද්දිත් බාගෙට අහගෙන ඉඳලා එකපාරට අහනවා.. ඒ කවුද බන් ඇනෙලීඩා කියන්නෙ කියලා.. මේකා ඒ ලෙවල් වලට බයෝ කරලා තියෙන්නෙත් මෙහෙ ඉගෙනගන්නවා වගේමද කොහෙද...

අපි: ඒ පර්සියන් පූසො ජාතියක්නේ... ඔයා අහලා නැද්ද?
අර පොඩ්ඩක් රෝස පාට, ටිකක් දිග, අද (මට එළවළුව මතක නෑ.. අපි මෑ කරල් කියලා හිතමු) මෑ කරල් වල ඇනෙලීඩාවෙක් ඉඳලනෙ...

මෙයත් ටිකක් වෙලා උඩ බිම බලලා හා කියලා ආපහු කන්න පටන් ගත්තා. අපිට පුදුමයි. වෙනදට මෙයා කන වෙලාවට කවුරු හරි ඊයා කිව්වත් කෑම නවත්තන එක්කෙනා පණුවෙක් ඉඳලා කිව්වත් හොඳට කනවා... අපි දවස් ගානකට පස්සෙ තමයි දැනගත්තේ ඕක ගැන ආපහු කතා කරනකොට... මේකා එතකන්ම හිතාගෙන ඉඳලා තියෙන්නෙ ඇනෙලීඩා කියන්නෙ ඇත්තටම පර්සියන් පුසෙක් කියලා..

මැසේජ් කොටනකොට මේකගෙ මොලෙන් බාගයයි මේ පැත්තෙ තියෙන්නෙ. අනික් ටික මැසේජ් එකේ.. හි හි හි...

අද සත්තු ටික ෆීල්ඩ් විසිට් එකක් ගිහින් නිසා මම හැංගිලා මේක ලියන්නෙ.. අහු උනාම මම ඉවරයි.... කොක්කෙ එල්ලලා ඉඳියි...

10 comments:

  1. හික්ස්..ඔයාගේ සත්තු ටිකනන් මරේ මරු...

    ReplyDelete
  2. හිටින්කෝ මම් සත්තු ටික ආවම කියන්න. එතකොට තාරා දිවංගත තාරා වෙයි. හික්ස් :))
    කෝමද වැඩේ. මම් ආසම ඔයාලෑ බෝඩිමේ ඉන්න ක්‍රියේටිව් සතාට. එයා නැත්නම් බෝඩිමම පාලුවට යනවා.

    නියම සතෙක්. මේ සතාගේ ඔහොම කතා දිගටම ලියන්න. කියවන්න ආසයි.

    ReplyDelete
  3. ඒ ඔයා තාරාවෙක්ද. සතෙක් කියපු හන්දා ඇහුවෙ. හික්ස්.

    ReplyDelete
  4. හෙහෙ මරු සත්තු ටිකක්නේ.
    (අනිත් සත්තු ටික නම් දන්නෙ නැ.මම් ඔයාවනම් දන්නව :) )

    අපේ එකෙකුත් හිටියා මල් කඩ කඩා යද්දි අතේ තියන පොත් පවා බිම හැලෙනව,ඒවල ගානක් නැතුව හිනාවෙවි කතා කර කර යනවනේ.

    ReplyDelete
  5. හරේ තාරට බඩු හරේ.... තව දවස් දෙක තුනකින් පෝස්ට් එකක් දායි...

    සත්තු ටික මාව හපා කා .. මා හතරේ වාට්ටුවේ කියලා....

    ReplyDelete
  6. වැඩේ හරිය!!! චතුවා මට පළමු අනතුරු ඇඟවීම කලා... ඒකත් මේ පෝස්ට් එක දැකලා නෙමෙයි... අර ග්‍රීස් යකාගෙ පෝස්ට් එක මතක් වෙලා... මේක දැක්කොත් මම ඉවරයි...
    මට කිව්වා...
    "මොනා උනත් උඹ ඔය බෝඩිමේ උන්ට මඩ ගහන එක නවත්තපං!!!!!!!!!!!!!" b-(

    ReplyDelete
  7. හෙහේ... මරු කතා ටික..ඔය මඩ වලට එල්ලුවේ නැත්නම් තමා පුදුම තාරා අක්කේ..

    ReplyDelete
  8. උඹ ගෙම්බට කරපු එකෙ රිටර්න් එක කවද හරි උඹට ලැබෙන්නත් එපැයි...හිකිස්..තාම ලගින් යන කොට ගෙඹි ගදක් එනව...එක්කො එක නම් කැලනිතිස්සය ලගින් එනවද මන්ද?

    ReplyDelete
  9. @පැන්ඩා: ඒක ඕගල්ලන්ගෙ බෝඩිමේ ගඳක්... =))

    ReplyDelete
  10. සත්තු වත්තක් වගේ :D

    ReplyDelete

තාරා ගේ වගතුග..

My photo
තරු ගොඩක් මැද දිදුලන්න වෙර දරන පුන්චි තාරකාවක්...