topbella

Thursday, July 28, 2011

රෝස කුසුම...


සිතා සිටිය මුත් රකිනට හදෙහි තියා
පරවී ගියෙ කිමද සිටියදි දෙනෙත් අයා
ඔබේ කණ්ට පහරින් වූ රිදුම තියා
අමතක වීද මා වැන්නෙක් සිටිය නියා...


ප. ලි. චතුවා බණ්ඩාරවෙලින් ගෙනත්, දවස් ගානක් වතුර එකක දාලා තියාගත්තු රෝස මල අද පරවෙන්න ළං වෙලා නිසා මගේ වියළි මල් එකතුවට ලැබුනා...

10 comments:

  1. රැකගත් නමුත් මා ඔබගේ හදෙහි තියා
    පරවී ගියා ලෝ දහමේ අගය කියා
    වෙන්වී ගියත් හද පතුලේ රිදුම් තියා
    අමතක නොවේ ඔබ වැන්නෙක් සිටිය කියා!

    ඔන්න ඔහොමයි මට හිතුනෙ! :)

    ReplyDelete
  2. රෙස්ලින්. lk නිහඩ ව් නැත තවමත් ..............

    ReplyDelete
  3. අගේ ඇති රෝසමලක්. ඔයා ඔය විදිහේ මල් වේලලා එක එක නිර්මාණ කරනවද ?
    දවසක අපිටත් පේන්නම ඒ ටිකක් පෝස්ට් වල දාන්න බැයිද ?

    ලස්සන කවි අදහසක්.මට නම් හිතෙන්නේ අමතක වෙන්නේ නැති වෙයි කියලා. මොකද කනට පාරකුත් ගහලනේ. හික්ස් :)

    @රෙස්ලින්.lk :
    ඇයි මල්ලි ඔහේ ආවා කියලා අපිට පාං ද !!!

    ReplyDelete
  4. මා ගාවත් තිබ්බා වේලලා එකතු කරපු රෝස පෙති හෙන ගොඩාක්. අඩේ ඒ ටික කොහෙද මන්දා. හොයන්න ඕනෙ.

    ReplyDelete
  5. @ සුමින්ද: බොහොම ස්තුතියි කවියට... :)

    @ මධුරංග: මල් නම් වේලනවා... ආසාවට එකතු කරනවා මිසක් නිර්මාණ නම් කරලා නෑ..;;)

    අපො කනට පාරක් නෙමෙයි... කණ්ට කියන්නෙ කටු... 8-} වැඩක් නෑ වැඩක් නෑ... ඉංජිනේරුවෙක් උනාට ඒකෙ තේරුම වත් දන්නාඑ... හූ...........=))

    ReplyDelete
  6. @ පිනිබිඳු: හි.... ඔයාටත් තියෙන්නෙ මට තියෙන පිස්සුමයි නේද? ;))

    ReplyDelete
  7. ලස්සන කවියක්...මල් එකතු කරලා විතරක් මදි..ලස්සන නිර්මානත් කරන්න ඕනා.. එතකොට සතුට දෙගුණ තෙගුණ වෙනවා..

    @මධුරන්ග
    ඇද්ද...හික් හික්

    ReplyDelete
  8. @අසනි: හ්ම්ම්ම්... මම ට්‍රයි කරන්නම්කෝ නිර්මාණත් කරන්න...

    (මධුරංග: =)) )

    ReplyDelete
  9. අඩේ ඔය වැඩේ මරු විනෝදාංශයක්.
    අපේ අම්ම ඉස්සර මට වේලපු මල් වලින් පොතක් හදලා දීලා තිබුනා...

    දැන් නම් කොහේ තියෙනවද දන්නේ නෑ....

    ReplyDelete
  10. @මාළුවා: වේලපු ගල් මල් ද? :))

    ReplyDelete

තාරා ගේ වගතුග..

My photo
තරු ගොඩක් මැද දිදුලන්න වෙර දරන පුන්චි තාරකාවක්...